උල්_හෙල්මට් කල්ලිය

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    උල්_හෙල්මට් කල්ලිය

    උල් සවිකළ 'හෙල්මට් කල්ලිය'


    හිස් ආවරණයක තියුණු උල් සවිකර බරපතල අපරාධ සිදු කර ඇතැයි කියන සැකකරුවන් දෙදෙනෙකු වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා.

    මුහුණු ආවරණය සහිත හිස් ආවරණයේ ඉදිරිපස සිට පිටුපස දෙසට හරි මැදින් සවි කර ඇති සුදු යකඩින් සකස් කරන ලද අඟල් 1.5ක් පමණ පිටතට සිටින සේ සකස් කර ඇති තියුණු උල් 11ක් මෙහි සවි කර තිබේ.

    මෙවැනි උල් සහිත හිස් ආවරණයක් පොලිසිය විසින් සොයාගෙන ගෙන ඇති ප්‍රථම අවස්ථාව මෙය බව කියයි.

    ඇල්පිටිය පොලිස් බළ ප්‍රදේශයෙන් සොරකම් කරන ලද කාන්තා යතුරුපැදියක් සමග කොළඹ හා වැලිකඩ ප්‍රදේශයේ ගැවසෙමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී බරපතල තුවාල සිදු කළ හැකි සියුම් උල් සහිත හෙල්මටයක් යතුරුපැදි ධාවකයා පැළද සිටි බව පොලිසිය කියයි.

    ඇල්පිටිය පොලිස් බළ ප්‍රදේශයේ නැති වූ යතුරුපැදිය සම්බන්ධයෙන් පොලිස් ස්ථාන දැනුවත් කර තිබිණි.

    ඒ අනුව මෙම යතුරු පැදිය හා සැකකරුවන් වැලිකඩ පොලිස් රථවාහන අංශයේ නිළධාරීන් දෙදෙනෙකු විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    රන් භාන්ඩ පැහැර ගැනීම, මහජන දේපළ පැහැර ගැනීම වැනි සොරකම් රැසක් සම්බන්ධයෙන් මෙම සැකකරුවන් පොලිසියට අවශ්‍යව සිටින පුද්ගලයන් බවද ඇල්පිටිය පොලීසිය කියයි.


    121049-DSC07350.jpg


    121049-DSC07351.jpg


    121049-DSC07352.jpg


    121049-DSC07353.jpg


    121049-DSC07354.jpg
     
    • Like
    Reactions: djnick

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ආර්යා ස්ටාක් වගේ එකෙක්ට අහුවෙන්න ඕනෙ ඕව දාං ගිහිල්ල හෙල්මට් එක ගලෝල ඇස් දෙකට ඇනල හෙල්මට් එක ඔළුවටම දාල හිමීට බෙල්ල කපයි :baffled: :baffled:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,269
    32,006
    113
    il_570xN.205742932.jpg


    s-l1000.jpg


    මෙහෙ පොලීසියෙ උන්ගෙ පැහැදිලි ඊරිසියාව.:growl: ඉතිං උන්ට මේව magic වගේ. :P:rofl:
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,155
    2,408
    113
    උ දන්නේ නැතුව ඇති මෙහෙම නීතියෙක් ඇති කියල.
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :lol::lol::lol::lol::lol:
    ආර්යා ස්ටාක් වගේ එකෙක්ට අහුවෙන්න ඕනෙ ඕව දාං ගිහිල්ල හෙල්මට් එක ගලෝල ඇස් දෙකට ඇනල හෙල්මට් එක ඔළුවටම දාල හිමීට බෙල්ල කපයි :baffled: :baffled:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පොලිස් බල්ලොන්ට ඉතිං මේක හරි ලොකු ඇති..
    සොන්නයො ඇල්ලුවොත් අල්ලන්නෙ ඔය වගේ එකෙක්ව තමයි..

    කෙල්ලෙක්, පොඩි එකෙක් රේප් කරලා පැනලා ගියපු එකෙක් අල්ලගගන්න බෑ.. මිනිහෙක් මරපු එකෙක්ව අල්ලගන්න බෑ.. මැරිච්ච එකාගෙ ගෙවල් හතර වටේ ඉන්න උන්ව කුදලගෙන ගිහින් ඇදුම් ගලවලා පිංතුර අරන් පොරවල් වගේ මීටියා වලට කියලා අපරාධකාරයා ඇල්ලුවා කියලා උගෙ චරිත ගාතනය කරනවා.. ඒපාර නිර්දෝෂියි කියලා එලියට දානවා.. උන් අපරාධකාරයා අල්ලනකොට ඌ නාකි වෙලා රූපෙත් වෙනස් වෙලා..:lol:
     

    Similar threads