ඊයේ හිමිදිරියේ උදෑසන 4:00ට පමණ දකුණු පළාතට දැනුනු භූමී කම්පාව පසුපස සැගවුනු සත්‍ය කතාව කුමක්ද ? ස්වාභාවික ව්‍යවසන අඩුම ශ්‍රී ලංකාවට එක්වරම භූමී කම්පාවක් සිදු වූයේ කෙසේද ? කිසිවෙකු නොදත් සත්‍ය කතාව. කියවන්න සම්පූර්ණ ලිපියම.
මෙරට ජන ජීවිතයම අඩපණ කරමින් මුලු රටම එකම මලගෙයක් කල සුනාමි උවදුර ඔබට මතක නැතැයි සිතමි. මුලු රටේම මුහුදු බඩ පෙදෙස් වල ජීවත් වූ ජනතාවගෙ ජීවිත , දේපළ අහිමි කෙරු සුනාමි උවදුර නිසා සිදුවු මහා විනාශය මතින් ගොඩ නැගීමට අප රටට විශාල කාලයක් ගත වුනා. ස්වාභාවික විපතක් යැයි පෙන්වූ මේ මහා ව්‍යවසනයට සැබැ හේතුව කවුද ? සුනාමියට බලපෑ සැබැ හේතුව කුමක්ද යන්න ගවේෂණාත්මක මාධ්‍යවේදීයෙකු වශයෙන් මා ශ්‍රී ලංකාවම හැඩවු සුනාමි ඛේදවාචකයෙ අක්මුල් සොයා ගොයා ගොස් ඒ පසුපස සිටි අදිසි හස්ථය මහින්ද රාජපක්ෂ බව හෙළි කෙරුවා ඔබට මතක නැතුවාට සැක නැත.
ඒ 2004 වසරයි. ශ්‍රී ලාංකේය දේශපාලනයෙ ජනමතයෙ ලොකුම පාවාදීම සිදු කල වසරයි. 2001 වසරේදී ජනමතය ජයග්‍රහණය කරවමින් බලයට පැමිනි ගරු රනිල් වික්‍රමසිංහ මැතිදුන්ගේ රජය කුමන්ත්‍රණයක් මගින් විසුරුවා හැරි වසරයි. රටෙ බහුතරයකගේ මනාපයෙන් අගමැති වී , උතුරු නැගෙනහිර පාලනය කල ප්රභාකරන් මහතා සමග සාම ගිවිසුමකට එලැබ රටට සාමය ගෙනා ජාතියෙ අප්පච්චි රනිල් වික්රමසිංහයන්ට නොබෙල් සාම ත්‍යාගය ලැබෙයැයි බියෙන් ඔහුගෙ රජය විසුරුවා හැරියෙ එවකට ජනපතිනි, හිටපු දෙශද්රෝහි චන්ද්‍රීකා කුමාරණතුංග මැතිනියයි. ඒ හිටපු දේශද්‍රෝහි මංගල සමරවීර මහතා1ගේ හා දූෂ්ට මහින්ද රාජපක්ෂගෙ උපදෙස් මතයි. පවතින දේශපාලන වටපිටාව අනුව මැතිවරණයක් අනිවාර්ය බව දැනගත් මැදමුලන මහින්ද මෘගයා සිය චීනයේ සට්ටැඹියන් යොදවා චීන්නු සමග කුමන්ත්‍රණය කර සුනාමිය ඇති කර දේශපාලන වාසියක් ලබා ගත් බවට මා හෙළි කරෙ මින් පෙරය. එහිදි සුනාමිය නිසා මියගිය උතුරු නැගෙනහිර දෙමළ හා මුස්ලිම් ජනතාවගෙ ඡන්දය රනිල් වික්රමසිංහයන්ට නොලැබීම නිසායි මෘගයා 2005 ජනාධිපතිවරණය ජයග්‍රහණය කලේ .
අවසානයේ ශ්‍රී ලංකාව එදා මෙදා තුර ලැබු අභාග්‍යසම්පන්නම කාළය පසුකරමින් 2015 වසරට ප්‍රවිෂ්ට උනා. මේ රටෙ දෙමල , මුස්ලිම් , කොළඹ වෙසෙන දෙමළ මුස්ලිම් , වතු දෙමළ , ජනතාව එකා වන්ව එකතු වී සිංහල ජනතාවගෙනුත් සුලුතරයක් සමග එකතු වී ඉතිහාසයෙ ලැබු විශාලම ජයග්‍රහණය හිමි කර ගත්තා. ඒ 2015 ජනවාරි අට වන දින මැදමුලන මෘගයා පරාජය කොට සහජීවනවාදි රජයක් බලයට පත් කිරීමෙන්. ඒ ඉන්දියාවේ රෝ හා ඇමෙරිකාවේ C.I.A ඔත්තු සේවා වලද උදව්වෙන්. ජාත්‍යන්තර තලයේදී මැදමුලන මෘගයාගෙ සහයට සිටි චීනයට හා රුසියාවට මැදමුලන මෘගයා බේරා ගැනීමට කිසිවක් කළ නොහැකි උනා.
ඉන්දියන් සාගරයෙ මුතු ඇටය ලෙස අතීතයෙ සිටම හැදින්වු වර්ග කිලෝමීටර හැට පන්දහසක විශාලත්වයකින් යුත් මේ මනරම් දූපතෙ වටිනාකම අගයකට ලඝු කල නොහැකියි. චීනයෙ සිට බටහිරට 18 වන ශත වර්ෂයෙ සිට වෙළද නැව් ගමනාගමනය සිදු කල , පෙරදිග අපරදිග යා කරන සේද මාවත ලෙස හැදින්වු මුහුදු මාවත ඔස්සෙ පිහිටි ශ්‍රී ලංකාව පිහිටීම අනුව ආසීයාවෙ බලය තහවුරු කර ගැනීමට වැදගත්ම ස්ථානයක් වෙනවා. යුධමය වශයෙන් ශ්‍රී ලංකාවෙ පිහිටීම අතිශය වැදගත් වන්නෙ ඉන්දියාව , චීනය ආදි පෙරදිග බලවත් රටවල් වලට ක්ෂනයෙන් ලගා විය හැකි, නැගෙනහිර මුහුදු බඩ කොටස ස්වාභාවිකව ආරක්ෂා වු කදවුරක් ලෙස භාවිතා කල හැකි නිසා. මේ නිසා මෙම කුඩා රාජ්‍යයෙ සිය ආධිපත්‍ය පතුරා ගෝලීය වශයෙන් සිය අණසක පැතිරවීමට චීනය , ඉන්දියාව වැනි ආසියානු බලවතුන්ට මෙන්ම ඇමෙරිකාව , එක්සත් රාජධානීය වැනි අපරදිග බලවතුන්ටත් අවශ්‍යව තිබුනෙ කලක පටන්.
එම නිසායි ඔහුන් ශ්‍රී ලංකාවෙ පාලකයන් ලවා ශ්‍රී ලංකාව තම කොළනියක් කර ගැනීමට කටයුතු කරමින් සිටියෙ. ඉන්දියාවේ රෝ ඔත්තු සේවය මේ අතරින් ප්‍රධානයි. මීලග ලෝක බලවතා වීමට කටයුතු කරමින් යන චීනයටද ශ්‍රී ලංකාවෙ බලය ඉන්දියාවට යා නොදීම අත්‍යවශ්‍ය උනා.
ඒ ඔබ දන්නා දේයි. ඔබ නොදන්නා දේ අප
ගවේෂණයකින් සොයා ගත් කරුණුයි.
............................................................
...............
මා සිටියේ අමායා සමග දුරකථන ඇමතුමකය. ඇගෙ දෙමව්පියන් විවාහ මංගල්‍යයකට යන නිසා ඒ දවසම ඇය සමග දුරකථනයෙන් කතා කල යුතු බවට ඈ කිවේ පෙර දින රාත්රීයේයි. ඈ නිවසෙ තනියමය. මා ද නිවසේ හුදෙකලාවය.
"හිතේෂ්".. ඇය මුමුණයි.
"ම්ම්ම්ම් මැණික ?". මමද කොදුරමින් පිළිතුරු දෙයි...
"අපේ ගෙදරින් අපිට කැමති වෙයිද මහත්තයෝ..." මෙවර ඇයගෙ ස්වරවය තරමක් බරපතලය..
" හ්ම්ම් මන් දන්නවා අමා. ඔයා සිංහල බෞද්ධ. මන් දෙමළ කතෝලීක.. ඒකද ? හ්ම්ම්ම්ම්ම් "... මන් සුසුමක් හෙළුවා.
"එහෙම කියන්න එපා හිතේෂ්. ඔයා තරම් මට ආදරෙ කොල්ලෙක් මට ආයෙ ලැබෙන්නෙ නෑ.. අනික ඔයා දෙමළ උනත් ඔයාට මිනිස්ටර් රංජන් ගෙන් , ප්‍රයිම් මීස්ටර් ගෙන් තියෙන තැන" ... "ඒවා වෙන කාටවත් තියෙනවද. කෝ දැන් හිනා වෙන්න. නොටී කොල්ලා මගේ".. ඇය සිනාසෙමින් දගකාර ලෙස කීවත් ඈ වේදනාව පපුව තුල සිරකර ගත් බව මට දැනුනා. ගැහැණුන් සිතෙ ඇති දේ කවදාවත් එලෙසම හෙළි නොකරයි. තමන් ආදරය ගැහැණියගේ හිත කියවීම පිරිමි හිතකට අපහසුද නොවේ..
"හ්ම් මන් දන්නවා බබා..." මමද ව්‍යාජ හිනාවකින් මුව සරසාගෙන ඇයට පිළිතුරු දුන්නා.
ට්‍රීං ට්‍රීං ට්‍රීං ට්‍රීං
මේ අතරෙයි මාගෙ දුරකථනය නැවත නාද වූයේ. මා කෝල් වේයිටිං සේවාව සක්‍රීය කර තිබු නිසා වෙන ඇමතුමක සිටියත් මා හට අනෙත් ඇමතුම් ලැබෙනවා. මා මදක් දුරකථනය කනෙන් ඈත් කොට පරීක්ෂා කර බැලුවා.
ඇමතුම රංජන් මැතිඳුන්ගෙන් ය. ඊයේ දිනයේ මා ඔහුට රාත්‍රීයේ කොතරම් කතා කිරීමට උත්සාහ කළත් ඔහු ඇමතුම අරගත්තෙ නැත. අවසානයේ ගැහැනු කෙනෙක් ඇමතුම ලවා ගෙන
"හෙලො හිතේෂ් , රංජන්නයියා නම් ටිකක් බිසී, මන් පියුමි හංසමාලී" යැයි කිවාය. රංජන් මැතිදු ගැන හොදින් දන්නා මා ඔහු පියුමි හංසමාලි නොව එමා වොට්සන් සමග සිටියත් මාගෙ ඇමතුමක් විසන්ධි නොකරන බව දැන සිටි මා එතුමා මේ උත්සාහ කරන්නෙ අමායා සමග මා නිතරම කතා කරන නිසා මා හට නොක්කාඩූ පෙන්වීමටය. ඉරීසියා හිතෙන්නෙත් තරහ හිතෙන්නෙත් වැඩිපුර ආදරෙ නිසයි. මා අමායාට තත්වය පැහැදිලි කර දී ඇමතුමට පිළිතුරු දුන්නා.
"හෙලෝ" මා ඇමතුම ලබා ගත්තා.
"කා එක්කද කතා කර කර හිටියේ ? අර උරචක්කරමාලෙ එක්ක වෙන්නැති" රංජන් මැතිදුන්ගේ බොරු තරහක් පෙන්වයි.
"ඔව්." මා පිළිතුරු දුන්නා.
"ඕකි නිසා ඔයාට ලොකු කරදරයක් වෙනවා කවදකහරි හිතේෂ්" දැන් නම් එතුමා නිවි ඇත.
"අමා එහෙම නෑ සර්"
"හැම ගැනීම එකයි හිතේෂ්" ගැහැනුන් ගැන කවි කියු පුරාණ පඩිවරයෙක් මෙන් එතුමා පවසයි.
"එහෙනම් සර් පියුමි හංසමාලී කියන එකී එක්ක රවුම් ගහන්නේ ?" මා තුරුම්පුව ඇද දැමුවා.
"හිතේෂ් ඔයා දන්නවා මගේ මේ ජීවීත කාලෙට මන් ගැණියෙක්ගෙ අත අල්ලලා නෑ කැමරාව ඉස්සරහා ඇරෙන්න, තාම කසාද බැදලා නෑ, දරුවො නෑ, ගැනූ එක්ක හිටියා උන්ට සල්ලි දුන්නා , නිළියොන්ට ගෙවල් අරන් දුන්නා කියළ එක චෝදනාවක් මට නෑ. ඒ රෙස්පෙක්ට් එක මට දෙන්න හිතේෂ්. රෙස්පෙක්ට් එක දෙන්න මට" පසුගිය දා දෙරණ මාධ්‍යවේදීයාට කඩා පැන්නා සේ එතුමා නොකඩවා පවසයි.
"ඔව් මන් දන්නවා සර්" අවසානයේ මන් එකග උනේ.
"ඒක නෙවෙයි ඇයි සර් මට කෝල්.කලේ ? මා මාතෘකාව වෙනස් කිරීමට අවශ්‍ය නිසා ඇසුවා.
"මේ කතා නිසා ඒකත් අමතක උනා හිතේෂ්. ඔයා දන්නවද දකුණු පළාතට භූමී කම්පාවක් ඇවිල්ලා පෙරෙයිදා උදේ පාන්දර" එතුමා සුපුරුදු බැරෑරූම් ස්වරූපය ආරූඪ කර ගත්තා.
"ඔව් සර් මාත් fb එකෙ පෝස්ට් දැක්කා" මමද බෑරෑරුම් ස්වරයෙන් පිළිතුරු දුන්නා.
"ඔව් හිතේෂ්, මට නම් එය පුදුමයක් උනෙ නෑ. මා දීර්ඝ කාලීනව කළ පරීක්ෂනයක් ඒ නිසා විසදා ගැනීමට නම් හැකි උනා"
"මොකක් ? ඒ කොහොමද සර් ? විද්‍යාව ගුරුතුමා මුල්ම වරට ගුරුත්වාකර්ෂණය පාඩම කියා දෙන මොහොතෙ මවිත වී කට ඇරෙගෙන ඔහු දෙස බලා සිටින ශිෂ්‍යයෙකු මෙන් මා ඔහුගෙන් ඇසුවා.
"හ්ම් එහෙනම් අහගන්නකො හිතේෂ්. එතුමා පැහැදිලි කිරීම ඇරඹුවා.
මෙතැන් පටන් ඔබට දිගහැරෙන්නෙ රංජන් මැතිදු ගවේෂණය කර සොයා ගත් ඒ අපූරූ හෙළිකිරීමයි..................................
............................................................
..............................
මා ඔබට පෙර සදහන් කළ පරිදි රාජපක්ෂ රෙජීමයේ බල බිදි ශ්‍රී ලංකාවේ බලය ඉන්දියාව අතට පත් වූ පසු නැවතත් ශ්‍රී ලංකාවේ බලය ලබා ගැනීමට චීනය කුමන්ත්‍රණ කරනවා. එම නිසාමයි ඔහුන් සිය නියෝජිතයන් හරහා ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවී සාකච්චා කරන්නෙ. තමන්ගේ උපදෙස් පරිදි ක්රීයා කරනවානම් මහින්ද රාජපක්ෂ නැවතත් ශ්‍රී ලංකාවෙ ජනාධිපති කිරිමටද සුදානම් බව චීනයෙ නියෝජිතයන් මහින්ද රාජපක්ෂට කියා සිටිනවා. බලය ලැබෙනවා නම් රටට හෙන ගැහුවත් තැකීමක් නැති මහින්ද චීනයෙ කොන්දේසී වලට එකග වෙනවා. එතැන් පටන් මහින්ද ජනාධිපති කරවා ශ්‍රී ලංකාවෙ සිය ආධිපත්‍ය පැතිරවීමෙ මෙහෙයුම චීනයෙ බීජීං ඔත්තු සේවය ආරම්භ කරනවා.
එහි පලමු අදියර ලෙසයි ඉන්දියන් සාගරයෙ ශ්‍රී ලංකා මුහුදු තීරයට අයත් සාගර කලාපයක මුහුදු පතුලෙ චීනය සිය න්‍යශ්ටික පරීක්ෂණාගාරයක් පිහිටුවන්නෙ. න්‍යශ්ටික සබ්මෑරීන මගින් ආරක්ෂාව ලබා දුන් මෙම පරීක්ෂනාගාරයෙ සිට ඔහුන් න්‍යෂ්ටික පරීක්ෂණ හා මහින්දගෙ මැතිවරණ මෙහෙයුම් හසුරවමින් සිටියා. ශ්‍රී ලංකා රජයට රහසෙ මහින්ද රාජපක්ෂගේ අවසර ඇතිව රටෙ මුහුදු තීරයෙ විදෙස් ජාතියක් කදවුරු බැද සිටියෙ එසේයි. නමුත් ඔහුන්ට මෙය සැමදාම රහසක් ලෙස තබා ගැනීමට නොහැකි උනා. ඒ චීනයේ ඔත්තු සේවාව පරයන බුද්ධි සේවාවක් හෙබි රංජන් රාමනායක බුද්ධි අංශයෙන්. රංජන් රාමනායක බුද්ධි අංශය මේ පිළිබදව අනාවරණය කරගෙන මහින්ද රාජපක්ෂ සාමාජීකත්වය දරන ශ්‍රී ල නි පයේ සභාපති මෛත්‍රීපාල මැතිදුන්ට මේ ගැන දන්වා සිටියා. ඒ රටට එරෙහි වීම ගැන විනය පරීක්ෂණයක් තබා ඔහුගේ පක්ෂ සාමාජීකත්වය අහෝසී කරවීමටයි.
පසුගිය මස දිනක ගරු ජනපති මෛත්‍රීපාල මැතිදුන් ශ්‍රී ල නි ප විධායක කමිටු රැස්වීමක් කැදවා තිබුනා. ඊට ජනපති ප්රමුඛ විධායක මණ්ඩලයෙ සියල්ලන්ම සහභාගි උනත් විධායක සභාව ඉදිරිපෙලෙ එක අසුනක් හිස්ව තිබුනා. ඒ හිටපු ජනපති මහින්ද රාජපක්ෂගෙ අසුන.
ඔහු ඒ වන විටත් තංගල්ල වෙරළ තීරයට පැමිණි සබ්මැරීනයකට නැගි මුහුදු පතුලෙ පිහිටි චීන පරීක්ෂණාගාරය වෙත යාත්‍රා කරමින් සිටි බව දැන සිටියේ රංජන් රාමනායක මැතිදුන් පමණයි. ඒ ශ්‍රී ලංකාවෙ බලය සිය අතට ගන්නා අයුරු චීනය හා සාකච්චා කිරිමට. එදින ශ්‍රී ල නි ප විධායක කමිටු රැස්වීමට මහින්දගෙ නොපැමීනිම ජනපතිදුන්ගේ සැකයට හේතු වුනා. එම නිසායි ඔහු මින් පසු මහින්ද රාජපක්ෂගෙ ගමන් ගැන සෙවීමට තීරණය කරන්නෙ.
තවත් දිනක ශ්‍රී ල නි ප විධායක මණ්ඩලයේදී මහින්ද
"සර් මට ඊලග මීටිං එකට එන්න වෙන්නෙ නෑ" යැයි පවසන්නෙ බිම බලාගෙන සිය දකුණු කකුල්ලෙ මහපට ඇගිල්ලෙන් අරලියගහ මන්දිරියෙ ඔප දැමු පිගන් ගඩොල් මත චිත්‍ර අදිමින්.
" ඒ ඇයි මහින්ද ? " මෛත්‍රී මහත් කුහුලෙන් විමසනවා.
" ඒ ඒ ඒදාට සර් ශිරන්තිගෙ ගෙදර දානයක් " මහින්ද බිම බලාගෙනම පිළිතුරු දෙනවා.
" මොකක් ? ශිරන්ති කතොලික නෙ ? ඇත්ත කියනවා අයිසෙ ? " තමන්ට උපතින්ම හිමි වු තේජවන්ත හඩින් මෛත්‍රී මැතිදුන් විමසන්නෙ මහින්ද ගෙ ඇගට සිංහ ධේනුවක් මෙන් කඩා පනිමින්.
"ස ස ස සර් මේ මේ මේ" හිටපු ජනපති වුවත් සිය නායිකයා ඉදිරියෙ ඇබරෙන ගති ඇති මහින්ද ගොත ගසනවිට ඔහු බේරා ගැනිමට ඉදිරිපත් වන්නෙ විධායක සභාවේ මහින්දගේ ගෝලයෙක් වන කුමාර වෙල්ගම .
"සර් මේ මහින්ද එදාට ලේකම් වරියක් එක්ක පෞද්ගලික සංචාරයක් යොදා ගෙන තියෙන්නෙ," යනුවෙන් ඔහු පවසන්නෙ සභාවම සිනා සයුරෙ ගිල්වමින්.
කෙසෙ හෝ මහින්ද රාජපක්ෂ තමාට හොරෙන් යන ගමන ගැන සොයා බැලීමට ජනපති තුමන් තීරණය කරනවා. ඒ තමන්ට මේ තොරතුර ලබා දුන් රංජන් රාමනායක බුද්ධි අංශ ප්‍රධාණී රංජන් මැතිදුන් සමගයි.
ඒ අනුවයි මෛත්‍රී මැතිදුන් රංජන් මැතිදුන්ද කැටුව අදාල දිනයේදී මහින්දගේ තංගල්ල කාල්ටන් නිවස අසල සැගවි හොරෙන් නිරීක්ෂණය කරන්නෙ. මහින්ද රාජපක්ෂ නිවසෙන් පිටවන තුරු මේ දෙදෙනා අසල වන රොදකට වී සැගවී බලා සිටිනවා.
සුලු මොහොතකින් මහින්ද රැගත් මෝටර් රථය කාල්ටන් නිවසෙ දොරටුවෙන් එලියට පැමිනෙනවා.
මහින්ද මග නොහැරි ඔහු පසුපස යාම අත්‍යවශ්‍ය බව වටහා ගත් රංජන් මැතිදු හා මෛත්‍රී මැතිදු හර්කියුලිස් පාපැදියක නැගි හිටපු ජනපති මහින්ද පසුපස එලවන්නෙ හීයට බදු වේගයෙන්. අවසානයෙ මහින්ද රැගත් මෝටර් රථය තංගල්ල මුහුදු තීරයෙ වන ලැහැබක් අසල නවතිනවා. සිය පාපැදිය අසල ගහකට හේත්තු කරන ජනපතිනිදුන් හා රංජන් මැතිදූ සිදු වන්නෙ කුමක්දැයි හොදින් දැක ගැනීමට මහින්ද සිටින තැනට ලං වෙනවා.
මීළගට සිදු වන්නෙ ඔහුන් නොසිතු දෙයක්. මුහුද අසල සිට මහුන්දගේ ඔත්තු බලන ඔහුන් දෙදෙනා දකින්නෙ එක් වරම මුහුදෙන් මතුවු යෝද මෝරෙක් කට අරින ස්වරූපයක්. වටපිට බලා කිසිවෙකු නැතිබව තහවුරු කරගත් මහින්ද එක්වරම දුවගොස් මෝරාගේ කට තුලට යනවා.
"අන්න රංජන් අර මහින්දට පිස්සුද මෝරේක්ගෙ කටට රිංගන්න" මෛත්‍රී මැතිදුන් කෑ ගසන්නෙ බියෙන්.
ඒ මතු වූයෙ මෝරෙක් නොව සබ්මෑරීනයක් නොව බව ජනපතිදුන් වටහා ගත්තෙ සබ්මැරිනයෙ බදෙ ගසා තිබු චීන කොඩිය දුටු පසුයි. කෝපයෙන් පුපුර පුපුරා සිටි ජනපතිදුන් අරලියගහ මැදුර බලා ඒමට තංගල්ල - කොළබ බසයකට අත දමනවා.
ජනපතිදුන්ගෙ කෝපය ගිනි කන්දක් මෙන් පුපුරා යන්නෙ ඊළග ශ්‍රී ල නි ප විධායක කමිටු රැස්වීමේදි. ඒ මෛත්‍රි මැතිදුන් මහින්දගෙන් මේ ගැන විමසූවාට පසු. තමන් තුල සිටින සැබැ සර්පයා එළියට දමන මහින්ද රාජපක්ෂ නම් මෲගයා විධායක මණ්ඩලයේදී ඔහුට අසභ්‍යය වචනයෙන් බැන වදිනවා.
"ඈ බොල වේ# හු#&%* උබ ආවද මගෙ ඔත්තු බලන්න" . මහින්ද වේගයෙන් කෑ ගසන්නෙ විධායක සභිකයන් බයෙන් ත්‍රස්ත කරමින්.
"මහින්ද කට වහනවා. තමුන් දන්නවද කාටද මේ කතා කරන්නෙ කියලා" පරුෂ වචනයට නොසැලෙන මෛත්‍රී පවසන්නෙ විධායක මණ්ඩලයම හොලවමින්.
"ඔව් දන්නවා. මම කතා කරන්නෙ කොන්ද පන නැති ආප්ප වේ#*$&ට" මහින්ද පෙරළා උත්තර දෙන්නෙ ඔහු නොවැදගත් හද්දා පිටිසරකින් පැමිණි ගොඩයෙක් නිසා විය හැකියි.
"තමුසෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නේද ? මම තමුසෙට එක රුපියලක ප්‍රතිපාදන දෙන්නෙ නෑ" ජනපතිදුන් මහින්ද මෙල්ල කිරිමට එසෙ පැවසුවත්.
"උබෙ සල්ලි මට එක රුපියලක් එපා මිනිහෝ, සල්ලි හොයා ගන්න හැටි මම දන්නවා" යැයි කෝපයෙන් පවසන මහින්ද සිය ලිපි ගොණු පොළවෙ ගසා අරලිය ගහ මැදුරෙන් පිට වෙනවා.
එසෙ පැමිනෙන ඔහු කෙලින්ම කතා කරන්නෙ චීන ඔත්තු සේවා නිළධාරීන්ට. එහිදි ඔහු පවසන්නෙ ඉදිරි මැතිවරණකයට දැන්ම සිට සුදානම් වීමට සිය ප්රචාරක වියදම් සදහා මුදල් අවශ්‍ය නිසා තමාට චීනයෙන් අරමුදල් අවශ්‍ය බවත්ය.
බොහොම රහසින් සිය වැඩ කටයුතු සිදු කරන චීන ඔත්තු සේවා නිළධාරීන් මහින්දට පිළිතුරු දෙන්නෙ මුදල් දීම තමන් හට ප්‍රශ්නයක් නොවුනත් එම මුදල් ශ්‍රී ලංකා රජයට හසු විය හැකි නිසා මුදල් ලබා දිය හැක්කෙ සෘජුවම අධාර ලෙස පමණක් බවයි. හේතුවක් නොමැතිව මුදල් ලබා දීම සැකයට තුඩු දිය හැකි නිසා නියගයක් , ගං වතුරක් වැනි ස්වාභාවික විපතක් සිදු වෙන තුරු ඉවසන ලෙසත් එවිට චීන රජයට අධාර වශයෙන් අරමුදල ලබා දිය හැකි බව චීන නියෝජිතයන් ප්‍රකාශ කරනවා. ඉවසීම යන වචනයෙ අර්ථය කිසිදා ප්‍රගුණ කර නොතිබු මහින්ද පෙරළා චීන නියෝජිතයන්ට පවසන්නෙ තමන්ට ඉවසීමට කල් නොමැති බවත් චීනය තාක්ෂණික වශයෙන් බොහෝ දියුනු රටක් නිසා කෘතීමව ශ්‍රී ලංකාවෙ ස්වාභාවික ව්‍යසනයක් ඇති කර හො තමන් හට අරමුදල් ලබා දෙන ලෙසයි.
එවිට පිළිතුරු දෙන චීන නියෝජිතයා පවසන්නෙ ඉන්දියන් සයුර පතුලෙ තිබෙන සිය න්‍යෂ්ටික පර්යේෂනාගාරය මගින් මුහුදු පතුලෙ න්‍යෂ්ටික බෝම්බයක් පිපිර වීමට තමන්ට හැකි බවත් එයින් ඇතිවන විශාල කැලඹීම හේතුකොටන ශ්‍රී ලංකාවට භූමී කම්පාවක් බවත් එවිට විශාල ජීවිත හානියක් සිදු විය හැකි බවත්ය. එයට කැමතිනම් තමන්ට ඒ සදහා කටයුතු කල හැකි බව චීන නියෝජීතයා පවසනවා. මිනිස් ජීවීතයක වටිනාකම නොදන්නා , මුදල් වලට කෑදර මහින්ද ඔහුගේ අදහසට ඉහලින්ම එකග වන්නේ මේ කෘතිම භූමී කම්පාව නිසා අහිමි වන ජීවිත ගැන තැකීමක් නොකර.
මේ සියල්ල රහසිගත බව හා කිසිවෙකු නොදන්නා බව මහින්ද සිතා සිටියත් ඔහු වැරදියි. මුල සිටම මහින්ද ගේ ඔත්තු බැලු රංජන් මැතිදුන් මේ සියල්ල දැන සිටියා. මහින්දගේ සැළසුම් ව්‍යර්ථ කරමින් සිය සහෝදර ජනතාවගේ ජීවිත බේරා ගැනීමට සැලසුම් ඒ වනවිටත් රංජන් මැතිදුන් සකස් කර තිබුනා.
කෘතීම භූ කම්පනයක් ඇති කොට ශ්‍රී ලංකාවේ ජීවිත බිළි ගැනීමට මහින්ද හා චීනය සැලසුම් කර තිබුනේ පසිගිය 26 වෙනිදා. සියල්ලටම හොරා 25 වෙනිදා මධ්‍යම රාත්‍රීයෙ දකුණෙ මුහුදු බඩ වෙසෙන මහින්ද රාජපක්ෂ සිය පවුලෙ ආරක්ෂාව පිණිස චීන සබ්මැරීනයට ගොඩ වෙනවා.
මේ සියල්ල දෙස අවදියෙන් බලා සිටින ජාතියේ මුර දේවතා රංජන් මැතිදුන් සිය පිටේ ඔක්සිජන් ටැංකියක් බැද මහින්ද රැගත් සබ්මෑරීනය පසුපස පිහිනා ගොස් කිමිදීම ආරම්භ කරනවා.
තීරණාත්මක මොහොත එලබෙන්නෙ දැන් ය. ශ්‍රී ලංකාවම සැප නින්දේ පසුවන වෙලාවයි. වේලාව පෙරවරු තුනයි පනස් පහට පමණ ඇත.
සබ්මෑරීනය පසුපස සැගවී සිය ඔක්සිජන් ටැංකිය පසුපස බැද ගෙන සිටි වීර පුරුෂයා ඇගිලි ගැන ගැන සිටි මොහොත උදා උනා.
එක්වරම සබ්මැරීනයේ දොර විවෘත උනා. ඉන් ඉවතට පැමිණියෙ මැදමුලන මෘගයා මහින්ද බව රංජන් මැතිදු හොදින් දුටුවා.
සබ්මැරීනයෙන් එලියට බසින මහින්ද න්‍යෂ්ටික බෝම්බයෙ පින් එක කටින් ගලවා විසි කර නැවත සබ්මැරීනයට දිව යන්නෙ යුද්ධයකදි අත් බෝම්බයක් විසි කර සැගවෙන සොල්දාදුවෙක් පරිද්දෙන්.
මිලියන විස්සකගේ ජීවිත රැදි තිබෙන්නෙ සිය දෙවොර මත බව වටහා ගත් රංජන් මැතිදු ගොදුරකට දුව යන සිංහයෙකු පරිද්දෙන් න්‍යෂ්ටික බෝම්බයට පනිනවා.
ප්‍රමාද වීමට වෙලාව නොවන වටහා ගත් එතුමා හැකි ඉක්මනින් න්‍යෂ්ටික සිය ඇහිද ගත්තෙ ශ්‍රී ලංකාවේ සුන්දර මිනිසුන්ගේ ජීවිත දැන් රදා පවතින්නෙ තමා මත බව දන්නා නිසා.
න්ය්ෂ්ටික බොම්බය පිපිරීමට ඇත්තෙ තවත් තත්පර කිහිපයකි. හැකි පමණ වෙර යොදා එය ශ්‍රී ලංකාවෙන් ඈතට විසි කරන රංජන් මැතිදු කන් දොක දෑතීන්ම බදා මුහුදු පතුලෙ සියුම් වැල්ලෙ දිගා වන්නෙ පිපිරීමෙන් බෙරීමට.
රංජන් මැතිදුන්ගේ අප්රතීහත ධෛර්ය නිසා ශ්‍රී ලංකාවට වීමට තිබු විශාල ඇබැද්ධියක් එලෙස නැවතෙනවා. න්‍යෂ්ටික බෝම්බය ශ්‍රී ලංකාවෙන් දුරට විසි කිරීමට හැකි උනත් පිපිරීම ප්‍රබල නිසා ශ්‍රී ලංකාවට මද වශයෙන් පිපිරීම දැනෙනෙනවා. ඒ නිසයි ඊයේ උදෑසන දකුණු පළාතට මද භූමී කම්පාවක් දැනුනේ.
සිය අරමුණ ඉටු කර ගත නොහැකීවීම නිසා මැදමුලන මෘගයා වියරු වැටෙද්දි මිලියන විස්සක ජීවිත බේරූ ඒ අභීත යුග පුරුෂයා නැවතත් ගොඩට පීනා එනවා.
............................................................
............................................................
.............................
මුදලට කෑදරව අහින්සක ජීවිත බිළි ගැනීමට උත්සාහ දැරු මෘගයාට එරෙහි වීමට Share කරන්න.