ඌව පලාත ආශ්චර්යය අභියස..

මොනරාගල – මදුරුකැටියේදී සහ සිරිගල යන ප‍්‍රදේශවලදී ජනතා විමුක්ති පෙරමුණේ ආධාරකරුවන් සිව් දෙනෙකුට අද (8) පෙරවරු 6.30ට පමණ අංක තහඩු රහිත ඩිෆෙන්ඩර් රථයකින් සහ වෑන් රථ දෙකකකින් පැමිණි කණ්ඩායම් විසින් පහරදී එක් අයෙකු පැහරගෙන ගොස් ඇතැයි වර්තාවේ. සිරිගල ප්‍රදේශෙයේදී මෙම පැහැරගැනීම සිදුව ඇත.පැහැරගත් ජවිපෙ සාමාජිකයාට පහරදී තුවාල සිදු කොට මහ මග දමා ගොස් තිබියදී හමුවී ඇති අතර ඔහුද මේ වනවිට මොණරාගල දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර සිටී. පහරකෑමට ලක්වූ තවත් ආධාරකරුවෙකුද එම රෝහලේම ප්‍රතිකාරලබන අතර පැහැරගෙන ගොස් පහරකෑමට ලක්වූ ආධාරකරුවා සැත්කමකටද භාජනය කරමින් සිටින බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.
මේ අතර සිරිගල ප්‍රදේශයේදී පහරකෑමට ලක්වූවන් පවසන්නේ තමන්ට පහරදීම සඳහා 10ක පමණ පිරිසක් පැමිණි බවත් අංකය 15 ෂශීන්ද්‍ර රාජපක්ෂ ලෙස සඳහන් කර තිබූ වෑන් රථ දෙකක් පැමිණි බවත් එක් වෑන් රථයක අංකය PB 4855 බවත්ය.

එම පහරදීමට අදාළව EIB339/34යටතේ සිරිගල පොලීසියේ පැමිණිල්ලක් කර ඇත.
එම පහරදීම් සම්බන්ධයෙන් ජවිපෙ මොරණරාල දිස්ත්‍රික් අපේක්ෂක කණ්ඩායම් නායක ආර්. එම්. ජයවර්ධන මහතා පවසන්නේ රාජපක්ෂවරුන්ගේ බලය ගිලිහෙමින් තිබෙන විට ඔවුන් වියරුවැටී ඇති බවයි.