එකෝමත් එක ආදරයක්

Status
Not open for further replies.

Bathiya2005

Member
Oct 10, 2016
808
136
0
කොටස 5
දැන් නම් බලන අය අඩු වෙලා වගේ. මගේ කතාව කම්මැලිද දන්නෙ නෑ. කම්මැලි නම් කියන්න කෙටි කරලා ඉවර කරන්නම්.
බලන අය ත්‍රෙඩ් එකට එක Smilie එකක් වත් දානව නම් ඒක මේ කතාව ලියන මට ලොකු සහයෝගයක් වෙයි.

මේ කතාව ලියනකොට මාව ඇත්තටම දන්න කෙනෙක් නම් මේ මම කියලා දැන ගනී. හැබැයි මම ඉල්ලා සිටිනවා මාව අදුර ගත්තොත් ඒ ගැන ප්‍රසිද්ධියේ කියන්න එපා කියලා. මොකද ඒක මේ කතාවේ ඉන්න අනිත් අයට හොද නැති වෙන්න පුලුවන්නේ.


හරි එහෙනම් මෙන්න තව කොටසක්.
දැන් නම් තත්වය තරමක් සුභය. ඇය පෙර මෙන්ම නොව්නත් මා සමග යම්තාක් දුරකට කතා කරයි. උදේට ගුඩ්මෝනිං කියයි. එය මට අස්වැසිල්ලකි. මේ ප්‍රශ්නයේදී මම හැසිරුණේ ඔලමොට්ටලයෙක් ලෙස යැයි සිතෙන වාර අනන්තය. මෙය මට මීට පෙර විසදා ගන්නට තිබුනි. එසේ වූවානම් මගේ ඉගෙනිමද කඩාකප්පල් නොවනු ඇත. මේ ප්‍රශ්නයේ සම්පූර්ණ වැරදි කරුවා මම මිස අන් අයෙකු නොවේ. දැන් වෙන කරන්නට දෙයක් නැත කෙසේ හෝ විභාගයට ලිවිය යුතුමය. එම අභියෝගයට මුහුණදීම සදහා මා මුලින්ම මුණගැසෙන්නේ සහෝදරයෙකු බදු ඉකෝන් සර් වය. ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හොද ගුරුවරයෙකි. ජාතික පාසලක් වූ අප පාසලෙහි සිටි දීප්තිමත්ම තරුණ ගුරුවරයා වුවද ටියුෂන් ක්ලාස් එකක් හෝ කරන්නේ නැත. මා වැටී සිටි තත්වය හා මගේ මානසික මට්ටම හොදින් දන්න ඔහු හැකි සෑම විටම ඉකෝන් පාඩම් මට කියා දුනි. මාගේ මිතුරන්ද මට නෝට් පොත් පිටින් ලියා දීම ජීවිතයේ කිසි දිනක අමතක වෙන්නේ නැත.

ඉකෝන් වළට හැරුණු විට එකව්න්ට් සහ බීඑස් සදහා මම පුණරීක්ෂණ පංති දෙකකට සහභාගී විය. නමුත් ඒවා නිමාෂා යන පංති නොවේ. ඇය යන පංති වලට ගොස් නැවත ගැටලුවක් ඇතිවේයැයි සිතට නැගුනු බිය නිසාම මෙසේ වෙනත් පංති වලට සහබාගී වීමට මා තීරණය කරන ලදි. මේ ආකාරයෙන් මාස හය ගෙව්නේ නොදැනිමය. මේ කාළයේදී නිමාෂා සහ මම නැවත මිතුරන් සේ තරමක් ලංවූ බවක් මගේ සිතට දැනුනද එය මගේ සිතට දැනුන හිතළුවක් වීමට බැරි නැත. කෙසේ නමුත් දැන් ඇය මා සමග හොදින් කතා කරයි.

මේ ආකාරයෙන් කල්ගත වී උදාවුනේ පාසලේ අන්තිම දවසයි. එය ඔබ සැමගේ පාසලේ අන්තිම දිනයට වෙනස් එකක් නොවීය. ඔටෝ වල මතක සටහන් තබාගත්තේය. එවිට ඇයද මගේ ඔටෝ එකෙහි මතක සටහනක් තියා තිබුනි. එම සටහන මම සිය වරකට වඩා බලන්නට ඇත. කෙසේ හෝ මේ ආකාරයෙන් මගේ පාසල් ජිවිතයේ අවසන් දවසද සතුට දුක කැටිකරගෙන නිම වුනි.

දැන් ඇත්තේ විභාගය ලියන්නටය. එය හිතු තරම් ලේසි නැත. විභාගයට යන හැම දවසකම වෙනදාට වඩා වචනයක් හෝ නිමාෂා සමග කතා කරන්නට හැකිවිය. එය නම් අස්වැසිල්ලකි. මක් නිසාද යත් දැන් අැය මා සමග විරසකවී නැති බව එයින් මට ප්‍රත්‍යක්ෂ වන හෙයින්ය. නමුත් ඔය දින වල තවත් සුවිශේෂ යමක් සිදුවිය. එනම් නිමාෂා ගේ පෙම්වතා ඇය විභාගය නිමවී පැමිනෙන විිට මග රැක සිටීමය. ඔහු අපට වඩා වසරක් පමණ වයස අයෙකි. පෙනෙන හැටියට නම් නිමාෂා ඔහුට මා ගැන යමක් පවසා නැති බව නම් නිසැකය. එසේ පැවසුවේ නම් ඔහු පෙර දිනක හෝ අඩුම තරමේ විභාග දිනවල හෝ මාත් සමග ගැටලුවක් ඇති කර ගනු ඇත. එසේ නැත්නම් මා සමග සිටි නහයට අහන්නේ නැති මිතුරාගේ ක්‍රියාකලාපය දැන ඔහු නිශ්බ්ධව සිටියාද දන්නේ නැත. නමුත් බොහෝ විට වෙන්නට ඇත්තේ මාගේ පළමු උපකල්පනය යැයි සිතේ.

නමුත් පුදුමය එය නොවෙයි. ඇය පෙම්වතා සමග කතා කරනු දැක මා, මානසිකව ඇද නොවැටීමය. මේ වෙන විට ඒ තරමට මාගේ සිත පාළනය කරගෙන තිබිණි. ඇය ඔහුගේය. ඉතින් සිතින් දුක්වී ඵලක් නැති බව හොදින්ම මා දනිමි. නමුත් වරින් වර සිතට වචනයෙන් කිව නොහැකි මොකද්දෝ අමුත්තක් දැනෙන එක නම් වැලැක්විය නොහැකි විය. ඒ ඇස් පනාපිට මා පැතු ඇය වෙනෙකෙකුගේ වී ඇති නිසා විය යුතුය. බැලූ බැල්මට නිමාෂාගේ පෙම්වතා යහපත් ගතිගුණ ඇති කොල්ලෙකි. කිසිදු අවලම් ගතියක් හෝ මදාවි ගතියක් පෙනෙන්නට නැත. ඒ නිසා ඇයගේ අනාගතය ඔහු සමග සාර්තක වෙනු ඇතැයි මට සිතින.

ඔය ලෙසින් විභාගය ලියූ කාළයෙන් පසුව නැවත ප්‍රතිඵල එන තෙක්ම නිමාෂාව දෑහට දකින්නට අවස්තාවක් උදාඋනේ නැත. ඇයගේ නිවස ඇති තැන දන්නා නමුත් එම පළාතේ සැරි සරා බැලීමට දැන් මට බැරිය. ඒ පිළිබදව අවශ්‍යතාවයක්ද දැන් දැනෙන්නේ නැත. විභාගය නිමවී ගන්දබ්බ අවස්තාවේ සිටිනා මට අගනා යමක් ලැබුණි. එනම් පෙරමා කී මාගේ මිතුරාගේ සොහොයුරා පුවත්පත් ඒජන්සියක් ලබා ගැනිමය. ඔහු දැනට කරන පරිගණක වෙළද සැලේ කාර්යය බහුල බැවින් පුවත්පත් ඒජන්සිය තනිව කරගන යෑමට නොහැකිවී තිබේ. ඒ සදහා හව්ල් කරුවා වශයෙන් ඔහු අඩගසන්නේ මටය. මක් නිසාද යත් ඔහුට මා විස්වාස වන්තය. නිවසේ නිකං සිටින මා හට එහි වැඩ හොදින් කිරීමට හැකි බව ඔහු සිත්නට ඇත. මගෛ් කතාව සම්පුර්ණයෙන් දන්නා ඔහු මා සිරවී සිටි අවස්තාවේ මට උදව් කළ බැවින් ඔහුට මා නොමිලේ හෝ වැඩ කර දිය යුතුය යන හැගිම මගේ සිත තුළද විය. එහෙත් කිසි දිනක ඔහු මගෙන් ඒජන්සියේ වැඩ නොමිලේ කර ගත්තේ නැත. ආරම්භයේ සිටම ඒ සදහා හොද පඩියක් මට ලැබුණි.

එය පුවත් පත් ඒජන්සිය පමණක් නොව එහි සිල්ලරට පුවත්පත් අලෙවි කිරීමද ජයටම සිදු කෙරේ. මෙහි වැඩ සමග ඇතිවුනු කාර්යබහුලත්වය නිසා මට කාළය ගතවෙනවා දැනුනේ නැත.

එසේ කාළය ගතවි විභාගයේ ප්‍රතිඵල ආවේය. අහෝ පුදුමයකි. මැට්ටෙක් මෙන් සිටි මාගේ ප්‍රතිඵලය S S සහ C ය. සැබැවින්ම මා බලාපොරොත්තු වූයේ මීට වඩා පහල ප්‍රතිඵලයකි. C එක නම් මා සිතු සේ ඉකෝන් වලට ලැබී තිබුනු බව කිව යුතුය. එය මගේ හැකියාවක් නොව. තනිකරම අපගේ ඉකෝන් සර්ගේ උත්සාහයේ ප්‍රථිපලයකි. එහි පිණ ඔහුටය. නිමාෂාගේ ප්‍රතිඵල මට වඩා හොදය. නමුත් කැම්පස් යන්නට තරම් ප්‍රමාණවත් නොවීය. ඇයනම් දෙවෙනි වර උසස් පෙළ හදාරන්නේ ලු. නමුත් මම නම් එම අදහස හිතින් අස් කරගෙන සිටි බව කිව යුතුය. ඊට හේතුව නම් නැවතත් නිමාෂා යන පංතියකට සෙට් වී හිත අව්ල් කර ගැනීමට තිබු අකමැත්ත පමණක් නොවේ. ඊට ලොකුම හේතුව පුර්ණි නංගිත් මේ වසරේ විභාගය ලියන බැවිනි. මට වඩා වයසින් බාල ඈ සමග එකම පංතියේ සිටීමට මට අපහසුය.

අනෙක නම් මේ වෙන විට මට පුවත් පත් ඒජන්සියක් ඇති සේය. සල්ලිද අතේ තිබෙයි. එහෙයින් නැවත උසස් පෙළ කිරීම වෙනුවට නිවාඩු දිනවල ව්‍යාපාර කළමණාකරණය පිළිබද ඉගෙනුම හොද යැයි මට සිතුනි. ඒ සදහා මම තෝරා ගත්තේ ඔබ සැම දන්න ජයසේකර මහත්තයාගේ ආයතනයයි.

දැන් දැන් පුර්ණි නංගි විභාගය ඉලක්ක කරගෙන දැඩිව පාඩම් කරන්නීය. ඇයගේ නිවසේ සිටි මල්ලී සහ නංගි නිතර ගෝෂා කරන හෙයින් ඇය පාසල් වේලාවෙන් පසුව මා සිටින පුවත්පත් ඒජන්සියට විත් එහි ඇති පසුපස කාමරයට වී පාඩම් කරයි. සවසට මා ඇයව නිවසර ඇරලවා මාද නිවස බලා පිටත් වෙයි. එය දැන් දිනචරියාවේ කොටසක් වී හමාරය.

මතු සම්බන්ධයි...
6 කොටස 24 පිටුවේ ය.
http://www.elakiri.com/forum/showthread.php?t=1766213&page=24
 
Last edited:

BlizZ

Member
Oct 6, 2015
319
30
0
කොටස 5

දැන් නම් බලන අය අඩු වෙලා වගේ. මගේ කතාව කම්මැලිද දන්නෙ නෑ. කම්මැලි නම් කියන්න කෙටි කරලා ඉවර කරන්නම්.
බලන අය ත්‍රෙඩ් එකට එක Smilie එකක් වත් දානව නම් ඒක මේ කතාව ලියන මට ලොකු සහයෝගයක් වෙයි.

කතාව මග නතර කරන්නන් එපෝ... :sorry::baffled::sorry::baffled:
මං අලුත් කොටස එනකන් refresh කර කර හිටියේ. :yes:
කට්ටිය අඩු උනාට 10 දෙනෙක් හරි බලන් ඉන්නවනේ තවත් කොටසක් දානකන්. ඒ හින්ද දිගටම කතාව ලියන්න.
හෙට වෙනකන් ඉන්නනම් බෑ. ඉක්මනින් දාන්න. :angry:;)
 
Last edited:

Bathiya2005

Member
Oct 10, 2016
808
136
0
කතාව මග නතර කරන්නන් එපෝ... :sorry::baffled::sorry::baffled:
මං අලුත් කොටස එනකන් refresh කර කර හිටියේ. :yes:
කට්ටිය අඩු උනාට 10 දෙනෙක් හරි බලන් ඉන්නවනේ තවත් කොටසක් දානකන්. ඒ හින්ද දිගටම කතාව ලියන්න.
හෙට වෙනකන් ඉන්නනම් බෑ. ඉක්මනින් දාන්න. :angry:;)

:):):) thanks මචන්. දිගටම ලියන්නම්.
හැබැයි අද නම් තව කොටසක් දාන්න වෙලා නෑ. හෙට අනිවාර්යෙන්ම දානවා.
 

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    You must spread some Reputation around before giving it to Bathiya2005 again.

    digatama liyapan :D
     
    Status
    Not open for further replies.