එක්තරා මදුරුවෙකුගේ කතාවක්
එක්තරා මදුරුවෙකුගේ කතාවක්
=====================
අනේ මමත් ඇස් ලේ ඇට නහර වලින් හැදුනු ඔයාල වගේම සත්වයෙක්. මටත් කුසගින්න පිපාසය දැනෙනව. ඒත් මගේ කුසගින්න පිපාසය සංසිදුව ගන්න තියෙන එකම ආහාරය තමයි රුධිරය. මම ලේ බොන්නෙ ඔයාලව පීඩාවට පත්කරන්න, ඔයාලට කරදර කරන්න හිතාගෙන නෙවේ. මගේ බඩගින්න ඉවසගෙන ඉන්න බැරි නිසයි.
ඔයාලට කන්න ඕනෙතරම් දේවල් තියෙද්දිත් ඔයාල අහිංසක සත්තුන්ව මරාගෙන කනව. ඔයාලම ඒ මරාගෙන කෑම සාධාරනීකරනය කරනව. ඒත් මට තියෙන එකම ආහාරය රුධිරය. කාගෙ හරි ලේ ටිකක් බීවෙ නැත්තන් මට බඩගින්නෙ මැරෙන්නයි වෙන්නෙ. මට ලේ බොන්න ඕනෙයි කියල මං කාවවත් මරන්නෙ නෑ. ලේ බිංදුවක් විතර බොනව විතරයි. ඒත් ඔයාල හිතන්නෙ මං මහා අපරාධකාරයෙක් කියලයි. ඒත් නිරපරාදෙ අහිංසක සත්තුන්ගෙ ලේ ගංගාවල් හලන ඔයාල ඒක සාධාරනීකරනය කරනව.
මට බඩගිනි උනා කියන්නෙ මගෙ මරණය ලං උනා කියන එකයි. එහෙම බලනකොට මං හැම තිස්සෙම ඉන්නෙ මරණය එක්කයි. මං බඩගින්න නිවා ගන්නව කියන එක මරණයෙන් දඩුවම් ලැබිය යුතු තරම් බරපතල වරදක්ද?
කර්මයේ ස්භාවය ඕකයි. මේ ලෝකෙ කොච්චර රසවත් ආහාර පාන වලින් පිරිල ඉතිරිල තිබ්බත් මට ඒවයෙ රසයක් නෑ. මට රසවත් එකම දේ පිලී ගද හමන ලේ. ඔයාලනම් අප්‍රමාදී වෙන්න එපා. ලැබුණූ මිනිසත් ආත්මයෙන් ප්‍රයෝජන ගන්න. දන් පැන් පූජා කරගන්න. අනිත් මිනිස්සු, සත්තු පීඩාවට පත් කරල ජීවත් වෙන්න එපා. එහෙම උනොත් ඔයාලටත් කවද හරි වෙන්නෙ අනිත් සතුන්ගෙ පිලී ගද හමන ලේ උරා බොන සත්වයෙක් වෙලා දුක් විදින්නයි. ආහාර වෙනුවෙන් සිය දහස් වතාවක් ජීවිතය විනාශකරගන්නයි.
Source - https://www.facebook.com/meshinhalaapagerati