උල්කාවක්

ishan_s

Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    උල්කාවකට බයවූ Ultra HD රූපවාහිනී වීඩියෝව

    චිලී රාජ්‍යයේ LG ඉලෙක්ට්‍රොනික් සමාගමට සේවකයන් බඳවාගැනීමේ සම්මුඛ සාකච්ජාවකදී අහසින් පැමිණෙන උල්කාවකට බයවී පුටු යට රිංගාගන්නා වීඩියෝවක් (Prank Video) මේ දිනවල අන්තර්ජාලයේ ඉතා ජනප්‍රිය වී තිබෙනවා.

    සම්මුඛ සාකච්ජාව පැවැත්වෙන කාමරයේ ජනේලයක් ලෙස පෙනෙන අයුරින් Ultra HD රූපවාහිනියක් සවිකර තිබෙන අතර අයදුම්කරුවන් සිතන්නේ එය ජනේලයකින් එළිය පෙනෙනා ලෙසය.

    එක්වරම විශාල ශබ්දයක් සහිතව උල්කාවක් කඩා වැටෙනු ජනේලයෙන් දකින අයදුම්කරුවන් මේස පුටු යට රිංගා ගන්නේ eම රූපවාහිනී තිරයේ දසුන් සැබෑ ඒවා ලෙස වරදවා වටහාගැනීමෙන්ය.





    Ultra HD යනු රූපවාහිනී ලෝකයේ නවතම තාක්ෂණයයි.

    Full HD රූපවාහිනී වල ඇත්තේ දිගින් හා පලලින් 1080x1920 ප්‍රමාණයේ පික්සල් ය. අලුතෙන්ම පැමිණෙන තාක්ෂණය Ultra HD හෙවත් 4K රූපවාහිනී වල එමෙන් එමෙන් දෙගුණය බැගින් හෙවත් 2160x3840 ප්‍රමණයේ පිසල්ය.

    එනම් Full HD රූපවාහිනියක මෙන් 4 ගුණයක් Ultra HD රූපවාහිනියක රූප පැහැදිලිය. නමුත් එය සිදුවන්නේ එම ප්‍රමාණයේ පික්සල් සහිත වීඩියෝවක් බැලීමේදී පමණි.

    අඟල් 84 ප්‍රමාණයේ Ultra HD රූපවාහිනී මේ වනවිට Sony හා LG සමාගම් විසින් වෙලඳපොලට නිකුත් කර තිබේ. ඒ Sony XBR-84X900 හා LG 84LM9600 ය.



    4K_UltraHD-33000lk-+(1).png


    4K_UltraHD-33000lk-+(2).jpg


    4K_UltraHD-33000lk-+(1).jpg
     
    • Like
    Reactions: HANDY.MERLIN

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ඕක ඕකුන්ගේ Ad එකක්. ඔය වගේම Ad එකක් කරා Lift එකක් ගැන දැන් මාස කිහිපයට කලින්.