එකම විස්සවිද්යාලෙන් ඉගෙන ගෙන

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    ඕක මුල් කාලෙදි ඕන රට මධ්‍යම පාන්තික රටක් වෙනකන්. ටික ටික ඕකෙන් ගැලවිලා ඔයවගේ දේකට යන්න ඕනෙ. මොකද මධ්‍යම පාන්තිකයො වැඩියෙන් ඉන්න රටකට ඕක වැඩක් නෑ. අවම ආදායම් ලාබීන්ට විතරක් ශිෂ්‍යත්ව විදියට දෙන්න ඕනෙ. ඕව කරන්න ඉතින් ජෙප්පො එක්ක බෑ.

    අවම අදායම් ලාබී අයට උනත් ණයක් දුන්නම ප්‍රමාණවත් නේද? රස්සාවක් කරන කාලෙක ණය ගෙවන්න පුළුවන්.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,859
    113
    කලින් නුලක මම කියපු දෙයක් අයෙත් කියන්නම් ....

    කොච්චර රළු වුනත් , පිළිගන්න අප්‍රසන්න වුනත්, සදාචාර විරෝදී වගේ පෙනුනත්, තව ලංකාවේ තියන ගොන් තකතීරු මතයක් කියන්නම් :

    කවුරු හරි හිතනවානම් අපේරටේ තියන කන්නන්ගරගේ නිදහස් අධ්‍යාපනයෙ දීලා හේන් ගොවියන්ගේ, කම්කරුවන්ගේ වගේ පවුල්වල ඉන්න ළමයින් ලෝක මට්ටමේ බුද්දිමතුන් කරලා ලංකාව දියුණුකරන්න ..... ඒක නොමේරූ සිහිනයක් පමණයි!!!
    වෙන්න ඇති බන් මම දන්න නිදහස් අධ්‍යාපනයෙන් ගොඩ ගිය අන්ත දුගී family / lower Middle class එවුන් ගොඩක් වෙන රටවල සැප ජීවිත ගෙවනවා. 😂 ලංකාවට එවන ඩොලර් ටිකක් තමයි, ආයේ ආයෝජන ගෙනල්ලා ලංකාවේ කර්මාන්ත හදලා gdp වැඩි කරනවා කියල යෑ....

    උන් FB, twitter වල පට්ට social media campaign නම් කරනවා රට දියුණු කරන හැටි. උන්ට මතක නෑ මිනිස්සු ගෙව්ව බදු වලින් තමයි උන් ඔය ආතල් ගන්නේ කියලා.
     
    • Like
    Reactions: ChoronaSottiya

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,047
    4,597
    113
    in australia you get doctors who dont even tell you that they are doctors until you ask them or some conversation comes up. and people here dont bother even if you are one. in sri lanka everything is bloated
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,868
    1
    15,199
    113
    අවම අදායම් ලාබී අයට උනත් ණයක් දුන්නම ප්‍රමාණවත් නේද? රස්සාවක් කරන කාලෙක ණය ගෙවන්න පුළුවන්.
    ඉගෙනගන්න විතරක් නෙමෙයිනෙ උන්ට වහාන ඉඩම් ගන්නත් ණය එක්ක ඕකත් සෙට් උනාම එල්ලෙන්න වෙන්නෙ.
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,032
    6,947
    113
    Nawala
    දන්නේ නැති නිසා අහන්නේ සිරාවටම.
    නිදහස් අද්යපනේ කියල ඕක නිකන් දෙන්නම ඕනද? පස්සේ රස්සාවල් කරන කාලෙක ගෙවන්න කියල රජයෙන් අද්යාපන ණයක් වගේ දුන්නොත් නිදහස් අද්‍යාපනය නැති වෙලා ලංකාව ලෝකේ දියණුම රට විදියට තියෙන තැන නැති වෙන විදිය දන්නා කෙනෙක් කියල දෙන්නකෝ...
    මමමෙතන "නිදහස් අද්‍යාපනය" කියලා හදුන්වන්නේ අද ලංකාවේ ක්‍රියාත්මකවන අද්යාපන ක්‍රමවේදය හදුන්වන පොදුනම ඒක හින්දා. නැතුව ඒක නොමිලේ දෙනවද , නැද්ද, ඒකට ද්යාපන ණය ක්‍රමයක් හදුන්වා දෙන්න ඕනෙද කියන එක නෙමේ. ඇත්තටම ඒක පස්සේ අනිවාර්යයෙන්ම කතා කරන්න ඕනේ දෙයක්. නමුත් මුලික කරුණ තමයි මේ අද්යාපන ක්‍රමය ඇතුලේ අපි අනාගත පරපුර උගතුන් කරන්න යන්නේ කොහොමද ? මේ දක්වා කරපු දේවල් වලින් ඔය කියන මට්ටමේ උගතුන් බිහිවෙලා තියනවද , එම වැඩසටහනට යොදපු පිරිවැයට ප්‍රතිලාබ ලැබිලා තියනවද කියන එකයි. නමුත් 40' ගණවල cww කනන්ගර මහත්තයා ඒ කාලේ හැටියට ඒ කරපු දේ අති විශිෂ්ට විප්ලවයක්. නමුත් අදටත් ඒක ඒ විදිහටම ගැලපෙනවද කියලා බලන්න ඕනේ.

    මම මේක තේරුම් ගන්න එක ප්‍රශ්නයක් අහන්නම් : අපි අපේ විශ්වවිද්‍යාල වල "සමාජවිද්‍යාව" කියලා විෂයක් දැන් අ. 70 තිස්සේ විතර උගන්නනවා. මේ උගන්නපු දේවල් ඉගන ගත්තු විශාල ප්‍රමාණයක් ඉන්නව, PHD කරපු විශාල ප්‍රමාණයක් ඉන්නව. හැබැයි මේ අ. 70 තුල අපට පුළුවන් වෙලා තියනවද ලෝකේ මිනිසු යම්කිසි මට්ටමකින් කතා කරන, ලෝකේ තියන අනිත් විශ්වවිද්‍යාල පිළිගන්න මට්ටමේ සමාජවිද්‍යා නියායක් හදන්න පුළුවන් උගතෙක් බිහිකරගන්න ?

    මම මෙතන "සමාජවිද්‍යාව" ගත්තේ උදාහරණයක් විදිහට විතරයි. අනිත් විෂයන් ගැනත් කියන්න තෙයෙන්නෙ ඔයටිකම තමා. අනික මෙතන විද්‍යා විෂයක් ගත්තොත් කවුරුහරි කියන්න පුළුවන් අපට ඉහල මටමේ පරික්ෂන කරන්න ප්‍රාග්ධනය නෑ එකයි අපට බැරි වගේ බොරු කතාවක්. නමුත් "සමාජවිද්‍යාව" ඉගන ගන්න ඔයකියන මහලොකු ප්‍රාග්ධනයක් ඕනේ නෑ . පොත් කියවලා, සාකච්චා කරලා (Literature review method) නිබන්දන ලියන්න පුළුවන්, නියායන් හදන්න පුළුවන්. නමුත් අපි කරපු දෙයක් නෑනේ ......!

    අනිත් දුර්වල කම තමයි මේ අපේ අද්යාපන ක්‍රමයතුලින් ධනවාදය විසින් හසුරවන සමාජයකට හරියටම ප්ලග් වෙන්න පුළුවන් මිනිස්සු බිහි නොකරන එක. ඒක තමයි මම කිවේ දිලිදු පවුල් පසුබිමකින් එන ළමයිට මේ ක්‍රමය ඇතුලේ සාර්ථක වෙන්න අමාරුයි කියලා. මොකද ඔය පවුල් පසුබුමින් එන බොහෝ දෙනෙකුට ධනවාදය ඇතුලේ සමාජය විකාශනය වෙන්නේ කොහොමද කියන එක ගැන මෙලෝ හසරක් තේරෙන්නේ නෑ. තියෙන්නේ නිදහස් අද්‍යාපනයෙන් උගන්නපු යම්කිසි දෙයක් විතරයි. නමුත් ලෝකමට්ටමේ දී ගත්තොත් ඔය සියලු විෂයන් ඉදිරියට යන්නේ ධනවාදය විසින් මෙහෙයවන තලයක. ඒකතමයි අපට හරියට ලෝක මට්ටමට ප්ලග් වෙන දේවල් කරන්න බැරි.