එකම වරද වුනේ ඇය ළමයි හදන්න මැලිවීම

FUC_

Banned
Nov 24, 2012
250
20
0
එකම වරද වුනේ ඇය ළමයි හදන්න මැලිවීම

jjjjjjjjj.jpg







පසුගිය දවස් වල කලා ලොකයෙ ජනප්‍රිය යුවලක් වන රොෂාන් - චතුරිකාගේ ජීවිත එක වහලක් යටට ඒමේ බලාපොරොත්තුව බිද වැටුනු අතර මාධ්‍යයට ඔවුන් දෙදෙනා මේ ගැන විවිධ උත්තර දී තිබුනා. නමුත් ගිය සතියේ මීවිත අතිරේකයෙ පළවුනු චතුරිකාගේ හා මේ සිද්ධියට සම්බන්ධ තෙවැනි පාර්ශවයෙ සම්මුඛ සාකච්ඡා නිසා රොෂාන් නැවතත් මාධ්‍යය අමතා අදහස් ප්‍රකාශ කලා. ඔහු දිවයිනට පවසා තිබුනේ මේ සිද්ධිය ගැන මාධ්‍යයට කරන අවසන් කතාව මෙය කියලයි.

"ඇත්තටම ඔය සිද්ධිය සම්බන්ධයෙන් යලිත් කතා කරන්න ලැබීම ගැන පලමුවෙන්ම කණගාටු වෙනවා. මොකද මේක හරිම පිළිකුල් දනවන සිද්ධියක්. රංගන ශිල්පියෙක් විදිහට යළිත් මම අතිශයින්ම කනගාටුව පළ කරනවා, මොකද මෙය සමාජයට ආදර්ශයක් ලබා දෙන සිදුවීමක් නොවන නිසා. මම කිසිම ප්‍රකාශයක් යළිත් මාධ්‍යයට නොකර ඉන්නයි කල්පනා කලෙ. නමුත් යළිත් මට ඒ වෙනුවෙන් කතා කරන්න සිද්ධ වුනා.
මේ සිද්ධිය වුනාට පසුව ක්ෂේත්‍රයේ අය වගෙම මගෙ මිතුරන් ගොඩක් දෙනෙක් ඇහැව්වා ඇයි මේ නිහඩව ඉන්නේ කියලා. තවත් සමහරු හිතුවා මම දැනුවත්වම මේ දේවල් සිදුවෙනවා කියලා. නමුත් මෙයට අදාලව කල ප්‍රකාශය අහපු හා දැකපු අය දන්නවා මම මේ දේවල් කිව්වෙ ද්වේශසහගතව නෙමෙයි කියලා. මාධ්‍ය ඉදිරියේ කතා කරන විලාසයක් තියෙනවා. අනික කලාකරුවෙක් වුනාහම විනයක් තිබිය යුතුයි. ඔවුන්ගේ හැසිරීම ගැන මට ලොකු වේදනාවක් තියෙනවා.

චතුරිකාව මම විවාහ ගිවිස ගත්තේ මීට අවුරුදු හතකට කලින්. මගෙ ගෙදරදී තමයි විවාහය සිදුවුනේ. ප්‍රවීණ කැමරා ශිල්පී ජී. නන්දසේන හා රංගන ශිල්පී ටිරෝන් මයිකල් තමයි අපේ විවාහ ගිවිස ගැනීමට අත්සන් කලෙ. මම ඇයව විවාහ ගිවිස ගන්න කොට ගොඩක් අය දැන ගෙන හිටියේ නැහැ. ඇය මා ලගට ආවේ රබර් සෙරෙප්පු දෙකක් දාගෙන. මම ඇයව විවාහ ගිවිස ගත්තේ ඇයගෙන් කිසිම දෙයක් ලබාගෙන නෙමෙයි.
රබර් සෙරෙප්පු දෙකක් දාගෙන මා ළගට ආපු ඒ ගැහැණියට අදටත් මම ආදරෙයි. ඒ වගෙම ගරු කරනවා. ජීවිත කාලයටම ඒ ගරුත්වය තිබෙනවා. මේ සිද්ධිය සම්බන්ධයෙන් මට දැඩි ලෙස දෝෂාරෝපණය කරමින් කතා කරන්නේ ඇය නෙමෙයි. ඒක මම හොදාකාරවම දන්නවා. චතුරිකා කියල තිබුනා වෙලෙද නාමයට ආදරය කලා කියලා. ඇයව ජනප්‍රිය වෙන්න කලින් තමයි මම ඇයට ආදරය කලෙ. එතකොට ජනප්‍රිය වෙළෙද දැන්වීම නිර්මාණය වෙලා තිබුනේ නැහැ. ඒ දැන්වීම නිර්මාණය කළ පුද්ගලයා පවා දන්නවා මම ඇයව විවාහ ගිවිස ගත්තේ ජනප්‍රිය වීමට පෙර බව.

මම ඇත්තටම ඇගේ වරදක් කියන්න කිසිම සුදානමක් නැහැ. එකම වරද වුනේ ඇය ළමයි හදන්න මැලිවීම. ඇයට රංගන ශිල්පිනියක් විදිහට හැමදාම ජනප්‍රිය තලයෙ ඉන්න ඕනෑ වුණා. සියලු දෙනාටම කියලා කසාදය ප්‍රසිද්ධ කිරීමේ මැලිකමකුත් තිබුණා. ඇත්තටම අපි විවාහ ගිවිස ගත්තේ මීට අවුරුදු හතකට කලින්. අපි එකට රගපෑ ඉසුරු සංග්‍රාමය, ප්‍රාර්ථනා මල්, සිහින කුමාරි නාට්‍ය වලට කිසිම මුදලක් මම අය කලෙ නැහැ. ඒ සියලුම මුදල් ඇයට දෙනවා වගෙම සංස්කරණ මැදිරියේ වැඩ වලට මුදල් යොදවන්න කිව්වා. අපි එකතු වෙලා ගෙයකුත් හැදුවා. ඒකේ ණයත් ගෙවනවා. ඇයට කළ හැකි හැම දෙයක්ම කරලයි සමු ගත්තේ. මම මේ දෙවල් මාධ්‍යට කියන්න කැමති නැහැ. නමුත් ඇය කියල තිබුණා වෙළද දැන්වීමකට මම ආදරය කළා කියලා. ඒකයි මේ දේවල් කියන්න සිද්ධවුනේ. නැවතත් ඇය ගැන කතා කිරීමට කැමති නැහැ."

තෙවැනි පාර්ශවය සම්බන්ධයෙන් රොෂාන් දක්වා තිබුනේ මෙවැනි අදහසක්.
"මේ සම්බන්ධය ගැන මුලින්ම දැන ගත්තේ ජංගම දුරකථනයෙ තිබුණ කෙටි පණිවුඩය මගීන්. මුලින් මම ඒක විශ්වාස කලෙ නැහැ. අපි දෙන්නා එකතු වෙලා ටෙලිනාට්‍ය නිෂ්පාදනය කලා. එහි මුදල් වල අඩුවක් තිබුනා. ඒ ගැන සොයන විටයි මේ ගැන දැන ගන්න ලැබුණේ. කොටින්ම කිව්වොත් මම එයාගේ ජංගම දුරකථනය පවා බලන්නේ නැහැ. ඒ තරමටම ඇයව විශ්වාස කළා. අහම්බයෙන් දුරකථනය බලද්දි කෙටි පණිවුඩයක තිබුණා මුදල් දුන්නට ස්තූති කරලා. ඒ මුදල් වියදම් කරලා තමයි ඔහු වාහනයක් අරගෙන තියෙන්නේ. එවිටයි මම දැන ගත්තේ සම්බන්ධයක් තියෙනවා කියලා. ඒ වගෙම ඔහුගේ බිරිදගෙ වැරදි වගෙම මා ගැන වැරදි කියලා කෙටි පණිවුඩ රැසක් චතුරිකාගේ ජංගම දුරකතනයෙ තිබුණා. එවිටයි මම දන්නේ මේ පුද්ගලයා විවාහ වෙලා කියලා.
ඔහු මීට කලින් බැදලා කියලා මාධ්‍යට කියලා තියෙනවා මම දැකලා නැහැ.

මම මේ සිද්ධිය අහන්න ඔහුට එන්න කිව්වා. එතකොට ඔහු කෙළින් හිට ගන්න බැරි තරමට මත්පැන් පානය කරලයි මාව හමු වෙන්න අවේ. ඒ ඇවිත් මගෙ ගේ ළගදී දෙමව්පියන් ඉදිරියේම මම චතුරිකාට ආදරෙයි කියලා කිව්වා. තව එක එක විකාර කියවන්න පටන් ගත්තා. ඊට පස්සේ ඔහුගේ ගෙදරදීම තමන්ගේ බිරිද ඉදිරියේ මේ ප්‍රශ්නය නිරාකරණය කරන්න ගියාම තමන්ගේ බිරිද ඉදිරියේ ඇයව දාලා චතුරිකා එක්ක යනවා කියලා ප්‍රකාශ කළා.
චතුරිකාගේ පවුලේ අයත් ඔහුගේ බිරිදගෙ පවුලේ අයත් එතැන හිටියා. එත කොටයි ඔය කතාව කිව්වේ. මම කවදාවත් මේ පුද්ගලයගෙ ගෙදර ගිහිල්ලාවත් ඔහුගේ බිරිදව දැකලාවත් දන්නේ වත් නැහැ. මොහුගේ අරමුණ ගැහැණුන් රවටා මුදල් ගැනීම මිස සැබෑ ආදරය කිරීම නොවේ. මේ පුද්ගලයා ගැන කතා කරලා කාලය කා නිසරු දෙයක් හැටියටයි අම නම් දකින්නේ. මේ ගැන සත්‍ය සිදුවීම කඩවත පොලිසියත් චතුරිකාගේ පවුලේ හිතවතුන් හා ඔහුගේ බිරිදගෙ පවුලේ සියලු දෙනා දන්නවා.

ආයෙමත් මම මේ ගැන පැටලෙන්න සුදානමක් නැහැ. මට දෝෂාරෝපනය කරන සැමට යහපතක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ ප්‍රශ්නය මේ භවයෙ සිට තවත් භවයකට අරගෙන යන්න සුදානමක් නැහැ" යැයි අවසන් වශයෙන් අපට පැවසුවා. මේ ගැන මාධ්‍යට කතා කරන අවසාන කතාව තමයි මේ සිදු කලෙ.


By: දිවයින
 

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
මහා සවුත්තු වැඩක් මේ ගෑණී කරලා තියෙන්නේ. නමුත් මෙහෙම හරි මූ බෙරිච්ච එක ලොකු දෙයක්.
 

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    මට වෙච්චි එකේ අනිත් ඒක මචං උඹට වෙලා තියෙන්නේ
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    කවුරු ඇත්ත කියනවද කවුරු බොරු කියනවද දන්නෙ මුන්ම තමයි :dull: නලු නිලියොනෙ රගපාන එකනම් උපරිමෙන්ම පිහිටලා තියෙනවා :lol:
     
    Last edited:

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    කවුරු ඇත්ත කියනවද කවුරු බොරු කියනවද දන්නෙ මුන්ම තමයි :dull: නලු නිලියො රගපාන එකනම් උපරිමෙන්ම පිහිටලා තියෙනවා :lol:

    මෙයා කියන කථාව හරි, ගයාන් කියන එකාගේ ගෑණි පවා පත්තරේ Interview එකකට මේ කථාවම ඒකිගේ පැත්තෙන් කියලා තියෙනවා.
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    නයි නළගන ජුන මළගෙදර යයි රොෂාන් චතුරිකා රටේ දැවෙනම ප්‍රශ්න ටික ආණ්ඩුවයි විපක්ෂයයි මේවට අරන් තියන පියවර මොනවද
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනේ මන්ද බං මොකා ඇත්ත කියනවද මොකා බොරු කියනවද කියලා.. ඕකුන් දෙන්නම රඟපාන එකනේ කරන්නෙ.. සැබෑ ජීවිතෙත් එහෙමම වෙන්න ඇති.. ගයාන් වික්‍රමතිලක කියන එකත් එක්ක චතුරිකා සම්බන්ධයක් තියෙනව කියලා මම දැක්කා කොහේ හරි තියෙනවා.. ඌත් උගේ ගෑනිවයි ළමයවයි දාලා වෙනමලුනේ ඉන්නෙ.. ගයාන් කියනව නෝනා වැරදියි කියලා.. නෝනා කියනවා මූ වැරදියි කියලා.. අනේ මන්දා.. අපිට වැඩක් නෑ බං පවුල් ප්‍රශ්න.. උන්ම විසඳගනියි..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මෙයා කියන කථාව හරි, ගයාන් කියන එකාගේ ගෑණි පවා පත්තරේ Interview එකකට මේ කථාවම ඒකිගේ පැත්තෙන් කියලා තියෙනවා.
    මව්බිම පත්තරේ නේද තිබුණෙ..?
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කවුරු ඇත්ත කියනවද කවුරු බොරු කියනවද දන්නෙ මුන්ම තමයි :dull: නලු නිලියොනෙ රගපාන එකනම් උපරිමෙන්ම පිහිටලා තියෙනවා :lol:

    නෑ මචෝ මේ රොෂාන් කියන කතාව ඇත්ත..මෙයාට මේ කතාව මුලදීම කියන්න තිබුණ වෙලාවේ මෙයා කියුවේ නෑ..කොහොමත් මීට අවු..2කට උඩදි ඉඳන් දෙන්නගෙ පොඩි පොඩි මත ගැ‍ටුම් තිබුනා..වෙන් වුන එක නෙමෙයි අවුල...feedback එක..තුන් දෙනෙක්ගේ ජීවිත අවුල් වෙනවා...