මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් රඳවා තබාගත් බවට හෙළි වී ඇති ස්ථානය පරීක්ෂා කිරීමට රහස් පොලීසියට අවසර ලැබී තිබෙනවා.
ඒ අනුව ගිරිතලේ යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකා කඳවුරේ ඡායාරූප ලබා ගැනීමට හා එම කඳවුරේ පවත්වාගෙන ගිය පොත් පත් ඇතුළු ලේඛන පරීක්ෂා කිරීමට හෝමාගම මහේස්ත‍්‍රාත් ආර්. බී. නෙළුම්දෙණිය මහතා රහස් පොලිසියට අවසර දුන්නා.
මෙම පරිකෂණ කටයුතු වල යෙදෙන රහස් පොලිස් නිළධාරීන්ට අවශ්‍ය පහසුකම් ලබා දෙන ලෙසත් ඔවුගේ ආරකෂාව සඳහා යුද හමුදා පොලිසියේ නිළධාරීන් යොදවන ලෙසත් මහෙස්ත‍්‍රාත්වරයා යුද හමුදාපතිවරයාට නියම කළා.
මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ විසින් රහස් පොලිසියට කළ පැමිණිල්ලකට අනුව මෙම සිද්ධියට අදාළ පරීක්ෂණ ආරම්භ කෙරුණා.
එම පරීක්ෂණ වලදී හෙළි වූ තොරතුරු අනුව ලුතිනන් කර්නල්වරුන් දෙදෙනකු ඇතුළු හමුදා බුද්ධි නිලධාරීන් පිරිසක් මේ වන විට රහස් පොලිසිය විසින් රඳවාගෙන ප‍්‍රශ්න කරනු ලබන බව අධිකරණයට දැනුම් දී තිබෙනවා.