උල්_හෙල්මට් කල්ලිය
හිස් ආවරණයක තියුණු උල් සවිකර බරපතල අපරාධ සිදු කර ඇතැයි කියන සැකකරුවන් දෙදෙනෙකු වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා.
මුහුණු ආවරණය සහිත හිස් ආවරණයේ ඉදිරිපස සිට පිටුපස දෙසට හරි මැදින් සවි කර ඇති සුදු යකඩින් සකස් කරන ලද අඟල් 1.5ක් පමණ පිටතට සිටින සේ සකස් කර ඇති තියුණු උල් 11ක් මෙහි සවි කර තිබේ.
මෙවැනි උල් සහිත හිස් ආවරණයක් පොලිසිය විසින් සොයාගෙන ගෙන ඇති ප්‍රථම අවස්ථාව මෙය බව කියයි.
ඇල්පිටිය පොලිස් බළ ප්‍රදේශයෙන් සොරකම් කරන ලද කාන්තා යතුරුපැදියක් සමග කොළඹ හා වැලිකඩ ප්‍රදේශයේ ගැවසෙමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී බරපතල තුවාල සිදු කළ හැකි සියුම් උල් සහිත හෙල්මටයක් යතුරුපැදි ධාවකයා පැළද සිටි බව පොලිසිය කියයි.
ඇල්පිටිය පොලිස් බළ ප්‍රදේශයේ නැති වූ යතුරුපැදිය සම්බන්ධයෙන් පොලිස් ස්ථාන දැනුවත් කර තිබිණි.
ඒ අනුව මෙම යතුරු පැදිය හා සැකකරුවන් වැලිකඩ පොලිස් රථවාහන අංශයේ නිළධාරීන් දෙදෙනෙකු විසින් අත්අඩංගුවට ගෙන ඇත.
රන් භාන්ඩ පැහැර ගැනීම, මහජන දේපළ පැහැර ගැනීම වැනි සොරකම් රැසක් සම්බන්ධයෙන් මෙම සැකකරුවන් පොලිසියට අවශ්‍යව සිටින පුද්ගලයන් බවද ඇල්පිටිය පොලීසිය කියයි.
උල් සවිකළ 'හෙල්මට් කල්ලිය'

ඉතිං උන්ට මේව magic වගේ. 