එකක් තාත්තට එකක් එමලිට.....

akila12345

Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    එකක් තාත්තට එකක් එමලිට.....

    මන් හිතුව අද කෙටි කතාවක් මමම ලියල ඔයාලට දෙන්න..වැරදි ඇති..සමාවෙන්න..මට වරදක් තියනවනම් කියන්න..:):):)

    අද වෙනදා වගේ නෙමෙය්.හිම වැටෙන්නෙත් අමුතුම ලස්සනකට.පුටුවක් ජනේලය ලග තියාගෙන මම ගොඩක් වෙලා බලාගෙන හිටියා.මට එහෙම හිම වැටෙද්දී මගේ ජීවිතේ මුල ඉදන්ම මතක් උනා..ඒ කලේ තරම් සුන්දර කාලයක්...දිගු උස්මක්ද පිටවුනේ මටත් නොදැනීමය...
    මා ගැන පවසනවානම් මා එංගලන්ත ජාතිකයෙකි.මගේ පියාණන් හා මව මද්‍යම පන්තියේ පුරවැසියන්ය.මුදල් සෙවීමට තිබූ ආශාව නිසා මා අවුරුදු 18 දී ලන්ඩනයට පැමිණීමට තීරණය කළේය..මා ගැන මෙසේ හැදින්වුවද මා කීමට සැරසෙනුයේ වෙනත් කතාවකි.

    ලන්ඩනයේ මා සිත් ගත ඒ යුවතිය නමින් ක්‍රිස්ටිනා විය.ඇය හා මට දාව දුවෙකු හා දගකාර පුතෙකු සිටියේය.ජීවිතේ විවාහයකින් පසු මා බලාපොරොත්තු වූ ඒ ජීවිතය කිසිදු අඩුවක් නොමැතිව මට ලැබුනේ මා මන්දිර නොපැතූ නිසාත් සතුට පමණක් සිතු නිසාත්ය.එය අනික් පුද්ගලයන්ට වඩා වෙනස් සිතුවිල්ලකි.මා මන්දිර නොපතන්නට හේතුව මා ඉගෙන නොගත්ත නිසා බව මා සිත දැන් දැන් කියයි.

    පොඩි කාලයේ සිටම මගේ දරු දෙදෙනාට ඉගැන්වීම මගේ හා ක්‍රිස්ටිනාගේ එකම අරමුණ විය.මා කම්කරුවෙකු නිසාත් ක්‍රිස්ටිනා ගෘහනියක් නිසාත් මාහට ඔවුන්ට යහමින් ඉගැන්වීම සුළු පටු නොවුයේ මා ලන්ඩනයේ ජීවත් වූ බැවිනි.මගේ පුතා ජෝන්,දගමල්ලක් වුවද ඔහුට හැගීම්බර සිතක් තිබු බව මා පොඩි කාලයේ සිටම ඔහුගෙන් දුටුවෙමි.ඔහු ජීවත් වන රටාව හරිම ගුප්තය.වරක සිනහවෙයි.තවත් වරක මුණ එල්ලන් සිටී .

    දිනක් ඔහු පාසලේ උත්සවයකට වත්ත සුද්ද කිරීමට උදේම ගොස් ගෙදර ආවේ හවස හතට කිට්ටුවය.මා ඔහුගේ මුහුණින් දැඩි මහන්සියක් දුටු නිසා ඔහුට කාමරයට යාමේදී බාදා නොකලෙමි.පසුදා උදේ ඔහුගේ කාමරයට ගිය මා හට ඔහුගේ ඩයරිය දිස්විය.ෆෑන් එකේ හුළගට ඩයරියේ කොළ එක එක පෙරලෙයි.එය හැකිලීමට ගිය මා මෙය දුටුවේය..

    "මම අද උදේ ඉදන් වැඩ කළා..මට සතුටුයි..මා දැක්කා බොහෝ පිරිසක් කතාබස් කරමින් දුව පනිනවා.මටත් සෙල්ලමට කතා කළා.නමුත් මම කල වැඩේ අමතක කලේ නෑ.මන් හිතනවා අද මගෙන් වැටුණු දහදිය මට හෙට ආශීර්වාදයක් වෙයි කියල..මොකද, තාත්තා මට නිතරම කිව්වේ ලකුණු දාගන්න යට වඩා දාඩිය දාන කට්ටිය දිහා දෙයියෝ බලනවා වැඩි කියල.."

    මගේ ඇස් දෙකට කදුළු ආවේ කොහොමද කියා මා නොදනී.මා කියූ දේ හරියටම කරන ජෝන් ගැන මට බිය විය යුත්තක් නොමැති බව මට එදා වැටහුණි.ඒ සිදුවීමෙන් පසු මා ජෝන් ගැන කල නිගමන සියල්ල සාර්ථකය..එදා සිට මාගේ වැඩි අවදානය මා දුවට යොමු කලේ ජෝන් දෙස නොබලාම නොවේ.

    අවුරුදු පහක් ගතවන්නට පෙර ජෝන්, එමලී නම් තරුණියක් හා තදින්ම ආදරෙන් බැදී ඇති බව ඔහු මට වසන් නොකළේය.ඔහු මට එය කියනවත් සමගම මගේ සිත කීවේ ජෝන් නරක තීරණ නොගනු ඇතැයි කියාය.ඔවුන්ගේ ආශ්‍රයට මා අකුල් නොහෙලීමට මුල්ම හේතුව මා ක්‍රිස්ටිනා ට ආදරය කල හැටි මට මතක තිබීමයි.මා ක්‍රිස්ටිනා පස්සෙන් ගිය හැටි,ක්‍රිස්ටිනා මට ගස්සලා ගියපු හැටි,මම ගිටාර් එක අරන් ක්‍රිස්ටිනා ට කියපු සින්දු ...,මේවා නිසා මාහට ඔවුන්ට උරණ වීමට නොහැක.ආශ්‍රය කරම තේරුම් ගත යුතුය..

    තව දුරටත් හිම වැටීම බලා සිටි මා කොපි කෝප්පය අතට ගත්තේ ඒ මගේ තරුණ හගීම්ද සමගය.ඇතැම් මිනිසුන් හිමද සෙල්ලමක් කරගෙන හිම වලින් ගසා ගනු මට පෙනේ.අද මට එසේ කල නොහැකි වුවද මා පසු තැවෙන්නේ නැත.මා ඒ කලේ ක්‍රිස්ටිනා ට ගහපු හිම ගුලි මට තාම මතකය..ක්‍රිස්ටිනා මට ගහපු හිම ගුලි කුඩුවී විසි වනු අද වගේම මතකය.ඊටත් වඩා ඔහොම ගහගෙන ඉවර වෙලා සීතල වැඩි උනාම ක්‍රිස්ටිනා මාව හයියෙන් බදාගත් හැටි මතක් වෙනකොට මට දැනුත් හිනා යයි.ඇත්තටම ඒ තරම් පිවිතුරු ආදරයක්.....

    කොතරම් ලස්සන රෝස මල් තිබුනද ඒ තුල තිබෙන තියුණු කටු නම් ඉතා සැරය..1936 මැද භාගය වන විට ඒ කටු මට හා මගේ දරු දෙදෙනාට ඇනුනි.ක්‍රිස්ටිනා හදිසි හදවත් රෝගයකින් අපගෙන් වෙන් උනි.මා ඒ කලෙයේ නොමරුනත් මා සිතුවේ ඒ කාලයේම මාද මිය යනු ඇතෙයි කියාය..මොකද මාගේ හා අයගේ ආදරය මිහිපිටට පමණක් සීමා නොවුනකි.

    වගකීම් රැසක් හිසට පටවුනත් දරු දෙදෙනා උස් මහත් වී සිටීම මා හට සැනසිල්ලක් විය.ලොකු දුව දොස්තර කෙනෙකු හා විවාහ වීමට සියලු කටයුතු සැලසුම් කර විවාහයෙන් පසු ඇයව නවසීලන්තයට රැගෙන යාමට ඔහු කටයුතු කළේය.මා හා පුතා ලන්ඩනයේ තනි විය.වසරක් ලෙස කිව්වොත් ඒ 1941 දී ය.එමලී දුව හා විවාහ වීමට මා ඔහුට අනුබල දුන්නේ එමලී දුවට කාත් කවුරුත් නැති බව දන්නා නිසා හා ඔහු එවකට උගතෙකු නිසාය.

    ඉදිරිය ගැන සිතීමේදී මා හිම ක්‍රීඩා කරන ළමුන් ගැන නොව ක්‍රිස්ටිනාගේ මල සමයන් ගැන සිතුවත් කදුළු ඒම නැවැත්විය නොහැකි බව මට දැනුනි.ම වෙව්ලන්නේ වයසට නොවේ මේ හැගීම් වලට බව මට හොදට තේරුණි..කෝපි කෝප්පය බිමින් තැබූ මා තවදුරටත් සිතන්නට විය..

    දෛවයේ ලියවී ඇත්නම් මොන කරන්නද?1942 දී මගේ පෙනහළු දෙකම අක්‍රිය වෙමින් පවතින බව දැනගන්නට ලැබුණි.අනේ..ඒ මන් සිගරට් බොන නිසා නෙමෙයි.මන් කවමදාවත් මත්ද්‍රව්‍ය ගත්තේ නැත්තේ ක්‍රිස්ටිනා ට වූ පොරොන්දුවක් නිසයි.මේකට හේතුව ජෝන්ලට උගන්නන්න සල්ලි හොයපු ෆැක්ටරිය.එහෙ ප්ලාස්ටික් දුම නිසා තමා මට මෙහෙම උනේ..

    එමලී....ඇයටත් කොහෙන්දෝ තිබු කරුමයක් පල දුනි..දොස්තරලා කිව්වේ ඇයගේ වකුගඩු දෙකම ගල් වලින් පිරි ඇති බවයි.වහා ඉවත් නොකළ හොත් ජීවිත අවදානමක්ද තිබෙන බව ඔවුන් කීවා මට තාම මතකය.මගේ පුතා ජෝන් ඒ වෙනකොට එමලිව කසාද බැදලා නොතිබුනත් මට පෙනහල්ලක් හා ඇයට වකුගඩුවක් දීමට තීරණය කළේය..1943 මැද වන විට සැත්කම් සාර්ථකව කළේය..කිසි වෙකුටත් සැත්කම් අසාර්ථක නොවුනි.

    හිම එන්න එන්නම තද වෙනවා පෙනී පෙනීම...මන් ඔයාට ජෝන්ගේ ඩයරියේ 1943.06.28 ලියල තියෙන දෙයක් කියන්නම්..

    "අද 28 වෙනිදා..ගොඩක් සතුටු දවසක්..මගේ ඇගේ මට ඉන්න පුළුවන් විදියට අනිත් ඔක්කොම දේවල් දන් දුන්නා..ඇත්තටම මේ දේවල් අපිට දෙක දෙක ලැබිල තියෙන්නේ එකක් නැතිබැරි යට දෙන්නද දන්නෙත් නෑ..අද එමලිටයි තාත්තටයි දෙන්නටම ඕන වුනේ මගේ වකුගඩු නම්.,
    දකුණු වකුගඩුව දකුණු අත වගේ හිටපු තාත්තට...
    වම් වකුගඩුව මගේ එමලිට.....
    ඔව්.,. එතකොට මට එකක් කෝ..මට ඕන නෑ මොකද මම ඇත්තටම මනුස්සයෙක්..."

    රේපක් දෙන්න නම් අමතක කරන්න එපා යාලුවනේ....:):):)
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    මේක ලියපු පලවෙනි කතාවද? කතාවේ අදහස නම් ගොඩක් ලස්සනයි :) හැබැයි කතාව ටිකක් කෙටි වැඩියි කියල හිතෙනවා. වැදගත් දේවල් තව ටිකක් විස්තර කරා නම් හොඳයි කියල හිතෙනවා.
     
    • Like
    Reactions: akila12345

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    මේක ලියපු පලවෙනි කතාවද? කතාවේ අදහස නම් ගොඩක් ලස්සනයි :) හැබැයි කතාව ටිකක් කෙටි වැඩියි කියල හිතෙනවා. වැදගත් දේවල් තව ටිකක් විස්තර කරා නම් හොඳයි කියල හිතෙනවා.

    ඔව් මේක පලවෙනි කතාව මගේ..මේක කෙටි වැඩි කියල හිතුනා මටත්..නමුත් එච්චර දිගට ලියන්න හිතුනේ නෑ.. ඔයාල කියවන්න කම්මැලි වෙයි කියලා හිතුනා..ඓත් එකක් දානකොට ගැන හිතන්නම්..
    සමස්තයක් වශයෙන් හොදයි නේද??:):):)
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    ඔව් මේක පලවෙනි කතාව මගේ..මේක කෙටි වැඩි කියල හිතුනා මටත්..නමුත් එච්චර දිගට ලියන්න හිතුනේ නෑ.. ඔයාල කියවන්න කම්මැලි වෙයි කියලා හිතුනා..ඓත් එකක් දානකොට ගැන හිතන්නම්..
    සමස්තයක් වශයෙන් හොදයි නේද??:):):)

    ඔව් මං කිව්වෙ කතාව හොඳයි :) කතාව ලස්සන නිසා කියවන්න එපා වෙන්නේ නෑ. හිතේ තියෙන ඔක්කොම එලියට දාන්න. ඊටපස්සේ කතාවට ගැලපෙන්න අඩුවැඩිය හදාගන්න පුළුවන්. ඔය ප්‍රශ්නේ මටත් තියෙනවා. කොච්චර හොඳට කතාවක් ලිව්වත් කියෝගෙන යද්දී තේරෙනවා වැඩිහරියක් තියෙන්නේ මගේ හිතේ කියල :dull:
     
    buddhikakgsl

    Well-known member
  • Jul 19, 2012
    1,136
    118
    63
    ඉන්න තැන
    මම වැඩියෙන්ම කැමැති අන්තිම කොටසට
    "අද 28 වෙනිදා..ගොඩක් සතුටු දවසක්..මගේ ඇගේ මට ඉන්න පුළුවන් විදියට අනිත් ඔක්කොම දේවල් දන් දුන්නා..ඇත්තටම මේ දේවල් අපිට දෙක දෙක ලැබිල තියෙන්නේ එකක් නැතිබැරි යට දෙන්නද දන්නෙත් නෑ..අද එමලිටයි තාත්තටයි දෙන්නටම ඕන වුනේ මගේ වකුගඩු නම්.,
    දකුණු වකුගඩුව දකුණු අත වගේ හිටපු තාත්තට...
    වම් වකුගඩුව මගේ එමලිට.....
    ඔව්.,. එතකොට මට එකක් කෝ..මට ඕන නෑ මොකද මම ඇත්තටම මනුස්සයෙක්..." :)
    මෙතනදි පාඨකයාට හිතන්න දෙයක් තියන නිසා සහ එය කෙලින්ම නොකියා නිර්මනත්මනකව පැවසිම නිස.
    කෙටි කතාව ආරම්භය මිට වඩා ප්‍රබල උනා නම් හොදයි කියල හිතනව.
    "අද වෙනදා වගේ නෙමෙය්.හිම වැටෙන්නෙත් අමුතුම ලස්සනකට.පුටුවක් ජනේලය ලග තියාගෙන මම ගොඩක් වෙලා බලාගෙන හිටියා."
    මෙතනට වෙනකම් සිරා. ඉතිරි ටිකත් කෙලින්ම නොකියා කිවනම් හොඳයි යනු මගේ අදහසයි.
    "මා ගැන පවසනවානම් මා එංගලන්ත ජාතිකයෙකි.මගේ පියාණන් හා මව මද්‍යම පන්තියේ පුරවැසියන්ය.මුදල් සෙවීමට තිබූ ආශාව නිසා මා අවුරුදු 18 දී ලන්ඩනයට පැමිණීමට තීරණය කළේය..":no:
    මේ ටික නම් නොදැන්ම නම් හොදයි, වාර්තවක වගෙ ස්වරුපයක් පෙනව. කතව මැදත් සමහර කොටස් එහෙම තම මට නම් පෙන්නෙ.
    සහෝගෙ මේ ටිකනම් මරු.
    "මම අද උදේ ඉදන් වැඩ කළා..මට සතුටුයි..මා දැක්කා බොහෝ පිරිසක් කතාබස් කරමින් දුව පනිනවා.මටත් සෙල්ලමට කතා කළා.නමුත් මම කල වැඩේ අමතක කලේ නෑ.මන් හිතනවා අද මගෙන් වැටුණු දහදිය මට හෙට ආශීර්වාදයක් වෙයි කියල..මොකද, තාත්තා මට නිතරම කිව්වේ ලකුණු දාගන්න යට වඩා දාඩිය දාන කට්ටිය දිහා දෙයියෝ බලනවා වැඩි කියල.." :yes:
    මෙ ටික, "1943 මැද වන විට සැත්කම් සාර්ථකව කළේය..කිසි වෙකුටත් සැත්කම් අසාර්ථක නොවුනි.":no:කොහෙත්ම නොගැලපෙන බවයි මට හිතෙන්නෙ.
    "1943.06.28 ලියල තියෙන දෙයක් කියන්නම්.."අද 28 වෙනිදා..ගොඩක් සතුටු දවසක්..මගේ ඇගේ මට ඉන්න පුළුවන් විදියට අනිත් ඔක්කොම දේවල් දන් දුන්නා..ඇත්තටම මේ දේවල් අපිට දෙක දෙක ලැබිල තියෙන්නේ එකක් නැතිබැරි යට දෙන්නද දන්නෙත් නෑ..අද එමලිටයි තාත්තටයි දෙන්නටම ඕන වුනේ මගේ වකුගඩු නම්.,
    දකුණු වකුගඩුව දකුණු අත වගේ හිටපු තාත්තට...
    වම් වකුගඩුව මගේ එමලිට....." කියන එකෙන් ඔය ටික ඔක්කොම කියල තියනව.
    කෙටි කතවක ඉලක්කම් දැමීම යම් දුරකට නොගලෙපෙනව කියල හිතනව. නමුත් "1943.06.28 ලියල තියෙන දෙයක් කියන්නම්.." කියන තැනට නම් ඒක අවශ්‍යයි මම හිතනව.'
    ("මගේ පියාණන් හා මව මද්‍යම පන්තියේ පුරවැසියන්ය" ව්‍යාකරන හරිද? මම A/L සිoහල කරල නෑ. එතන ටිකක් අමුතුඉ වගෙ නිස කීවෙ.)
    කෙටි කතවක මුල සහ අග වැදගත් නිස එ ගැන පොඩ්ඩක් හිතනව නම් හොඳ.
    මෙ මගෙ අදහස් ටික. සමහර විට මම වැරදිත් ඇති. කීවනම හොඳයි කියල හිතුන නිස කීවෙ. වරදක් උනා නම් සමාවෙන්න.
    කතව හොඳයි. සහෝට ජය වෙන්න කියල ප්‍රර්තන කරනව.
     
    අන්න එල කොල්ලෙක්..මට දැනගන්න ඕනේ උනෙත් මගේ අඩුපාඩු..ඔක්කොම ලියල තියනවා ඔයා..තෑන්ක් යු සහෝ....:):)