ඌරො මරන උන්

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,249
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Indicator wikunanne nathiwa waskawi kiyapan , ubata ee wade set
    7o4bmv4.jpg

    හා බූරුවෝ....... සොරි සොරි කොටළුවෝ :ROFLMAO: :ROFLMAO:
    පුක් බාර දෙයියෝගෙන් සල්ලි ඉල්ලගන්න :ROFLMAO: :ROFLMAO:
     
    Last edited:

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    ඔය කාරනාටික නිවැරදි උනත් මහ පරිමානය‍ෙන් සතුන් මස් පිනිස හදන තැනක සිද්ධ ව‍ෙන්න‍ේ හිමිකරුවා විසින් අදාල අංශය භාර පුද්ගලයාට අවශ්‍ය සතුන් ප්‍රමානය පිලිබද දැනුවත් කිරීමයි ... බ‍ොහ‍ෝවිට එයටද සෘජු මැදිහත්වීමක් න‍ොවන ආයතන ලංකාව‍ේ ම‍ෙන්ම පිටරටද පවතිනවා ... ඕඩරයට අදාල සතුන් ප්‍රමානය ත‍ේරීම හ‍ෝ ප‍ෙන්වමින් ( අන්න අරෑව අද මරන්න ල‍ෙස ) මරනය සදහා ය‍ොමු කිරීම හිමිකරුවා න‍ොකරයි . මස් ප්‍රමානය සපයන්න කියන විට සැපයුම්කරුව ඕඩරය දිනපතා ලැබ‍ෙන ද‍ෙයක්නම් ඊට කලින් දවස‍ේ මරා තිබුනානම් එතනද ප්‍රානඝාත අකුසලයක් ව‍ෙන්නෑ . ප්‍රානඝාත අකුසලය සිදු න‍ොවුනාට සත්ව ඝාතනයට ව‍ෙනත් ආකරවලින් සම්බන්ධතා පවතීනම් එයට අදාල අකුසලයන් ක්‍රියාත්මක විය හැකි උවත් ඒවා ප්‍රානඝාත අකුසලයක් බවටනම් පත්ව‍ෙන්නෑ ....
    විහිලු කතා කියන්න එපා බං. 😂
    එහෙම මැරුවට ප්‍රානඝාතයක් සිද්දවෙන්නෑ. මෙහෙම කෙරුවොත් සිද්දවෙන්නෑ... මොන ජෝක්ස්ද බං ඕවා.
     
    • Haha
    Reactions: jennt

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    ඌරො මරන ගොඩක් උන් අකාලෙ විදවලා මැරෙනවා නේද බං ගොඩක් වෙලාවට.
    ගොඩක් උන් මැරෙන්නෙ ඌරට දාපු කරන්ට් එකටම අහුවෙලා.
    අල්ලපු ගමේ හිටියා ඌරො මරන එකෙක්, ඌ ගහකින් වැටිලා බාගෙට කපපු කොපි ගහක් උඩට. ගහෙන් වැටෙද්දි කොපි උල උඩ ඉන්දවෙලා පස්සෙන් ගිය එක බඩෙන් එලියට ඇවිත් කියලා දෑකපු උන් කීවෙ.

    තව මනුස්සයෙක් ගෙ කකුලෙ ලොකු තුවාලයක් ඇවිත් ඔළුවත් අවුල් ගිහින් මැරුනා 60දි වගේ.

    තව එකෙක් හොරකමකට අහුවෙලා පොලිසියෙන් පන්නද්දි ගල්වලකින් වැටිලා මැරුනා 28දි විතර

    මුන් වල් ඌරො මරන එක ප්‍රධාන ආදායම් මාර්ගය කරගත්ත උන්.
    ලංකාවේ මහාචාර්ය කෙනෙක් වගේ කෙනෙක් අවුරුදු ගානක් research එකක් කරලා ලියපු පොතක් තියනවා දිට්ඨ දම්මවෙදනිය කමය වගේ නමක් තියන. මට මතක නෑ පොත. පුළුවන් නං හොයාගෙන කියවන්න. හරක් මරණ ඌරො මරණ අය ගැන එහෙම කතා ගොඩක් තියනවා
     
    Black-and-white

    Well-known member
  • Dec 26, 2020
    160
    348
    63
    ඌරො මරන ගොඩක් උන් අකාලෙ විදවලා මැරෙනවා නේද බං ගොඩක් වෙලාවට.
    ගොඩක් උන් මැරෙන්නෙ ඌරට දාපු කරන්ට් එකටම අහුවෙලා.
    අල්ලපු ගමේ හිටියා ඌරො මරන එකෙක්, ඌ ගහකින් වැටිලා බාගෙට කපපු කොපි ගහක් උඩට. ගහෙන් වැටෙද්දි කොපි උල උඩ ඉන්දවෙලා පස්සෙන් ගිය එක බඩෙන් එලියට ඇවිත් කියලා දෑකපු උන් කීවෙ.

    තව මනුස්සයෙක් ගෙ කකුලෙ ලොකු තුවාලයක් ඇවිත් ඔළුවත් අවුල් ගිහින් මැරුනා 60දි වගේ.

    තව එකෙක් හොරකමකට අහුවෙලා පොලිසියෙන් පන්නද්දි ගල්වලකින් වැටිලා මැරුනා 28දි විතර

    මුන් වල් ඌරො මරන එක ප්‍රධාන ආදායම් මාර්ගය කරගත්ත උන්.
    මේ ටික නිකන් රිවිර පත්තරේ ආටිකල් එකක ගිය සීන් ටිකක් වගෙත් මතකයි , අවුරුදු 10 කට විතර කලින්.
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    පට්ට බොරු කතාවක්.ඔයිට වඩා පින් කරපු උන් සත්තු වගේ මැරිලා යනවා.වෙලා තියෙන්නේ ඌරො මරණ උන් මැරුණම ඕවගේ එකකින් ඒක viral වෙනවා.මිනිස්සු ඒක විස්වාස කරන්න පටන් ගන්නවා.අර වගේ හොද එකෙක් මැරුණම අනේ පව් ,පින් අරන් යන්න ඇවිත් තියෙන්නේ වගේ ගොන් කතා කියනවා.
     
    • Love
    • Like
    Reactions: jennt and weer 11

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,000
    1
    43,376
    113
    උඹෙත් වැඩි වෙනසක් නෑ
    උඹ චරිත ඝාතනය කරන ඒකානෙ (n)
    මං මේ කල්පනා කෙරුවෙ උඹට මොකක් වෙලා මැරෙයිද කියල
    ඒ් තරං දුර්ගන්ධං චරිතයක් උඹ
     
    • Wow
    Reactions: jennt

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    උඹෙත් වැඩි වෙනසක් නෑ
    උඹ චරිත ඝාතනය කරන ඒකානෙ (n)
    මං මේ කල්පනා කෙරුවෙ උඹට මොකක් වෙලා මැරෙයිද කියල
    ඒ් තරං දුර්ගන්ධං චරිතයක් උඹ
    අනුරාධලා ගෙදර මස් මාළු කනවද?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,000
    1
    43,376
    113
    අනුරාධලා ගෙදර මස් මාළු කනවද?
    මම මචං පොඩි කාලෙ ඉඳල මස් මාළු මොකුත් කෑවෙ නෑ
    ඒ්ත් දැං චුට්ටක් කනව. ඒ්ත් කන්ඩ පිරියක් නෑ මට, මහ අමුතු කුයිලක් එනව
    අපේ ගෙදර අයත් මස් කියල කන්නෙ කුකුල් මස් විතරයි. ඒ්කත් ඉඳල හිටල. මාළු තමා වැඩි හරියක් කන්නෙ. ගෙදර අය කෑවට මම මාළු කන්නෙත් ඉඳල හිටල තෝරල බේරල
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,000
    1
    43,376
    113
    උරෝ මරණ එක පව් ☹️ එත් හ්ම්:P
    වේදනාවක් නැති විදියට මරනවනං ටිකක් හරි ෂේප්
    මං ජීවිතේටම ඌරු මස් කාල නෑ.
    චූටිම චුටි කාලෙ හරක් මස් කෑව මතකයි. හැබැයි අවුරුද 30කින් මෙහා බීෆ් හොදිවත් කාල නෑ

    රයිස්වල තියෙන චිකන් කනව මම. ඒත් හිතට දුකක් දැනෙනව සතා ගැන.
    මස් කෘතිවම වගා කරන්ඩ බැරිද?
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    වේදනාවක් නැති විදියට මරනවනං ටිකක් හරි ෂේප්
    මං ජීවිතේටම ඌරු මස් කාල නෑ.
    චූටිම චුටි කාලෙ හරක් මස් කෑව මතකයි. හැබැයි අවුරුද 30කින් මෙහා බීෆ් හොදිවත් කාල නෑ

    රයිස්වල තියෙන චිකන් කනව මම. ඒත් හිතට දුකක් දැනෙනව සතා ගැන.
    මස් කෘතිවම වගා කරන්ඩ බැරිද?
    මස් කෘතිවම හදන්න පුළුවන් කියල දැන් මාස කීපයකට කලින් කොහෙද රටක් හොයාගෙන කියලා මන් ආටිකල් එකක් දැක්කා
    හරක් මස් පොඩි කලේ කැවා දැන් කන්නේ නැ
    උරු මස් බඩට හොදයි සීතලයි උබ වෙලාවක ගෙදර හදන් කාපන් රසයි තෙල් කැල්ල මාරු උරාගෙ තෙල් කෑල්ලට අපේ සියා කියන්නේ පොල් කැල්ල කියලා
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    අපි පව් ගැන අහලා තිබෙනවා. පින් ගැනත් අහලා තියෙනවා. පව් කියන්නේ දුක ලබා දෙන දෙයටයි. පින කියන්නේ සැප ලබා දෙන දෙයටයි. පව් කරන කෙනාගේ ඉරණම කොතරම්ම දුක්ඛිත ද කියලා අපට නම් සිතලාවත් ඉවර කරන්න බැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ යම් කෙනෙක් දුකට බය නම්, දුකට අකැමැති යම්, එළිපිටවත්, රහසේවත් පව් කරන්න එපා කියලයි. ඉතින් සමහර අය පව් කරන්න හරි කැමැතියි. එහෙම වෙන්නේ ඇයි කියලා අපට හිතාගන්න අමාරුයි. පින තිබෙද්දී පව තෝරාගන්නවා. එතකොට එයා පින අත්හරිනවා, පව් රස් කරනවා. එවැනි අවාසනාවන්ත පුද්ගලයෙක් ගැන කථාවක් කියා දෙන්නයි අපි මේ සූදානම් වන්නේ.

    1_15-1-197x300.jpg

    පින්වතුනේ, පින්වත් දරුවනේ, සැවැත් නුවර ජේතවනාරාමය ගැන අපි කියූ විස්තර ඔබට මතක ඇති. ඒ ලස්සන ජේතනවනාරාමයේ බුදුරජාණන් වහන්සේ වැඩසිටියා. බොහෝ දෙනක් සැන්ඳෑ යාමයේ මල් අරගෙන බුදුරජාණන් වහන්සේව බැහැ දකින්න යනවා. උන්වහන්සේට මල් පූජා කරනවා. උන්වහන්සේ ලස්සන බණ කථා කියලා දෙනවා. ජීවිතය යහපත් කරගන්න වුවමනා හැම දෙයක්ම කියා දෙනවා. ඉතින් හැමෝටම හරිම සතුටුයි. සතුන් මර මරා හිටපු අය එයින් වැළකුනා. සොරකම් කරමින් සිටි අය එයින් වැළකුණා. සල්ලාල ජීවිත ගෙවපු අය ඒ වැරදි ජීවිතය අත්හැර දැම්මා. බොරු කිය කියා හිටපු අය සත්‍යවාදී වුනා. මත්පැන් බොන අය, පෙරන අය ඒ සියලු දෙය අත්හැරියා. කොයිතරම් හොඳද! අපි අහල තියෙනවා යමක් නිතර දකින්න ලැබෙන කොට ඒකෙ වටිනාකම පෙනෙන්නේ නෑ කියලා. ඒ වගේ ජේතවනාරාමයේ බුදුරජාණන් වහන්සේ වැඩසිටිනවා, උදේ වරුවේ පිණ්ඩපාතේ වඩිනවා. හැමතැනම රහතන් වහන්සේලා වැඩසිටිනවා, චතුරාර්ය ධර්මය ඇහෙනවා, ඒ වුනාට ඇතැම් අයට ඒ ගැන කිසි වටිනාකමක් පෙනෙන්නේ නෑ.

    ජේතවනාරාමය පිටුපස එවැනි පුද්ගලයෙක් හිටියා. ඔහුට ජීවිතය ගැන කිසි අවබෝධයක් නැහැ. අවබෝධ කරගන්න ඕනකමකුත් නැහැ. එකටම ගැලපෙන නෝනා කෙනෙකුයි, ළමයි ටිකකුයි සිටියා. මේ තැනැත්තා ඌරන් මරන පුද්ගලයෙක්. ඒක මෙයාගේ රස්සාව. යම් හෙයකින් ජේතවනාරාමයට ගොඩවෙලා බණ පදයක් ඇසුවා නම්, ඒ හැම පවක්ම අත්හැරලා වෙන රස්සාවක් සොයාගෙන සැනසිල්ලේ ජීවත් වෙන්න තිබුනා. නමුත් සිතන්න බැරි කෙනා එවැනි දෙයක් කල්පනා කරන්නේ නැහැ. මෙයා කල්පනා කළේ ඌරන් මරන හැටි විතරයි. මරන්න කලින් ඌරව කණුවක තද කොට ගැටගහනවා. ඊට පස්සේ ලොකු මුගුරක් අරගෙන උගේ මස් තැලෙන්න කියලා ඌට දරුණු විදිහට පහර දෙනවා. හොඳට තැලුණු ඌරු මස හරි මෙලෙක්ලු. එහෙම හිතලයි මේ පව්කාරයා අහිංසක ඌරාට පහර දෙන්නෙ. ඊට පස්සේ වේදනාවෙන් කෑ ගසන ඌරාගේ කට යකඩ කොක්කකින් පළල් කරනවා. ලෝදිය වගේ උණුවතුර උගේ කටට වක්කරනවා. ඌ කෑගහද්දී බඩඑළිය යනවා. ඊට පස්සේ උගේ බෙල්ල කපනවා. ලේ ටික වෙනම භාජනයකට ගන්නවා. ඒ ගෙදර අයට කෑම පිණිසයි. අන්තිමේදී මස් කරලා විකුණනවා.

    වයස පනස් පහ වනතුරුම මේ පුද්ගලයා කළේ ඌරන් මරපු එකමයි. මේ අවාසනාවන්ත පුද්ගලයාට සිල් රැකීමේ වාසනාව අහිමි වුනා. රහතන් වහන්සේලා පිඬුසිඟා වඩිද්දී දානෙ ටිකක් පූජා කරගැනීමේ වාසනාව අහිමි වුනා. බුදු බණ අසා සිත පහදවා ගැනීමේ වාසනාව අහිමි වුනා. ටිකෙන් ටික මෙයා අසනීප වුනා.

    දින කිහිපයක් එක දිගට ඌරන් මරන හඬ චුන්ද සූකරගේ ඌරුමඬුවෙන් ඇහෙන්න පටන් ගත්තා. සමහර ස්වාමීන් වහන්සේලා හිතුවේ මොකක් හරි උත්සවයක් වෙනුවෙන් මේ ඌරන් මරන බවයි. අන්තිමේදී ඇත්ත හෙළි වුනා. එතැන වෙලා තිබෙන්නේ ඌරන් මැරීමක් නොවෙයි. චුන්දසූකර මරණාසන්න වෙලා දවස් ගණනාවක් තිස්සේ පණ අදිනවා. මෙයා ඉදිරියෙහි යමපල්ලෝ ඇවිදින් ඌරන්ව මැරූ ආකාරයට මෙයාව මරන්න සූදානම් වෙනවා. එතකොට මෙයා හොඳටම බය වෙනවා. හයියෙන් කෑ ගහනවා. යටිගිරියෙන් කෑගහනවා. එතකොට ඇහෙන්නේ ඌරෙකුගේ විලාපයමයි. මෙයා සතියක්ම දුක් වින්ඳා. ඌරෙක් වගේ හඬ හඬා අවසන් හුස්ම පොඳ හෙලුවා. මෙයා ඉපදුනේ කොහේද කියලා දැනගන්න බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණි අය මෙයාගෙ මරණය ගැන දැනුම් දුන්නා. එවේලෙහි බුදුරජාණන් වහන්සේ වදාළේ මේ චුන්දසූකරික අවීචි මහනරකයෙහි ඉපදුණු බවයි. දැන් යමපල්ලන්ගෙන් නොයෙක් වද වේදනා විදින බවයි. ඒ කරුණ අරභයා බුදුරජාණන් වහන්සේ මෙම ගාථාව වදාළා.

    ඉධ සෝචති පෙච්ච සෝචති – පාපකාරී උභයත්ථ සෝචති
    සෝ සෝචති සෝ විහඤ්ඤති – දිස්වා කම්ම කිලිට්ඨමත්තනෝ

    පව් රැස් කරනා මිනිසා – මෙලොව ශෝක වෙයි එනිසා
    පරලොවදිත් ශෝක වෙමින් – දෙලොවම දුක් වෙයි එනිසා
    තමා විසින් රැස් කරගත් – පව් ගැන සිහිපත් වෙන විට
    ශෝක වෙවී දුක් විඳිමින් – තැවෙයි නිතර දුකින් යුතුව

    පින්වතුනේ, පින්වත් දරුවනේ, පව් කරන කෙනා එයට වසඟ වෙනවා. අන්තිමේදී එයාට පවෙන් නිදහස් වෙන්න බැරිව යනවා. පින් කරන්න පුළුවන් හැකියාව ටික ටික නැති වෙලා යනවා. පිනක් මතක් වුනත් පව් බලවත් නම්, සිත පිනට යොමු කරගන්න අමාරුයි. ආයෙ ආයෙමත් පුරුදු කරපු පවටම සිත නැඹුරු වෙනවා. මේ නිසා පවේ ඇති භයානකකම නිතර නිතර සිහි කරන්නට ඕන. පව්වල භයානක විපාක ගැන බුදුරජාණන් වහන්සේ පෙන්වාදී වදාළ දහම් කරුණු නිතර නිතර සිහි කරන්න ඕන. දුකට අකමැති වෙන්න ඕන. දුක ලැබෙන්නේ පව හේතු කරගෙන නිසා ඒ පව දුරින්ම දුරු කරන්න ඕන.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    ආසියාවෙ ලොකුම හොරායි, උගේ පොඩි හොරු සෙට් එකයි තාමත් ඔය යහතින් ඉන්නෙ නේද? 😂 😂😂
    යහතින්ම නෑ ඉතිං.. අර ටෙක්සාස් පැත්තේ කැන්සර් සෙන්ටර් එකට හොරෙන් ගියේ.. මතක්ද ඒ සීන් එක?
    කොහොමත් මහින්දයා ගේ වකුගඩු ඉවරයි..රෑට ඩයලිසිස් කරනව ..උදේ ඉඳන් බොනවා... හෙහ්..
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,364
    2,746
    113
    ඌරො මරන ගොඩක් උන් අකාලෙ විදවලා මැරෙනවා නේද බං ගොඩක් වෙලාවට.
    ගොඩක් උන් මැරෙන්නෙ ඌරට දාපු කරන්ට් එකටම අහුවෙලා.
    අල්ලපු ගමේ හිටියා ඌරො මරන එකෙක්, ඌ ගහකින් වැටිලා බාගෙට කපපු කොපි ගහක් උඩට. ගහෙන් වැටෙද්දි කොපි උල උඩ ඉන්දවෙලා පස්සෙන් ගිය එක බඩෙන් එලියට ඇවිත් කියලා දෑකපු උන් කීවෙ.

    තව මනුස්සයෙක් ගෙ කකුලෙ ලොකු තුවාලයක් ඇවිත් ඔළුවත් අවුල් ගිහින් මැරුනා 60දි වගේ.

    තව එකෙක් හොරකමකට අහුවෙලා පොලිසියෙන් පන්නද්දි ගල්වලකින් වැටිලා මැරුනා 28දි විතර

    මුන් වල් ඌරො මරන එක ප්‍රධාන ආදායම් මාර්ගය කරගත්ත උන්.
    කන උන්ට අවුලක් නැද්ද බන්? මං නම් කියන්නේ කන උන්ටත් එහෙමම වෙන්න ඕනේ කියල . කන උන් හින්දනේ මරන්නේ
     
    • Haha
    Reactions: jennt

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    කන උන්ට අවුලක් නැද්ද බන්? මං නම් කියන්නේ කන උන්ටත් එහෙමම වෙන්න ඕනේ කියල . කන උන් හින්දනේ මරන්නේ
    ඇයි බං ඉතිං ඌරෝ මරනකොට විතරද විඳවල මැරෙන්නේ, මාලු, කුකුල් මස් ගස්වලින් කඩලද බං ගන්නේ?
     
    • Haha
    • Like
    Reactions: weer 11 and jennt

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    https://mahamevnawa.lk/01-15/