එකතුවෙලා රනිල්ට ඇරියා වගේ .
ජනමතයේ මේ අපූරු පෙරැළිය හේතුවෙන් තව දුරටත් ජනාධිපතිවරයාගේ සහ එජාප අගමැතිවරයාගේ ජනවරම අහෝසි වී ඇති නමුත් පවතින ව්‍යවස්ථාමය තත්ත්වය යටතේ ඉතිරි වසර 2 හමාරක කාලය තුල ආණ්ඩුවක් විසිරුවා අලුත් ඡන්දයක් පැවැත්වීමට නොහැකිය. එසේ වී නමුත් පවතින ආණ්ඩුවට ප්‍රජාතන්ත්‍රවාදය අනුව ජනවරමක් නොමැතිව ආණ්ඩු කිරීමේ සදාචාරාත්මක අයිතියක් ද නැත.
එබැවින් අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ පත් කර ජනමතය දිනූ කණ්ඩායමට ආණ්ඩුවක් හදා ගෙන ඉදිරිකාලය රට පාලනය කිරීමට බාර දීමට පාලක එජාපය තීරණය කර ඇත. එමෙන්ම මහින්ද රාජපක්ෂගේ පාර්ශවයද මෛත්‍රීපාල සිරිසේනගේ ජනාධිපතිත්වය යටතේ මහින්ද රාජපක්ෂ අගමැති වරයා ලෙස පත් කර ආණ්ඩු කිරීමට ද කැමැත්ත ප්‍රකාශ කර තිබේ. බැසිල් රාජපක්ෂ මහතා මේ බව ජනාධිපති සිරිසේනට නිල වශයෙන් දන්වා ඇතැයිද වාර්තා වේ.
මෙතැනින් පසු මහින්ද රාජපක්ෂ විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය සිරිසේනගෙන් ලබා ගන්නා බවත් ඉන්පසුව පොහොට්ටුවේ ලකුණින් ඇති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ (SLPP) ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා බැඳුනු පෙරමුණක සාමාජික පක්ෂයක් ලෙස කටයුතු කරනු ඇති බවත් පොහොට්ටුවේ ප්‍රකාශකයෙකු ලංකා ඊ නිව්ස් සමග පැවසීය.
මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අස්වූයේ ද නැති අතර ශ්‍රීලනිපයේ හිඳිමින් වෙනත් පක්ෂයක පොහොට්ටුවක් ජයග්‍රහණය කරවූ නමුත් දැන් එය තම බලය පෙන්වා අහවර බැවින් නම්බුකාර ලෙස ශ්‍රීලනිපයේ නායකත්වය යලි ලබාගෙන පොහොට්ටුව ඊට ඈඳා ගැනීම කරනු ලබන බවත් එම ප්‍රකාශකයා කීවේය.
බැසිල් රාජපක්ෂ මහතා සහ එම පක්ෂයේ සභාපති ජී.ඇල්.පීරිස් මහතා එජාපයෙන් කැපී ගොස් සිටින විජේදාස රාජපක්ෂ මහතා හමුවී නව ආණ්ඩුවට ඇමැතිවරයෙකු ලෙස එන ලෙස ආරාධනා කර ඇති නමුත් විජේදාස රාජපක්ෂ එය ප්‍රතික්ෂේප කර ඇතැයි දැන ගන්නට තිබේ.
මෙම මැතිවරණයේ දී දෙපැත්ත කන චරිතය රඟපෑ මංගල සමරවීර ද මේතරම් පරාජයක් හමුවේ අගමැති ධූරය බාර ගැනීමට නොහැකි යයි ජනාධිපතිවරයාට දැනුම් දී ඇත. නමුත් මංගල අගමැති කිරීමක් ගැන පොහොට්ටු පාර්ශවයේ කිසිවෙකු ජනාධිපතිගෙන් අසා තිබුනේ නැත.

“මව්බිමට අලුත් උදෑසනක්“ යනුවෙන් තම නිල ෆේස් බුක් අඩවියේ සටහනක් තබා ඇති මහින්ද රාජපක්ෂ මහතා එහි මෙසේ කියා ඇත.
“ශ්‍රී ලාංකිකයන්, ශ්‍රී ලාංකිකයින් උදෙසා එකාවන්ව සිය ජනමතය ප්‍රකාශ කොට ඇත. මෙවර මැතිවරණයේ දී පොදු ජන පෙරමුණේ විජයග්‍රහණය මෙම දූෂිත ආණ්ඩුවට විරුද්ධව යළිත් රට ගොඩනැගීම උදෙසා ජනතාව සූදානම් බවට දුන් සහතිකයකි. මෙම විජයග්‍රහණය උදෙසා ඇප කැප වී කටයුතු කළ සියළු දෙනාටම බොහොම ස්තුතියි. කරුණාකර සාමකාමීව මෙම ජයග්‍රහණය සමරන්න.“