වෘත්තීය විෂය ධාරාව තෝරාගන්නා අයට මාස 6 උඩ දාලා තියෙන පොදු විෂයන් 9 අනිවාර්ය්‍යයෙන් හදාරන්න ඕනා ඊට පස්සේ තමන් කැමති වෘත්තීය විෂයක් හදාරන්න පුලූවන් මෙතන වැරද්දක් මම දකින්නේ නැහැ විභාග මුලික කරගත් අධ්‍යාපනය වෙනුවට වෘත්තීය විෂය මුලික කරගත් අධ්‍යාපන ක්‍රමයක් අනිවා තියෙන්න ඕනා හැමෝටම විශ්ව විද්‍යාලය යන්න අවස්ථාවක් නැහැ වගේම හැමෝටම වෛද්‍යවරු ඉන්ජිනේරුවෝ වෙන්න බැහැ තමන්ට කැමති වෘත්තීය විෂයක් හැදැරිම වගේම ඒකට නිසි වටිනාකමක් මේ වැඩපිළිවෙලින් ඇති වෙනවා නම් ලංකාවේ අධ්‍යාපනයේ විශාල වෙනසක් වෙනවා හරියාකාරව මේක පටන්ගන්න ඕනා
කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් ඇතුලු ක්ෂේත්‍ර වල ඇතිවී ඇති ශිල්පීයන්ගේ අඩුව (මේසන්, ප්ලම්බර්, ඉලෙක්ට්‍රිෂියන්, ඇලුමිනියම් ෆැබ්‍රිකේටර් ..වගේ ) සහ ක්ෂේත්‍රයට පැමිණෙන්නගේ අඩුව සහ රැකියා වියුක්තිය සලකලා 2012 දි මිලියන 10 ක ව්‍යාපෘති යෝජනාවක් ඉදිරිපත් උනා. විමල් වීරවංශ ගේ චක් ගෝල නිලධාරීන්ට වැදගත් මිනිස්සුන්ට ගෙවල් හදන එක විතරයි. ප්‍රොජෙක්ට් එක විසිකලා. ලාභදායී වැඩ නෙවෙයිනේ.
රට පුරා එන්වීකිව් සහතික ලාභී කැමැත්තක් දක්වන ශිල්පීන්ව ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල රෙජිස්ටර් කරවලා, කන්ටැක්ට් නම්බර්ස් හා ක්ෂේත්‍රය සමග ඔන්ලයින් දාන්න, ඒ අයට නිල ඇඳුමක්, අයිඩෙන්ටි කාඩ් එකක් ලබාදීම කරන්න. කෙනෙකුට තමන්ගේ විදුලිය ආශ්‍රිතවැඩකදි තමන්ට ආසන්නම ඉන්න ටෙක්නීශියන්ව ගෙන්නලා සේවය ගන්න පුලුවනි. සිස්ටමටික් ප්‍රමිතියෙන් යුතු ශිල්පියෙක් සහ සේවාවක්.
කවදා හරි ආණ්ඩුවකින් ඕවා කලොත් තමා ඉතින් හොඳ





