එක්නැලිගොඩගේ ඝාතකයින්ට විපක්ෂයෙන් වැටු&#
එක්නැලිගොඩගේ ඝාතකයින්ට විපක්ෂයෙන් වැටුප්
by Admin 01 · December 18, 2015
ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මාසික වැටුප මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින බුද්ධි අංශ නිලධාරීන්ගේ සුබසාධනය සහ නීතිමය කටයුතු වෙනුවෙන් ලබා දීමට තීරණය කළ බව ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම පවසනවා.
ලබන මස සිට මෙම වැටුප ලබා දෙන බවයි හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයෙහි විභාග වන නඩුව දැක බලා ගැනීම සඳහා පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ.
ඊයේ උදේ පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳ සාකච්ඡා කර ඇති බවයි ඔහු සඳහන් කළේ.
සංස්කාරක සටහන
කෙසේ වෙතත් සන්ධාන රජය සමයේ අතුරුදන් වූ ප‍්‍රදීප් එක්නැලිගොඩ මහතා සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් මෙතෙක් අදහස් දක්වා නැහැ. එක්නැලිගොඩ මහතාගේ බිරිය හා දරුවන් වෙනුවෙන්ද කිසිදු හඩක් නොනැගූ එම පිරිස ඔහු ඝාතනය කළ බව කියන පිරිස වෙනුවෙන් පෙනී සිටීම මාධ්‍යවේදීන් වන අප කිසිවකුට අනුමත කළ නොහැකිය. රටේ බුද්ධි අංශය පණ මෙන් ආරක්ෂා කළ යුතු වුවද එය භාවිතා කරමින් අපරාධ සිදුකළ අයට එරෙහිව නීතිය දැඩිව ක‍්‍රියාත්මකවීම අත්‍යාවශ්‍ය බව අප අවධාරණය කරන්නෙමු.