එකමරටක් එකමනිතියක් -1

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    එකමරටක් එකමනිතියක් -1

    දැන් එක වෙන්ට සිංහල අපේක්ෂකයෙක් එකම රටක් එකම නිතියක් කියලා මහා අඩව්වක් අල්ලනවා. මේ උන්දැගේ අයියා රජ කරනකොට එකම රටක් එකම නිතියක් දුන්නු හැටි..
    පලවෙනි කොටස හොඳේ...

    විවාහ ලියාපදිංචි කිරීමේ ගාස්‌තු සංශෝධනයේදී සිංහලයන්ට අසාධාරණයක්‌ වී ඇතැයි ජාතික සංඝ සම්මේලනය නිවේදනය කරයි.

    නව ගාස්‌තු සංශෝධනය අනුව සිංහල ජාතික විවාහ අපේක්‍ෂකයන් රුපියල් 5000 ක්‌ ගෙවිය යුතු අතර මුස්‌ලිම් ජාතිකයකු ගෙවිය යුත්තේ 1500 ක්‌ පමණක්‌ බව සංඝ සම්මේලනය නිවේදනය කර සිටී. මේ පිළිබඳව ජාතික සංඝ සම්මේලනයේ ජාතික සංවිධායක පස්‌සරමුල්ලේ දයාවංශ හිමියන් විසින් රෙජිස්‌ටාර් ජනරාල් ඊ. එම්. ගුණසේකර මහතා වෙත යෑවූ ලිපියේ මෙසේ ද සඳහන් වේ. චක්‍රලේඛ අංක 5/2012 අංකය අදාළව සියලුම දිස්‌ත්‍රික්‌ ලේකම් අතිරේක රෙජිස්‌ටාර්වරුන් ඇතුළු අදාළ නිලධාරීන් වෙත එවා ඇති චක්‍රලේඛය හා බැඳේ. කරුණු අධ්‍යයනයේදී මෙම චක්‍රලේඛයට අනුව විවාහ ලියාපදිංචිය සම්බන්ධව විෂමතාවක්‌ දක්‌නට ඇති බව පෙනේ. එහිදී මුස්‌ලිම් ජාතිකයකුට විවාහ ලියාපදිංචි කිරීමේදී කාර්යාලයෙන් පිටතදී විවාහයකදී රජයට ගෙවිය යුතු මුදලක්‌ නැත. එහෙත් සිංහල අයකු ඒ සඳහා රු. 3500.00 ක මුදලක්‌ ගෙවිය යුතුය.

    මේ අනුව සාමාන්‍ය විවාහයකදී රෙජිස්‌ටාර්ට ගෙවන මුදල සමඟ සිංහල ජාතික විවාහ අපේක්‍ෂකයා රු. 5000.00 ක්‌ ගෙවිය යුතුය. මුස්‌ලිම් ජාතිකයකු ගෙවිය යුත්තේ රු. 1500.00 කි. එබැවින් මෙහි පෙනෙන විෂමතාව ගැන ඔබතුමන්ගේ අවධානය යොමුකරවන මෙන් ඉල්ලා සිටින අතර රටක සියලු පුරවැසියන්ට එකම නීතියක්‌ යටතේ කටයුතු කළ යුතු බව ද සිහිකරන්නේ කරුණාවෙනි.




    දැන් ඉතින් ගොනා එන්නේ අමුතුම විදියකට.


     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඉරෝසන්ට සහා නික්ඉරෝෂ්83 ට නොපෙනෙන ත්‍රෙඩ්
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ඉරෝසන්ට සහා නික්ඉරෝෂ්83 ට නොපෙනෙන ත්‍රෙඩ්
    පොන්න පැටව්, රට ගැන කැක්කුමක් නෑ . තිබ්බ නම් අඩුම තරමේ බම්ප් එකක්වත් දාන්න හිතෙනව