අපි කතා කරමු ආර්ය අෂ්ඨාංගික මාර්ගය ගැන.
දුකින් මිදෙන මග, නිවන් අවබෝධ කිරීමට ඇති මාර්ගය චතුරාර්ය සත්‍යයේ සතරවන සත්‍යයයි. එහි අංග අටක් තිබෙනවා.
දුකින් මිදෙන මග, නිවන් අවබෝධ කිරීමට ඇති මාර්ගය චතුරාර්ය සත්‍යයේ සතරවන සත්‍යයයි. එහි අංග අටක් තිබෙනවා.
- සම්මා දිට්ඨි- ජීවිතය අවබෝධ කිරීම පිණිස ඉතාම යහපත් ලෙස පවත්නා අවබෝධ ඤාණය, නැත්නම් දැඩිව පිහිටි අදහස
- සම්මා සංකප්ප- ජීවිතය අවබෝධ කිරීම පිණිස ඉතාම යහපත් ලෙස පවත්නා කල්පනා කිරීම
- සම්මා වාචා- ජීවිතය අවබෝධ කිරීම පිණිස ඉතාම යහපත් ලෙස පවත්නා වචනය හැසිරවීම
- සම්මා කම්මන්ත- ජීවිතය අවබෝධ කිරීම පිණිස ඉතාම යහපත් ලෙස පවත්නා වැඩ කටයුතු කිරී
- සම්මා ආජීව- ජීවිතය අවබෝධ කිරීම පිණිස ඉතාම යහපත් ලෙස පවත්නා දිවි පැවැත්ම
- සම්මා වායාම- ජීවිතය අවබෝධ කිරීම පිණිස ඉතාම යහපත් ලෙස පවත්නා උත්සාහ කිරීම
- සම්මා සති- ජීවිතය අවබෝධ කිරීම පිණිස ඉතාම යහපත් ලෙස පවත්නා බලවත්ව යොමු කළ සිහිය
- සම්මා සමාධි- ජීවිතය අවබෝධ කිරීම පිණිස ඉතාම යහපත් ලෙස පවත්නා සිතෙහි එකඟ බව
