උඹ රේට් කරල තියෙන විදිහෙන් මට හිතෙන්නෙ උඹට සෙට් වෙන්නෙ Rotten Tomatoes හෝ සමහරවිට IMDB ම තමයි කියල.
commercial, independent, cult, arthouse ධාරා පරාසයෙන් කොයිතරම් පදාසයක් රුස්සනවද කියන එක උඩ තමා නේ මොන සයිට් එකකට යනවද කියල හිතන්න වෙන්නෙ. ඒත් එක්කම ඒ සයිට් වලදි මුනගැහෙන සිනමා සගයොන්ගෙ රේන්ජ් එක මොනවගේද කියන එක.
රේන්ජ් එක තමයි ක්‍රයිටේරියා එක, ඒක මැච් වෙන සමූහයක් හොයාගන්නවනම් ඔයාට අලුත් දේවල් වැඩි වැඩියෙන් හම්බ වෙනව. ඇරත් අනිත් අයගෙ ඔපීනියන් විශ්වාස කරන්න පුලුවන්.
තමන්ගෙ මිනිස්සු හොයාගන්න එක තමයි තියෙන්නෙ. මට මගේ ඔන්ලයින් කම්‍යුනිටි එක ලැබුනෙ Letterboxd වල. එයාල ඔය ඔක්කොම බලනව තද tentpole චිත්‍රපටි වලට අඩු බරක් දීල. ඕනෙම දේ, මාරම හොඳ ලිස්ට් curate වෙලා තියෙනව.