එංගලන්තෙ ගිය අපේ කට්ටිය.
එංගලන්තය නැතිවුනා නම් අපිට විතරක් නෙමෙයි ලෝකයටම ක්‍රිකට් කියල දෙයක් නැති වෙන්න තිබුනා.
සුදු ජාතිකයින් අපිට දීල ගිය දේවල් වලින් වටිනාම දේ ක්‍රිකට්.
අපිටත් ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාවක් පුලුවන් කියල ලෝකයට ඔප්පු කරේ ක්‍රිකට්.
ක්‍රිකට් ගැන නොදන්න රටවල මිනිස්සු කියන්නෙ අපේ රටේ මිනිස්සුන්ට කිසිම ක්‍රීඩාවක් බෑ කියල.
ඒක නම් මම අත්දැකීමෙන් කියන්නේ.
මේ වැල්වටාරම් කියන්නෙ ගත්තෙ ඇරඹිලා තියෙන එංගලන්ත සංචාරය ගැන පොඩ්ඩක් කතා කරන්න.
ක්‍රිකට් හොයා ගත්තු එංගලන්තයෙ සංචාරය කරන එක ඕනම රටකට වැදගත්.
ටෙස්ට් තරඟ මාලාව අතලඟ හින්ද පොඩ්ඩක් ඒ ගැන කතා කරමුද???
අපිට ටෙස්ට් වරම් හම්බ වුනාට පස්සෙ මුලින්ම ටෙස්ට් තරඟයකට ක්‍රීඩා කලෙත් එංගලන්තය සමඟ ඒ 1982 දි.
ඊට පස්සෙ අපේ කණ්ඩායමක් එංගලන්තයෙ මුලින්ම සංචාරය කරන්නෙ 1984දි.
ඒත් ඒ තරඟා වලිය ජය පැරදුමෙන් තොරව නිමා වෙල තියෙන්නෙ.
ඊට පස්සෙ 1988 හා 1991 වසරවලදි අපේ කණ්ඩායම එංගනතයෙ සචාරය කලත් ඒ අවස්ථා දෙකේදි පැවතුණූ ටෙස්ට් තරඟ දෙකෙන්ම අපිට හිමිවුනේ පරාජය.
ඊට පස්සෙ 1993 දි එංගලන්ත කණ්ඩායම ශ්‍රීලංකාවෙ සංචාරය කරනවා.එම තරඟාවලියෙදි තමයි අපි එංගලන්තයට එරෙහිව පලමු ටෙස්ට් ජය ලබන්නෙ ඒ 93 මාර්තු මාසෙ කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයෙදි.
ඊළඟට අපි නැවතත් 1998 දි එංගලන්තයෙ සංචාරය කරනවා.
මට නම් ඒ ටෙස්ට් තරඟය තමයි හොඳම.
මේ පින්තූර දැක්කම මතක් වෙනවද.....
ඒක තමයි අපි එංගලන්තයෙදි ලබාපු පලමු ටෙස්ට් ජය.
ජයසූරියගෙ 213,අරවින්දගෙ 156 මතකද...මුරලිගෙ විකට් 16...ඒක නම් නියම මැච් එක.
එංගලන්ත දෙවෙනි ඉනිමෙදි උපුල් චන්දන 12වෙනි ක්‍රීඩකයා විදිහට ඇවිත් අලෙක් ස්ටුවර්ට් දුවද්දී දැවී යාමකට හසු නොකර ගත්ත නම් එදා මුරලි කඩුලු 10ම ගන්නවා.
මේ වෙනකොටත් එංගලන්තය අපිට එක් සංචාරයක් සදහා ලබා දීල තිබුනෙ එක් ටෙස්ට් තරඟයක් වශයෙන්..
අපිට එංගලන්තය ටෙස්ට් තරඟ තුනකින් යුක්ත පූර්ණ තරඟාවලියක් ලබා දෙන්නෙ 2000/2001 දි.
ඒ ඔවුන්ගෙ ශ්‍රීලංකා සචාරයෙදි.නමුත් ඒ තරඟාවලිය 2/1 වශෙයෙන් අපි පරදිනවා...
ඊට පස්සෙ 2002 දි අපි ටෙස්ට් තරඟ තුනක තරඟාවලියක් සදහා එංගලන්තයේ සංචාරය කරනවා.එහිදිත් අපිට හිමි වෙන්නෙ 2/0ක පරාජයක්.නමුත් එම තරඟාවලියට මුරලි ක්‍රීඩා කරේ නෑ.
2003/2004 ශ්‍රීලංකා සචාරයෙදි එංගලන්තය හිස් අතින්ම ආපහු යන්නෙ 1/0 ක පරාජයක් සමඟින් ඒත් ඒ සංචාරයෙ මුල් තරඟ දෙකම පරාජයෙන් බේරෙන්න ඔවුන් සමත් වෙනවා.
2006 දි අපි ආයෙත් එංගලන්තෙ යන්නෙ තරඟ තුනක සංචාරයකට.
එම තරඟාවලිය නිමා වුනේ 1/1 වශයෙන් ජය පැරදුමෙන් තොරව.
ඊට පස්සෙ 2007 එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 1/0 ලෙස ජය ගන්න අපිට පුලුවන් වෙනවා.
එතනින් පස්සෙ අවුරුදු 4කින් තමයි නැවතත් අපිට එංගන්තය ටෙස්ට් තරඟ මාලාවකදි මුණ ගැහෙන්නෙ.
දැන් අපේ කණ්ඩායම ගොඩක් වෙනස් වෙලා.මූලිකම වෙනස වාස් මුරලි නැතිකම.
එංගලන්තයට එරෙහිව එංගලන්තයෙදි අතිවිශිෂ්ඨ දස්කම් දක්වපු මුරලි නැති අඩුව නම් අපිට ගොඩක් දැනෙවි.
කණ්ඩායමේ පිතිකරු අංශය නම් ඉතා ඉහලයි.ලෝකයේ ඉදිරියෙන්ම ඉන්න ටෙස්ට් පිතිකරුවො පහකින් සහ පන්දුවට පහර දිය හැකි දක්ශ කඩුලු රකින්නෙකුගෙන් අපේ පිතිකරු අංශය ශක්තිමත්.
දිල්ශාන්,පරණවිතාන,සංගා,මහේල,තිලාන්,ප්‍රසන්න
මැතිව්ස් නැති අඩුව 100%කින් පුරවන්න බැරිවුනත් අංක 7 ස්ථානය තිසරට ලැබේවි.
වේග පන්දු බලඇනියේ වගකීම දිල්හාරට හිමිවෙලා.
අනික් වේග පන්දු යවන්නා වශයෙන් වෙලගෙදර,ලක්මාල් හෝ නුවන් ප්‍රදීප් අතරින් කෙනෙකුට ලැබේවි.මේ තිදෙනා අතරින් අත්දැකීම් බහුල වෙලගෙදරට,සුරංග ලක්මාල් අවසන් ටෙස්ට් තරඟ දෙකම ක්‍රීඩා කල ක්‍රීඩකයෙක්.ක්‍රිකට් පොතේ මූලධර්ම වෙනස් කල ක්‍රීඩකයෙක් හැටියට නුවන් ප්‍රදීප්ගෙ විශේෂයක් තියෙනවා.
දඟ පන්දු යවන්නන් වශෙයෙන් රන්දිව් සමඟ බොහෝ විට මෙන්ඩිස්ට අවස්ථාව ලැබේවි.
අපිට බලන් ඉන්න පුලුවන් සාර්ථක සංචාරයක නියුතු වෙන්න අපේ කණ්ඩායමට අපේ ශක්තියත් එක් කරමු.