එකමත් එක කාලෙක ජනපතිට එසේ කළ හැකිව තිබිණ

monson

Well-known member
  • May 7, 2007
    25,683
    28,727
    113
    එකමත් එක කාලෙක ජනපතිට එසේ කළ හැකිව තිබිණ

    ආචාර්ය නිහාල් ජයවික්‍රම

    තමා බලයට පත්වෙන අවස්ථාවේ රටේ පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සැපයුණු පූර්ණ විධායක බලය තවමත් තමා සන්තකයේ පවතින බවත් ජනාධිපතිවරයා විශ්වාස කරන සෙයකි. එදා බලයට පත්වීමෙන් මාස තුනකට පසු පාර්ලිමේන්තුවේ එක් කලබලකාරී සැසි වාරයක ඔහුත් අසුන්ගෙන සිටියේය. එහිදී ඔහු නායකත්වය දැරූ ආණ්ඩුවෙන් ඉදිරිපත් කරන ලද 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත වන සැටි ඔහු බලා සිටියේය. ඒ සංශෝධනයෙන්, තවමත් ඔහු භුක්ති විඳින බලතල තුනක් හැරුණු කොට සෙසු සියලු බලතල ඉවත් කරන ලදි. ඔහු සන්තකයේ තවමත් තිබෙන ඒ බලතල වන්නේ, තානාපතිවරුන් පත්කිරීමට ඇති බලය, අමාත්‍යාංශ ලේකම්වරුන් පත්කිරීමට ඇති බලය සහ පළාත් සභා ආණ්ඩුකාරවරුන් පත්කිරීමට ඇති බලයයි. මේ බලතල පවා ඔහුට තනි මතේට පාවිච්චි කළ නොහැක. උදාහරණයක් වශයෙන්, ජනාධිපතිවරයා යම් රටක් වෙනුවෙන් අපේ තානාපතිවරයෙකු නම් කිරීමට පෙර එම තැනැත්තාට අදාළ රට එකඟ වන්නේ ද යන්න විදේශ ඇමැතිවරයාට සොයා බැලීමට සිදුවන්නේය. ඒ බවක් ඔවුන් ඔහුට නොකීවේ ඇයි?

    1541790438-Sri-Lanka-to-hold-snap-election-on-January-5-presiden.jpg


    අගමැතිවරයා ඉවත් කිරීමට තමාට බලයක් ඇතැයි ජනාධිපතිවරයා විශ්වාස කරයි. ඔව්, ඔහුට එවැනි බලයක් තිබුණි. එහෙත් ඒ, එකමත් එක කාලයක ය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඒ බලය ඉතා පැහැදිලිවම ඉවත් කරන ලදි. ඒ බවක් ඔවුන් ඔහුට නොකීවේ ඇයි?

    පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිමයෙන් ඇති මන්ත්‍රීවරයා වශයෙන් පාර්ලිමේන්තුවේ අති බහුතරයක් විසින් හඳුනාගෙන ඇති කෙනෙකු වුව අගමැතිවරයා වශයෙන් පත් නොකර සිටීමට තමාට බලය ඇතැයි ජනාධිපතිවරයා විශ්වාස කරයි. ඒ ඇයි? ඔහු කෙරෙහි ජනාධිපතිවරයා තුළ කැමැත්තක් නැති නිසා සහ ඔහු සමග වැඩ කිරීමට ජනාධිපතිවරයාට නොහැකි නිසා ය. අගමැතිවරයා වශයෙන් තෝරා ගන්නා තැනැත්තා කෙරෙහි ජනාධිපතිවරයා තුළ කැමැත්තක් තිබිය යුතු බවක් හෝ ඔහුට ජනාධිපතිවරයා ආදරය කළ යුතු බවක් හෝ ආලය කළ යුතු බවක් හෝ ව්‍යවස්ථාවේ සඳහන් නොවේ. අගමැතිවරයා යනු ජනාධිපතිවරයාගේ සේවකයෙකු නොවේ. ඔවුන් ඔහුට ඒ බව නොකීවේ ඇයි?

    ජනාධිපතිවරයා කැබිනට් අමාත්‍යවරුන් සංඛ්‍යාව තීරණය කළ යුතු බව ව්‍යවස්ථාවේ සඳහන් වෙයි. එහෙත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ කියැවෙන පරිදි අමාත්‍යවරුන්ගේ මුළු සංඛ්‍යාව තිහකට වැඩි නොවිය යුතුය. 2015 අගෝස්තු මාසයේ ජනාධිපතිවරයා තීන්දු කළ අමාත්‍යවරුන් සංඛ්‍යාව ඊට බෙහෙවින් වැඩි ප්‍රමාණයකි.1 එසේ වැඩි සංඛ්‍යාවක් ඔහුට පත්කළ හැකිව තිබුණේ, පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාවක් සහිත පක්ෂය විසින් ‘ජාතික ආණ්ඩුවක්’ පිහිටුවා ගනු ලැබුවහොත් ය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ අර්ථ නිරූපණයට අනුව, ‘ජාතික ආණ්ඩුවක්’ යනු, වැඩිම ආසන සංඛ්‍යාව ලබා ගත් පක්ෂය වෙනත් පිළිගත් පක්ෂ සමග එක්ව පිහිටුවා ගන්නා ආණ්ඩුවකි. (දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ නොමැතිව) එක්සත් ජාතික පෙරමුණ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය එක්ව පිහිටුවා ගත් ආණ්ඩුව සභාග ආණ්ඩුවක් මිස ‘ජාතික ආණ්ඩුවක්’ නොවේ. ඒ බවක් ඔවුන් ඔහුට නොකීවේ ඇයි?

    අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය තමන්ට වෙනස් කළ හැකි යැයි ජනාධිපතිවරයා විශ්වාස කරයි. එසේ කළ හැකි කාලයක් තිබුණි. එහෙත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ කියැවෙන පරිදි, අමාත්‍යවරයෙකු හෝ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ඔහුට ඉවත් කළ හැක්කේ, අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත ජනාධිපතිවරයාගේ අත්සන යටතේ යවනු ලබන ලිපියක් මගිනි. ඒ අනුව, අමාත්‍යවරයෙකු හෝ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ඉවත් කිරීමේ ක්‍රියාවලිය පටන් ගත යුත්තේ අගමැතිවරයාගෙනි. ජනාධිපතිවරයාට යම් අමාත්‍යවරයෙකු ඉවත් කිරීම හෝ අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය වෙනස් කිරීම හෝ කළ හැක්කේ අගමැතිවරයාගේ උපදෙස් මත පමණි. ඔහුට ඔවුන් ඒ බව නොකීවේ ඇයි?

    තමාට කැමති වෙලාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකි යැයි ජනාධිපතිවරයා විශ්වාස කරයි. එකමත් එක කාලයක එසේ කළ හැකිව තිබුණි. අද, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව, ඔහුට එය කළ හැක්කේ පාර්ලිමේන්තුවේ අවුරුදු පහේ වාර කාලයේ අවසාන මාස හයේදී පමණි. ඊට කලින් එය විසුරුවා හැරීමට ඔහු අදහස් කරන්නේ නම්, ඒ අරභයා වන යෝජනාවක් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කර ගත යුතුය. ඔහුගේ බලතල සහ කාර්යයන් යටතේ ඔහුට හිමිවන පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ඕනෑම අවස්ථාවක තමාට පාවිච්චි කළ හැකි යැයි ඔහු විශ්වාස කරයි. යම් බලයක් පාවිච්චි කිරීම, එය පාවිච්චි කළ යුත්තේ කෙසේද (ප්‍රකාශනයක් මගින්) සහ කවදා ද (අවුරුදු හතර හමාරකින් පසු) යන්න ගැන සඳහන් කෙරෙන පසු වගන්තියකින් සීමා විය යුතු බවට පවතින සාමාන්‍ය නීති නියාමය ඔහු නොදනී. ඔවුන් ඔහුට ඒ බව නොකීවේ ඇයි?

    පාර්ලිමේන්තුවේ යම් යෝජනා සම්මතයක් භාර ගැනීම ප්‍රතික්‍ෂේප කිරීමට තමාට බලයක් ඇතැයි ජනාධිපතිවරයා විශ්වාස කරයි. මන්ද යත්, ඔහු සිතන පරිදි ඒ යෝජනාව හරියාකාරව සම්මත වී නැති බැවිනි. පාර්ලිමේන්තු ක්‍රියා පටිපාටිය පිළිබඳ කිසි බලයක් ජනාධිපතිවරයාට නැත. එය මුළුමණින්ම කථානායකවරයාගේ කාර්යයකි. පාර්ලිමේන්තු ක්‍රියා පටිපාටියක් නිසියාකාරයෙන් සිදු වී ඇත් ද නැද්ද යන්න විනිශ්චය කළ හැක්කේ කථානායකවරයාට පමණි. එවැනි පාර්ලිමේන්තු ක්‍රියාවලියක විධිමත් භාවය හෝ නෛතික භාවය පිළිබඳ විනිශ්චයක් දීමට විධායකයටවත්, අධිකරණයටවත් බලයක් නැත. මීට කලකට පෙර අගවිනිසුරු සරත් නන්ද සිල්වා යටතේ පැවති අධිකරණය, පාර්ලිමේන්තු යෝජනාවක් කථානායකවරයා විසින් පිළිගනු ලැබීම වැළැක්වීමට උත්සාහ කළ අවස්ථාවේ, විශේෂඥ නීති උපදෙස් මත කටයුතු කළ කථානායක අනුර බණ්ඩාරනායක, අධිකරණයේ එම ප්‍රයත්නය ප්‍රතික්‍ෂේප කරමින් බල කේන්ද්‍ර අතර සීමා මායිම් පැහැදිලි කර දෙන ලදි. ඔවුන් ඔහුට ඒ බව නොකීවේ ඇයි?

    අගමැතිවරයෙකු සහ අමාත්‍යවරුන් නැති තත්ත්වයක් තුළ, අමාත්‍යාංශ ලේකම්වරුන් හරහා රාජ්‍ය පරිපාලනය ගෙන යා හැකි බවට ජනාධිපතිවරයා විශ්වාස කරන බවක් පෙනේ. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මේ කාරණයට අදාළ නිසි අනුපිළිවෙල දක්වා ඇත්තේ මෙසේ ය.

    (1) ජනාධිපතිවරයා අගමැතිවරයාව පත්කරයි.

    (2) අමාත්‍යවරුන් සහ අමාත්‍යාංශ සංඛ්‍යාව ද, අමාත්‍යවරුන්ට පැවරෙන විෂයයන් සහ කාර්යයන් ද ජනාධිපතිවරයා තීන්දු කරයි.

    (3) එසේ නිශ්චය කරන ලද අමාත්‍යාංශ සඳහා, අගමැතිවරයාගේ උපදෙස් මත, ජනාධිපතිවරයා අමාත්‍යවරුන්ව පත්කරන්නේය.

    (4) සෑම අමාත්‍යාංශයක් සඳහාම ලේකම්වරයෙකු ජනාධිපතිවරයා පත්කරන්නේය.

    (5) ඇමැතිවරයා යටතේ ඇති සෑම දෙපාර්තමේන්තුවක් සහ වෙනත් ආයතනවල අධීක්ෂණය, අමාත්‍යවරයාගේ මගපෙන්වීම සහ පාලනයට යටත්ව, අමාත්‍යාංශ ලේකම්වරයා සිදු කරන්නේය.

    (6) කැබිනට් අමාත්‍ය මණ්ඩලය විසුරුවා හැරුණු අවස්ථාවකදී අමාත්‍යාංශ ලේකම්වරයාගේ පත්වීමත් අහෝසි වන්නේය.

    දැන්, එක පැත්තකින්, අමාත්‍යාංශ ලේකම්වරයෙකු කටයුතු කරන්නේ ඇමැතිවරයාගේ මග පෙන්වීම මත මිස ජනාධිපතිවරයාගේ මගපෙන්වීම යටතේ නොවන බව පැහැදිලිය. ඊට අමතරව, ව්‍යවස්ථාවෙන්ම පෙන්වා දෙන පරිදි, ඇමැති මණ්ඩලය විසුරුණු අවස්ථාවක සෑම අමාත්‍යාංශ ලේකම්වරයෙකුගේම නිලයත් අවසන් වන්නේය. ඔවුන් ඔහුට මේ බව නොකීවේ ඇයි?

    මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව කෙරෙහි විශ්වාසයක් නැති බවට තෙවරක්ම පාර්ලිමේන්තුව සම්මත කර ගත් යෝජනා නොතකා හැරීමට තමන්ට බලයක් ඇතැයි ජනාධිපතිවරයා විශ්වාස කරයි. ව්‍යවස්ථාවේ 48 (2) වගන්තියේ සඳහන් පරිදි, ආණ්ඩුව කෙරෙහි විශ්වාසභංගයක් පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත්, අමාත්‍ය මණ්ඩලය විසිරෙන්නේය. ඉන් පසුව ජනාධිපතිවරයා අගමැතිවරයෙකු, කැබිනට් අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් පත්කළ යුත්තේය. සති ගණනක් තිස්සේම ඔහු ඒ කාරිය තවම ඉටු කොට නැත. ඒ අනුව, මුළුමණින්ම වගකීම් විරහිතව, රට අරාජිකත්වයකට පත්කොට ඇත. මේ රට, එහි ජීවත් වන අප සියල්ලන්ටම අයත් ය. තමාගේ හිතුමතේට කටයුතු කළ හැකි යැයි සිතන තනි පුද්ගලයෙකුට එය අයත් නැත. කවුරුවත් ඔහුට එය කියා දී නැත් ද?


    - http://divaina.com/daily/index.php/visheshanga3/21044-15-36
     
    Last edited:

    MaxFunMan

    Active member
  • Dec 10, 2014
    724
    247
    43
    රනිල් වික‍්‍රමසිංහ මහතාගේ පාර්ලිමෙන්තු මන්ත්‍රී ධුරය අහෝසි කරන්නැයි ඉල්ලමින් යුක්තිය උදෙසා කාන්තාවෝ සංවිධානය විසින් අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනු කරනු ලැබීය.
    වික‍්‍රමසිංහ මහතාට චෝදනා එල්ල වන්නේ කොටස් වෙලදපලේ ලයිස්තු ගත ලේකහවුස් ප‍්‍රින්ටර්ස් ඇන්ඞ් පබ්ලිෂර්ස් සමාගමේ 09 වන විශාලම කොටස් හිමිකරු ලෙස කොටස් 38,964ක අයිතිය දරමින් රජයේ ආයතන සදහා සේවා සපයන ගිවිසුමකට එළැඹ තිබීමයි.
    මහජන බැංකුව, ජාතික ඉතිරිකිරීමේ බැංකුව යන බැංකු වල චෙක්පත් මුද්‍රණය, වෙනත් කාඩ්පත් මුද්‍රණය ආදී සේවාවන් ලබා දී 2014 වසරේ සිට ලාභ ලබා ඇතැයිද වික‍්‍රමසිංහ මහතාට චෝදනා එල්ල වෙයි.
    මෙමගින් එජාප නායකයා ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවේ 91:1 ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු වීමට නුසුදුස්සකු වන බවත් ඔහුගේ මන්ත‍්‍රී ධුරය අහෝසි වන බවටත් පැමිණිලිකරැු කියා සිටී.
    2000 වසරේදී රාජිත සේනාරත්න මහතාගේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයද අහෝසි කරන ලද්දේ මේ හා සමානම හේතුවකිනි.
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,371
    1
    4,074
    113
    We know that country needs money / foreign exchage for payment of loan installments and other expenses.

    Due to MS, MR, Wimal, advised by Sarath our currency has depreciated unprecedented level after unconstitutional decisions.

    Who will pay for this massive extra funds MS, MR, RW or Sarath.
    Do we need another commission to find liability.
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    රනිල් මෙච්චර කල් ඉදල තියෙන්නෙත් ව්‍යවස්තාවට පටහැනිව ,මහින්ද නම් කොහොමත් ඉල්ලීගල්නෙ .ඔක්කොම ඇනුනහම තමා ව්‍යවස්තාව මතක් වෙන්නෙ . එතකන් මොකුත් නෑ :rofl::rofl::rofl: