උසස් පෙළත් ඇන ගනී

cadruwan

Junior member
  • Feb 12, 2007
    30
    0
    6
    උසස් පෙළත් ඇන ගනී

    අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ අද පැවැති භෞතික විද්‍යා විෂයයට අදාලව ගම්පහ තක්ෂිලා විද්‍යාලයට ප්‍රශ්න පත්‍ර නියමිත ප්‍රමාණය ලැබී නොමැති බව වාර්තාවේ. ඒ හේතුවෙන් ප්‍රශ්න පත්‍ර ඡායාපිටපත්කර ලබා දීමට විභාග ශාලාධිපතිවරයාට සිදුව තිබේ.
    එහිදී සිසුන්ට ලබාදුන් ප්‍රශ්න පත්‍ර සියල්ල නැවත එකතුකර අඩුපාඩුවූ ප්‍රශ්න පත්‍ර සදහා ඡායාපිටපත් ගෙනෙන තෙක් විභාගය මිනිත්තු 25ක පමණ කාලයක් ප්‍රමාදකර නැවත ප්‍රශ්න පත්‍ර බෙදාදී තිබේ.
    වර්තමානයේ අධ්‍යාපන කේෂ්ත්‍රයේ පැවැති විභාග සියල්ලේම පාහේ අක්‍රමිකතා රාශියක් වාර්තා වූ අතර ආසන්නයේ පැවැති පාසල් දෙවන වාර විභාගය ඊට නිදසුන් සපයයි. එහිදී රටේ අධ්‍යාපනය හෑල්ලු කිරීමේ චෝදනාව ආණ්ඩුවට එල්ලවූ අතර අධ්‍යාපන ඇමතිවරයා ප්‍රකාශ කළේ පාසල් දෙවන වාර විභාගය පළාත්සභා යටතේ සිදුවූවක් මිස විභාග දෙපාර්තමේන්තුව යටතේ සිදුවූවක් නොවන බවයි.
    නමුත් විභාග දෙපාර්තමේන්තුව යටතේ පැවැත්වෙන මෙවර අ.පො.ස. උ/පෙළ විභාගයේද මෙවැනි සිදුවීම් වාර්තාවීම තුළින් කියා පාන්නේ ආණ්ඩුවට එම ‍චෝදනාවෙන් ගැලවිය නොහැකි බවයි.

    :nerd: