මේ වගේ වාසනාවක් නැද්ද ස්වර්ගයට උබලට ලැජ්ජයි උබලා ගැන
මක්කම තදබදයෙන් මියගිය සංඛ්‍යාව 4000 පනී
හජ් වන්දනාව අතරතුර ඇතිවූ තදබදයෙන් මිය ගිය සංඛ්‍යාව 4173ක් දක්වා ඉහළ ගොස් ඇති බව සවුදි රජයේ ආරංචි මාර්ග විසින් වාර්තා කර තිබේ.
පසුගියදා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සවුදි අරාබියානු නියෝජ්‍ය සෞඛ්‍ය ඇමති හමාඞ් බින් මුහම්මද් අල් ඩුවෙයිලා පවසා ඇත්තේ වන්දනාකරුවන් 4173ක් මියගිය බවට දැක්වෙන ඡයාරූපයක් තමන් අතට පත්වූ බවයි.
අධික උෂ්ණත්වය නිසා විජලනයට පත්වීමත් හුස්ම හිරවිමත් මෙම මරණයන්ට ප‍්‍රධාන හේතූන් බවද සවුදි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වැඩිදුරටත් පවසා තිබේ.
කෙසේවෙතත් පසුව සවුදි අරාබියානු රජය විසින් මෙම වාර්තාව ප‍්‍රතික්‍ෂේප කළ බව පැවසේ.
සැප්තැම්බර් 24වනදා ශුද්ධවූ මක්කම ආසන්නයේ පිහිටා ඇති මින්ඩා නගරයේදී හජ් චාරිත‍්‍රයක්වූ යක්‍ෂයාට ගල් ගැසීම සඳහා ගමන් කරමින් සිටි වන්දනාකරුවන්ගේ විශාල කණ්ඩායම් දෙකක් එකිනෙක ගැටීමෙන් මෙම තෙරපීම සිදුවූ බව වාර්තා වී ඇත.
මේ අතර ඉරානයේ හජ් සහ වන්දනා සංවිධානයේ ප‍්‍රධානි සයීඞ් ඔහාඩි පවසා ඇත්තේ ඉරාන වන්දනාකරුවන් 239ක් මෙම සිදුවිමෙන් මියගොස් ඇති බව මෙතෙක් තහවුරු වී ඇති බවයි.
තවත් 14 දෙනෙකු තුවාල ලබා ඇති බවත් ඉරාන ජාතිකයින් 241ක් තවමත් අතුරුදන්ව සිටින බවත් ඔහාඩි පවසා තිබේ.