එකෝමත් එක ආදරයක්

Status
Not open for further replies.

Bathiya2005

Member
Oct 10, 2016
808
136
0
3 කොටස

මම එය ඇසුවා පමණි. කිසිදු ප්‍රතිචාරයක් හෝ රැවීමක් ගෙරවිමක් තබා සිනහවක්ද නැතිව ඈ මාවෙතින් නික්ම ගියේය. ඇය යන්නේ පංති කාමරයටය. මට ඈ පසුපස යන්නට බැරිය. ගියද ඵලක් නැතිබව මා දනිමි. මා සුපුරුදු පරිදි උදෑසන ශිශ්‍යනායකයින් හට විදුහල්පති තුමා පවරා ඇති වැඩවලට යොමු විය. එහෙත් හිත යකාගේ කම්මල මෙනි. අවට අපැහැදිලිය මීළගට කුමක් කළයුතුදැය් මම දන්නේ නැත. කෙසේ නමුත් උදෑසන වැඩ අවසන් කර පළමු කාළ පරිඡ්චේදය ආරම්භ වීමට මත්තෙන් මම පංති කාමරය වෙත ගියෙමි.

පංතියේ හිදගත්තද වෙනදාමෙන් ඉගෙනුමට සිත් දෙන්නේ නැත. හිත බොහෝ අව්ල් සහගතය. මාගේ මිතුරන් නම් පවසන්නේ මෙය කෙල්ලන්ගේ හැටි බවය. උන් කොල්ලෙකු යාලු වෙන්නට ඇසුවහොත් නැති ගෑස් පෙන්වීම සාමාන්‍ය හැටියක්ලුය. නමුත් ඒවා මට අදාළ නොවන බව මගේ යටි සිත කියයි. මේ ආකාරයෙන් බ්‍රහස්පතින්දා දවසත්, සිකුරාදා දවසත් ගෙවී ගොස් පාසලේ සතිය අවසන් විය.

එළඹුනේ සෙනසුරාදා දිනයයි. එදිනට නිමාෂා ද එන මමද යන එකව්න්ට් ක්ලාස් එක තිබේ. පසුගිය සති වල නම් එකවන්ට් ක්ලාස් යන මග අතර තුරේ මා සහ මගේ මිතුරු කැළ ඇයව දුටිමි. නමුත් අද මග දිගට ඇය පෙනෙන්නේ නැත. මම මිතුරන්ටද කිව්වේ හොදි වට පිට බලා ඇය හිදී නම් මට පවසන ලෙසය, නමුත් මට සහ මගේ මිතුරන්සියලු දෙනාගේ ඇස් 18 ටට. ඇය තබා ඇයගේ සෙවනැල්ලක් වත් පෙනුනේ නැ. එකව්න්ට් ක්ලාස් එකෙහි තත්වයද එසේමය සිය ගණනක් ළමුන් අතරේ මහා පාළුවක් මවමින් ඇය පංතියට පැමිණ නැත. පසුව එළඹුනු ඉරිදා ඉකෝන් ක්ලාස් එකේ තත්වෙත් එයම විය. හොදට සිටි ඇය අසනීපයක් වී පංති නොපැමිණීමට හේතුවක් නැත. නිමාෂා පංති නොඑන්න එකම හේතුව මා විය යුතුය.

හිතේ ඇතිවුනු එම නව පීඩනයද සමගින් සදුදා නැවතත් මා පාසලවෙත ගියේය. ඒ සුපුරුදු පරිදි පාසල පටන් ගැනීමට පැයකට පෙරය. මළ කෙලියකි. මෙන්න එහා පංතියේ නිමාෂා ට ලයින් දාන එකා මගෙත් එක්ක ගේම ඉල්ලනවා. දැන් කුමක් කරම්ද මූ එක ඉස්කෝලේ උනාට වැඩිය ෆිට් එකක් නැති ඔලු ඩයල් එකකි. මුලින්ම ඔහු පැමිණ පැවසූවේ අපගේ පාසලට පැමිනෙන්නට පෙර සිටම ඌ නිමාෂාට ට්‍රයි කරන බවය. මම ඔහු සමග ශේප් වීමට ඉතාම හොදින් කතා කළ නිසාදෝ ඔහු මගේ බඩට එකක් ඇන්නේ කොර වෙන්නටය. ඊට ප්‍රතිචාර දැක්වීමට හදිස්සි නොව්නේ කෙල්ලෙක් නිසා කොල්ලෙක් තරහා කර ගන්නට අවශ්‍ය නොවන බැවිනි. නමුත් මගේ බොකුෆිට් ඩයල් එකකට නම් එය අදාළ නොවීය. අරූගේ කණ හරහා අත් පහර කීපයක් වැදුනේ සට සට ගාමින්ය. මේ සිද්ධිය මින් එහා ඇදුනේ නැත. ඔහු කතාවෙන් ඉවත් විය. එය කැමැත්තෙන් ඉවත් වීමක් නොව්නද එසේ ඔහුව කතාවෙන් ඉවත් කරන තැනට මා මිතුරා ඔහුට ඇමතුවේය.

ඔහු කතාවෙන් ඉවත් වුවද මමද කතාවේ සිටියද නැති ගානය. නිමාෂා සමග වචනයක් හෝ කතා කරන්නට බැරිය. මම කතා කළද ඇය කතා කරන්නේ නැත. මේ හේතුවෙන් ඇගේ මිතුරියක මාර්ගයෙන්, පෙර දින ඈ පංති නොපැමිණීමට හේතු විමසා බැලීමට මා හට සිදුවිය. සිතුවාට වඩා තත්වය බරපතල අතට හැරී ඇති බව දැනුනේ එවිටය. නිමාෂා පංති පැමිණ නැත්තේ මමද එම පංතියට එන නිසාය.

අප්පට සිරිය. මම දැන් කුමක් කරන්නදැයි සිතිමට පවා අසීරු තත්වයකට මා ඇද වැටුනි. මම නිමාෂාගේ මිතුරිය මාර්ගයෙන් ඇයට දැන්වූයේ මම එම එකව්න්ට් සහ ඉකෝන් පංති වලට නැවත නොඑන බවත් ඇයට සුපුරුදු පරිදි ඒ පංති වලට යන ලෙසත්ය. එය එලෙසින්ම සිදුවිය. මීළග සතියේ මම පංති ගියේ නැත. නමුත් ඇයද පංති පැමිණ නැත. ඇතැම් විට මම පැමිණෙතැයි සිතූ නිසා විය හැකිය. එබැවින් මම දිගින් දිගටම අදාළ පංතියට සහභාගි විමෙන් වැළකී සිටියේය. සති කීපයකට පසුව ඇය පංතියට පැමිණෙන බව දැන ගන්නට ලැබුනි. කාළය ඔය ආකාරයෙන් ගතවි යන අතරේ මා සිත ඇතිවු පීඩනය දිනෙන් දින දළුලා වැඩෙන්නට විය.

එම පීඩන කාරී තත්වය නැතිවී යන අවස්තාද මට නැතිවාම නොවීය. පංතියේ සිටින විට නිමාෂා දෙස වරින් වර බැලිම මාගේ පුරුද්දකි. එසේ මම 10 වරක් බලන විට ඇය දෙතුන් වරක් හෝ මාදෙසද බලන්නීය. එවිට එකවරම දෙදෙනා නැවත ඉවත බලා ගනි. ඒ සිද්ධිය ඇතිවූ කාළයේ මට මතක් වූයේ මේ ගීතයයි.

සුළගේ පාවී
ඈ වෙත යාවී....
මා සිතූ සිතුම්
සිහින විමානෙන් ගෙනා...
මා පැතූ පැතුම්
සිහින විමානෙන් ගෙනා
මා සිතූ සිතුම්
පාසලේදි මා දිහා නෙත් කොනින් බලා...
ඒ කියූ රහස් කතා නෑ සැබෑ වුනේ..

මතු සම්බන්ධයි...
4 කොටස 13 පිටුවේ ය.
http://www.elakiri.com/forum/showthread.php?t=1766213&page=13
 
Last edited:
  • Like
Reactions: DamN DoG and Garrus
Status
Not open for further replies.