උසභමිත්ත රජතුමා – අටුවා රසකතා

vinuga

Well-known member
  • Dec 16, 2014
    1,046
    1,557
    113
    උසභමිත්ත රජතුමා – අටුවා රසකතා

    උසභමිත්ත රජතුමා – අටුවා රසකතා

    වළගම්බා රජ දවස ලක්දිව ‘බැමිණිතියා’ නමින් දොළොස් අවුරුද්දක් පුරා දුර්භික්ෂයක් පැතිර ගියේ ය. ජනපද වැසියෝ ද ගම් වැසියෝ ද යන සියල්ලෝ ම කඳුකරයට පිවිසියාහ. ඔවුහු කොළ වර්ග කමින් ජීවත් වූහ. ක්‍රමයෙන් ඒ සාගතය පහ වී ගිය පසු මිනිසුන් සිය ගම් දනව් කරා පැමිණි කල විනාශ වී ගිය තම ගෙවල් දොරවල් දක්නට ලැබිණි.

    ඔවුහු ගෙවල් පිළිසකර කර ගැනීම සඳහා ලී දඬු ද වහල සෙවිළි කරන තණ පත් ආදිය ගෙන අවුත් ඒවා පිළිසකර කර ගත්හ. එක් ගම්මුලාදෑනියෙක් ලී දඬු ආදිය සපයා ගෙනැවිත් පරණ ආපන ශාලාවක් ඉදිරිපිට එක් කණුවක් මත ගෙයක් තැනවී ය. අන් අය ද එය දැක එක් කණුව බැඟින් සිටුවා ගෙවල් තැනූහ. ඒ සියල්ලෝ ම එක්ව ආපන ශාලා භූමියෙහි ළිඳක් ද කැපූහ.

    ගම්මුලාදෑනියා ගොනෙකුගේ රූපයක් තනා ඒ රුවෙහි බෙල්ලේ බැඳි වටිනා වස්ත්‍රයකින් රූපය වසා ආපන ශාලාවට පැමිණ සංඝයාට පූජා කරමින් “ස්වාමීනී, මේ ගොනා බෙදාගෙන පරිභෝග කළ මැනවි. එයට වටිනා මිල මම ගෙවමි. වස්ත්‍රය සිවුරු පිණිස වේවා, රූපය තැනීමට ගත් හණ රෙදි ද ලී දඬු ද ඔබ වහන්සේලාගේ ප්‍රයෝජනය සඳහා වේවා!” යි කීවේ ය.

    කලකට පසු ගම්මුලාදෑනියා මරණයට පත් වී දඹදිව පාටලීපුත්‍ර නගරයේ ධනවත් පවුලක උපන්නේ ය. ඔහුගේ මවගේ ඇඳේ හිස පැත්තෙන් සත් රුවනින් සැදි ගොන් රුවක් පොළොවෙන් මඳක් මතු වී තිබුණි. කුසෙහි දරුගැබ වැඩෙන්නා සේ මේ ගොන් රුව ද දිනපතා වැඩිණි. කුමරා මව් කුසින් නික්මෙන විට ගොන් රුව ද පොළොවෙන් සම්පූර්ණයෙන් මතු විණි. ගොන් රුව සමඟ උපන් නිසා ඔහුට ‘උසභමිත්ත’ යැයි නම තැබිණි.

    ඔහුගේ මව භාජනයක් ගෙන ගොන් රුව අසලට ගොස් ‘ඉතින් මාගේ පුතාගේ පින නිසා හටගත්තේ නම් සත් රුවන් වගුරුව.’ යි කීවා ය. එවිට ගොන් රුවෙන් සත් රුවන් වැගිරී භාජනය පිරී ඉතිරී ගියේ ය. මෙසේ වෙසමුණි රජුගේ භද්‍රඝටය ලැබුණු කලෙක මෙන් ඔවුන්ට සම්පත්වලින් හිඟයක් නො වී ය.

    කුමරා ක්‍රමයෙන් වැඩී එක් දිනක් උයන් කෙළියට යනු කැමති විය. උයනටත්, ගෙටත් අතරෙහි සත් රුවන් මණ්ඩපයක් මැවිණි. උයනට යන කුමරා සාර මාසයක් ඒ මණ්ඩපයෙහි වසයි. ආපසු හැරී එන විට ද සාර මාසයක් සත් රුවන් මඩුවෙහි වාසය කරයි. ඔහු සිය නිවසට පැමිණ “සත් රුවන් මණ්ඩපයේ යම් කිසි දෙයක් ගන්නට කැමති නම් ඒවා ගනිත්වා” යි මිනිස්සුන්ට කියයි. මිනිස්සු තමන් කැමති කැමති දේ ගෙන ගොස් ඔවුහු ද ධනවත් වූහ. ඔවුහු උසභමිත්තගේ වර්ණනාව කියන්නට වූහ. රජතුමාට මේ ගුණ කතාව අසන්නට ලැබී උසභමිත්ත මරවන්නට අදහස් කොට ඇමතියන්ගෙන් ඒ පිළිබඳ ව ඇසී ය.

    “ඔහු මරන්නට නොහැක” යැයි ඇමතියන් කී විට රජ ‘ඔහු උයනට ගිය විට ඔහුගේ මව්පියන් සිර කරවන්නෙමි’යි සිතා ඒ කාලය පැමිණි විට ඔවුන් සිරභාරයට ගන්නට අණ කළේ ය.

    උසභමිත්ත උයනට ගොස් ආපසු පැමිණි විට සිය මව්පියන් නොදැක ආරක්ෂකයන්ගෙන් විචාරා රජු විසින් සිරකරවන ලදැයි දැනගෙන සංවේගට පත් වී “මගේ මව්පියන් සිර කිරීමට සමතෙක් මෙලොව ඇද්දැයි” කියමින් තමන් ගෙල බැඳ තිබූ පූන නූල රැගෙන මිරිකුවේ ය.

    ඒ මොහොතේ ඒ රජු බිම වැටී පෙරලෙන්නට විනි. වෙද්දු රජුට ප්‍රතිකාර කළ නමුත් එම පිළියම්වලින් රජුට කිසිම සුවයක් නොලැබුණි. රජතුමා කාරණය දැනගෙන උසභමිත්තගේ දෙමව්පියන් නිදහස් කළේ ය. රටවැසියන්ට මේ කාරණය දැන ගන්නට ලැබී උසභමිත්තගේ නිර්දෝෂී දෙමව්පියෝ සිරකරන ලදැයි කිපී දඬු මුඟුරු ගෙනවිත් රජු මරා කවරෙක් අපගේ රජ වන්නේ දැයි උද්ඝෝෂණය කළෝ ය. ජනපදවැසියෝ ද ගම්වැසියෝ ද එක් වී “වෙනෙකෙකුට මෙහි රජකම් කිරීමට නො හැකි ය. වෘෂභමිත්‍රයා රජ කරවිය යුතුය” යි කියා එසේ කළහ. ඔහු දැහැමින් රාජ්‍යය කොට තෙරුවන් පුදා මරණින් පසු දෙව්ලොව උපන්නේ ය.

    ඇසුර: සීහල වත්ථු

    සටහන: මානෙල් පොඩිමැණිකේ

    අටුවා රස කතා

    ‘අටුවා රසකතා’ කසාවත පෙරෙවි කාන්තාව

    උසභමිත්ත රජතුමා – අටුවා රසකතා

    හීරලු සොරා – අටුවා රස කතා

    අධාර්මික රජතුමා – අටුවා රසකතා

    රහත් ඵලය ලැබූ තරුණ හිමිනම – අටුවා රස කතා

    බුදුරජාණන් වහන්සේගේ කටහඬ – අටුවා රස කතා

    බහුභාණ්ඩික බව

    ගුරු භක්තිය

    සම්භෝග සංසර්ගය නිසා වෙච්ච විපත

    අටුවා රස කතා -ධ්‍යානයෙන් පිරිහුණු සාමණේර හිමි

    අටුවා රසකතා – මිලක්ඛතිස්ස තෙරණුවෝ

    ‘අටුවා රසකතා’- සුළුගුළු උපාසකතුමා

    ශ්‍රද්ධාසුමන තෙරුන් වහන්සේ

    සාලිය අසෝකමාලා

    යකඩ තහඩුවෙන් වැසුනු ප්‍රේතයෙක්

    කරපිටදී ම රහත් වෙයි

    දුගී ගොවියා

    දිවි පරදුවට තබා කෙලෙස් නසති

    සොරු පරිත්‍යාග ලබති

    නිහඬ බව රකිති මුනිවරු…
    RECENT POST

    අවසන් නෞකාව

    දරුවන් පිළිබඳ දෙමාපියන්ගේ වගකීම

    අනගාරික ධර්මපාලතුමා අද සිටියා නම් මෙසේ කියාවී….

    සතර අපායෙන් මුදවන උතුම් සෝතාපත්ති අංග

    සරණාගමනය

    Lord Buddha – Wonderful and Marvelous

    යසෝදරා

    පසු තැවෙන්න එපා! – පව් නැති කර ගන්න විදිහක් මෙන්න…

    ලෝකෝපකාරය

    සම්බුද්ධත්වය හා ගෞතම බුදුරජාණන් වහන්සේ

    ධාතු පරිනිර්වාණය සිදුවන ආකාරය

    ප්‍රඥා, සීල, සමාධි ද ? සීල, සමාධි, ප්‍රඥා ද?

    උතුම් බඹසරක පින විපාක දෙන හැටි

    අපගේ ශාස්තෘන් වහන්සේගේ අසිරිමත් බුදුබණ

    ධර්මය – අධර්මය තම නුවණින් ම තෝරා බේරාගැනීමට නම්…

    පින, උත්සාහය සහ නිවැරදි ප්‍රතිපදාව

    කට පරිස්සම් කර ගැනීම

    ඒ උත්තම පැවිද්ද ගැන පවසමි හඬ නගා ලොවට…

    පිරිනිවන් පෑ බුදුරජුන්ගේ ශ්‍රී දේහය ආදාහනය කළ ආකාරය

    සුසුම් පොදින් නිවන කරා – ආනාපානසති භාවනාව
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    වැසියෝ ද එක් වී “වෙනෙකෙකුට මෙහි රජකම් කිරීමට නො හැකි ය. වෘෂභමිත්‍රයා රජ කරවිය යුතුය” යි කියා එසේ කළහ.

    15.gif


    හත්තිලව්වයි... බලහංකො ඒකෙත් හැටි...
    අද කියලත් වෙනසක් නෑ ආයිබෝං...
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,864
    8
    35,450
    113
    වැසියෝ ද එක් වී “වෙනෙකෙකුට මෙහි රජකම් කිරීමට නො හැකි ය. වෘෂභමිත්‍රයා රජ කරවිය යුතුය” යි කියා එසේ කළහ.

    15.gif


    හත්තිලව්වයි... බලහංකො ඒකෙත් හැටි...
    අද කියලත් වෙනසක් නෑ ආයිබෝං...

    Quite true,, I also thought the same thing. Just forget the mithra part...
    The real problem is we have 225.:angry:
    (we will ignore your twist for the name)
     
    Last edited: