එකවර පෙම්වතුන් දෙදෙනකුට ආදරය කළ පෙම්වති&#3514

bohokal

Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    එකවර පෙම්වතුන් දෙදෙනකුට ආදරය කළ පෙම්වති&#3514

    එකවර පෙම්වතුන් දෙදෙනකුට ආදරය කළ
    පෙම්වතිය නිසා ගුටිකෙළියක්‌
    එක්‌ පෙම්වතෙක්‌ අත්අඩංගුවට

    එච්. කලාපය නන්දන සමන් කුමාර

    එක්‌ පෙම්වතියක්‌ එකවර පෙම්වතුන් දෙදෙනකුට ආදරය කිරීමෙන් පෙම්වතුන් දෙදෙනා එකම අවස්‌ථාවකදී ඇය මුණගැසීමට යාමෙන් සිදුවූ ආරවුලකදී පෙම්වතෙක්‌ අනෙක්‌ පෙම්වතාට පහරදීම නිසා එක්‌ අයෙකු නොච්චියාගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙම සිද්ධියට සම්බන්ධ පෙම්වතුන් දෙදෙනා හා පෙම්වතිය පාසැල් සිසු සිසුවියන් වේ. සිසුවිය පෙම්වතුන් දෙදෙනාට හසුනොවන පරිදි එකිනෙකාට හොර රහසේ දෙදෙනා සමගම ප්‍රේම සම්බන්ධතාවන් පවත්වාගෙන ගොස්‌ ඇත. පසුගිය දිනක තම පෙම්වතිය සමග එක්‌ පෙම්වතෙක්‌ පෙම්බස්‌ දොඩමින් සිටින විට අනෙක්‌ පෙම්වතාද පෙම්වතිය සොයා පැමිණ තිබේ. එහිදී තම පෙම්වතිය තවත් අයෙකු සමග ප්‍රේමයෙන් ඇලිගැලී සිටින අයුරු දැක ඔහුට පහරදී ඇත. පහරකෑ පෙම්වතා පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව පහරදුන් අනෙක්‌ පෙම්වතා අත්අඩංගුවට ගෙන ඇත.

    මෙසේ අත්අඩංගුවට ගත් පාසල් සිසුවා තඹුත්තේගම මහෙස්‌ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරන ලදුව ලක්‍ෂය බැගින් වූ ශරීර ඇප දෙකක්‌ හා රුපියල් 1000 ක මුදල් ඇපයක්‌ මත මුදාහරින ලෙස මහෙස්‌ත්‍රාත් එස්‌. බී. ඉලංගසිංහ මහතා විසින් නියෝග කළ අතර මාර්තු මස 03 වැනි දින නොච්චියාගම සංචාරක මහෙස්‌ත්‍රාත් අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙසත් නියෝග කළේය. නොච්චියාගම පොලිසියේ සථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක එස්‌. පී. එදිරිසිංහ මහතාගේ උපදෙස්‌ මත අපරාධ විමර්ශන අංශය සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර සැකකරු වෙනුවෙන් නීතිඥ මහේෂ් ශ්‍රීලාල් තලංගල්ල මහතා පෙනී සිටියේය.




    http://www.divaina.com/2016/01/13/provin06.html

    :yes::yes::yes::yes::yes:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    oka tamai kiyanne mokadda ekak nisa gembek wenna epa kiyala :lol:
    hari nam wenna oni kollo denna ekatu wela boru karapu kellata gahana ekane. mokada e kellane double game dunne, anit kollat danne natiwa athi melo magulak :P
    Anyway katawtah gahana eka anumatha karanne na