එංගලන්තය පරිසරය කෙරේ දක්වන ආකල්පය

hiranlahiru2015

Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    එංගලන්තය පරිසරය කෙරේ දක්වන ආකල්පය

    එංගලන්තය පරිසරය කෙරේ දක්වන ආකල්පය​

    attachment.php


    එංගලන්තයේ ලන්ඩන් විශ්ව විද්‍යාලයේ හරක් මස් තහනම් කරයි. පරිසරය රැකීමේ අරමුණට සහයෝගය දීම සඳහා ලන්ඩන් විශ්ව විද්‍යාලයේ හරක් මස් තහනම් කරයි. බ්‍රිතාන්‍යයේ ප්‍රථම උසස් අධ්‍යාපන ආයතනය මෙය වේ. 2019 සැප්තැම්බර් මාසයේ සිට මේ තහනම ක්‍රියාත්මක වේ.

    වතුර බෝතල් වලට සහ, වතාවක් භාවිතා කර විසි කරන ප්ලාස්ටික් කෝප්ප වලට අමතර පැන්ස 10ක්ද එහි අය කෙරෙනු ඇත. රළු පරළු වැඩුණු මිනිසුන්ට පරිසරය විනාශ වීම තේරුම් කරදීමට වඩා විශ්ව විද්‍යාල සිසුන්ට එය තේරුම් කරදීම පහසු බව පෙනේ.

    විශ්ව විද්‍යාලයේ බළධාරීන් කියන ආකාරයට 2025 වසරේ සිට කාර්බන් උදාසීන ආයතනයක් බවට විශ්ව විද්‍යාලය පත් කිරීමේ අරමුණට යාමට මේ පියවරවල්ද උපයෝගී වේ. ඊට අමතරව ලන්ඩන් නගරයේ ඊසාන දිගට වන්නට ඇති New Cross campus නම් වූ විශ්ව විද්‍යාලයේ බල ශක්තිය 100% ක් පුනර්ජනනීය බලයෙන් ලබා ගැනීමට අමතර සූර්ය පැනල සවි කෙරේ.

    එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධිත ආහාර සහ කෘෂිකාර්මික සංවිධානය අනුව මසට සතුන් ඇති කිරීම හරිතාගාර වායුන් ඇති වීමේ ප්‍රධාන හේතුවකි. තවද එය ලෝකයේ ඇති මිරිදිය වලින් 1/10 ක ප්‍රමාණයක් අවශ්‍ය වන කාර්යයකි. එමගින් ඇතිවන අනෙක් ව්‍යසනය නම් කැලෑ කැපීම වේ. මේ කැලෑ කැපීම නිසා දෙවනුව සිදුවන ව්‍යසනය වන්නේ තාපය ඇති වායු ස්ථර වල පවතින තාපය අවශෝෂණය කර ගැන්ම නැති වීමය.

    මේ තත්වය ලෝක උෂ්ණත්වය වැඩි කිරීමේ විශාල සාධකයක් වන්නේය.

    එපමණක් නොව මේ කැලෑ එළි කිරීම නිසා භුමිය නිරුවත් වීමෙන් වන තාපය ලැව් ගිණි ඇතිවීමට විශාල සාධකයක්ද වේ. ඇමසන් වනය ගිණි ගැනීමට එක හේතුවක් මෙය වේ.

    මේ සංවිධානයෙන් ප්‍රකාශ කරන දෙයට එංගලන්තයේ ‘ජාතික ගොවීන්ගේ සංගමය ‘ [the National Farmers Union (NFU)] එකඟ නැත. ඔවුන් කියන්නේ, එංගලන්තයේ ගව මස් නිෂ්පාදනය වඩාත් කාර්යක්ෂම බව සහ එතරම් පරිසර හානියක් කරන්නේ නැත යන්නය. කෙසේ නමුත් එංගලන්තයේ ක්‍රමවත් ලෙසින් ගව මස් නිෂ්පාදනය සියවස කීපයකට එහා යයි. එසේ මැනැවින් ස්ථාපිත වූ නිෂ්පාදන ක්‍රියාවළියක් එකවර ඉවත් කිරීම එතරම් පහසු දෙයක් නොවේ.

    හරිතාගාර වායුන ඇතිවී වායු ගෝලයට මුක්ත වීම වැළැක්වීම සඳහා එංගලන්තය තවත් ආකාරයේ ප්‍රතිකර්ම යොදන බව පැහැදිළිය. ඒ සඳහා උදාහරණයක් සේ බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් තවත් විදුළි වාහන ආරෝපිත ස්ථාන 1000 ක් සඳහා ප්‍රතිපාදන වෙන් කර ඇත. 2019 මුල් මාස 6 හී විදුළි වාහන වෙළඳාම අඩු වූ හෙයින් මේ තීරණය ගත්තාක් මෙන් පෙනේ.

    බ්‍රිතාන්‍ය ආණ්ඩුව එහි ජනතාව විදුළි වාහන මිළදී ගැනීමට විශාල දිරියක් දේ. මෙය ලංකාවේ අප අත් විඳින තත්වයට ඉඳුරා වෙනස් බව පැහැදිළිය. ප්‍රවාහන ලේකම් ග්‍රාන්ට් මහතා [Transport secretary Grant Shapps] කියන ආකාරයට;

    … “පෙට්‍රල් පුරවන ස්ථාන ප්‍රමාණය මෙන් දෙගුණයක් අපට දැන් ආරෝපිත ස්ථාන තිබේ. ඒ ප්‍රමාණය තව තවත් වැඩිවීම මහත් සතුටකි”…


    ref -lalithkrunaratna
     

    Attachments

    • iuw5x.jpg
      iuw5x.jpg
      34.6 KB · Views: 213