එකෝමත් එක ආදරයක්

Status
Not open for further replies.

thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    Ane maye ratharane... Ithuru tikath danna maye Amma....:rolleyes::rolleyes:
    Ikmanata dapiya nathanam Thowa thiyanna :P:P:P
     

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    ko bn ithuru tika dannooo kathawa supiriyata yanawa
    හිටං ඉතිං :P රෑට මේක කොටනකං.
    :)
    Ane maye ratharane... Ithuru tikath danna maye Amma....:rolleyes::rolleyes:
    Ikmanata dapiya nathanam Thowa thiyanna :P:P:P

    :P:P හොද පුතා වගේ මම මේක රෑට කොටනකං ඉවසං හිටිං හොදේ...
    අඩේ මේක ලියනකොට මගේ හිත අමුතු වෙනවා බං :dull:
     

    BlizZ

    Member
    Oct 6, 2015
    319
    30
    0
    :) thanks machan

    :sorry::sorry: දැන් ලියන්න පටන් ගන්නවෝ...
    නිවාඩු දාලා ලියන්න තරම් තව ගොඩක් නැතියෝ..

    :sorry::sorry::sorry::sorry:

    අය්යෝ තව ටිකයිද තියෙන්නේ? :(




    මතු සම්බන්ධයි...
    තවත් කොටසක් රාත්‍රියේ බලාපොරොත්තු වන්න.

    :love::love: Interesting :love::love:
     

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    9 කොටස

    දුරකථන ඇමතුමේදී ඇගේ කටහඩේ ඇති වෙනස විමසූ විට පිළිතුරක් දීමට තත්පර කීපයක් ගත විය. ඉන් පසුව ඈ හඩ අවදි කරන්නීය. 'අයියේ ඔයා පොළොන්නරුවේ යන නිසා මට ඊයෙ රෑ නින්ද ගියේ නෑ' ඇය කීවාය. ඇයට මා ඈතට යෑම ඒ තරම් දැනී ඇත. ඒ වචන ටි ඇසී අවසන් වෙනවාත් සමගම මගේ සිත ඈ කෙර් ලෙන්ගතු හැගීමකින් බොහෝ සංවේදී විය. දැන් ඉතිං අද රෑට මට නිදන්නටද බැරිය. මන්ද ඈ දුර ඈතය. අනිත් උන්ටද නිදන්න බැරි වෙන බැවින් පෙර සූදානමට දුරකතනයද සයිලන්ස් කළ මා එහි තිරය දෙස බලා සිටින්නේය.

    රෑ 1 පසු වුනා මතකය. තව සුළු වේලාවකින් එක් වරම දුරකතන තිරයෙන් ආලෝකය නිකුත් විය. එහි සදහන් වූයේ 'මගේ අයියේ ඔයා නිදිද' යන්නයි. එය මට අදමෙන් මතකය. ක්ණිකව ක්‍රියාත්මක වු මා නිදි නැති බවද පවසා ඇයගෙන් ද තවම නිදි නැතිදැයි විමසුවේ සෙනෙහස කැටිවූ වචනද සහිතවය. බැලින්නම් අද ද ඇයට නින්දක් නැත. කෙසේ හෝ නිදියන්නැයි පවසමින්ද, මා මෙහිදී ඇය අකමැති කිසිවක්, කිසි සේත්ම කරන්නේ නැති බව පැවසීය. කෙටිපණිවිඩ 4 ක් 5 ක්පමණ හුවමාරුවීමෙන් පසුව ඇය නින්දට යනු ඇතැයි සිතමි.

    මා හිත තුළ සතුටක් මෙන්ම පුශ්න පත්‍රයක්ද තිබේ. කොල්ලෙක් හා කෙල්ලෙක් වදනින් ප්‍රකාශ කරන්නේ නැතිව ආදරයක් ඇතිවිය හැකිද? නැත නැත එසේ ඇතිවෙන්නට බැරි යැයි මා මගේ හිත සමගම තර්ක කරන්නේය. ඇය හා මා අතර ඇත්තේ දැඩි බැදීමක් මිස ආදරයක් නම් නොවිය යුතුය. එයද මා මටම ලබාදුන් පිළිතුරකි. කෙසේ නමුත් එවැනි ආදරයක් ඇති වෙන්නටද ඉඩ නැත. මක් නිසාදයක් එවැන්නක් ඇති වුවහොත් අපට සමාජයටවත් නෑදෑ හිත මිතුරන්ටවත් මුහුණ දෙන්නට නොහැකි වෙනු ඇත. මේ නිසා අප අතර ඇති මේ බැදීම වඩාත් කිට්ටු ලෙන්ගතු කමක් පමණක් විය යුතුය. එයද මා සිතූවකි.

    ඒත් එසේ නම් ඇයි මට මේ තරම් ඇයව සිහිවන්නේ, ඇයට ඇයි මේ තරම් මාව සිහිවන්නේ. මගේ සිත නැවත මගෙන්ම ප්‍රශ්න කරයි. උත්තර මාලගද නැත. එයද බැදීමේම හැටි විය යුතුයැයි මම මටහ කියා ගත්තේය. මගේ සිතේ ආදරයක් තිබේ නම් එය ඒක පාර්ශවිකව මා ලගම තබා ගත යුතුය.

    මෙලෙසින් මා මගෙන්ම ප්‍රශ්න සමින් මටම පිළිතුරු දෙමින් නින්දත් නොනින්දත් අතර සිට පහුවෙනිදා හිරු දුටුවේය. එදින නම් වැඩ අදිකය. මුලින්ම කලේ ඇයට ගුඩ්මෝනිං එස්එම්එස් එක යැවීමය.

    අද මනමාලයා සහ මා ඇතුළු මුල් ඇදුම අදින සිව් දෙනාගේ වැවී ඇති රැව්ල මුල් ඇදුමට සුදුසු සේ බාගත යුතය. දහවල් පිටත් වුනේ ඒ සදහාය. පසුව මට මෝටරතය සම්බන්ධයෙන් වැඩ රාජකාරිය තිබිණ. එහිදී මෝටරතය සෝදා සවස මගුල් කාර් සරසන තැනට ගෙනයා යුතුව ඇත. හෙට මා දෙවන මනමාලයකු වෙන නිසා අද රැයින් පසුව මට තව දුරටත් ඩ්‍රයිවර් වෙන්නට බැරිය. රැයේ සිට එම වගකීම පැවරෙන්නේ අයියාගේ මාමා කෙනෙකුටය.

    කෙසේ හෝ පෙර දින වෙහෙසත් සමග අද නම් රැයේ ඉක්මනින් මට නින්ද ගියේය. නමුත් නින්දට පෙර අවශ්‍ය සියලු කොටිපණිවුඩ යවා අවසන් කළ බව නම් කිව යුතුය.

    නිදා ගත්තද නැත්තා වැනිය. පාන්දර යාමයේ හිරු නැගෙන්නද හෝරා කීපයක් තිබියදී මුන් මාව සොලවන්නේ මුල් ඇදුම අන්දවන්නටය. එතැන් පටන් මුල් ඇදුමෙන් මා බැද දැමුවේය. එය කියන තරම් හැද සිටීමට අපහසු ඇදුමක් නොවේ. සොභාදහමේ අවශ්‍යතාවය ඉටු කිරීමට වශය අවයවය පිටතට ගැනීමට අවශය පහසුකම්ද එහි අන්තර්ගතය. මේ නිසා එක එකා කියන තරමේ අපහසුවක් එහි නැත. තරමක් අපහසු වෙන්නේ ගැට ගැසීම් තද වෙන විට. එබැවින් එය හැද සිටින විට කෑමට බීමට අපහසුය.

    තවත් අනිවාර්යෙන් කළ යුතු කාර්යයක් ඇත. එනම් මුල් ඇදුම ඇද සිටින විට ඡායාරූපයක් ගැනීමය. එ්ය සැපට දුකට මා ලග සිටින 6600 එකෙන් කළ හැකි සරළ ක්‍රියාවකි. දැන් මෙන් සෙල්ෆි ගැසිලි සදහා ෆ්‍රන්ට් කැමරා සහිත ෆෝන් එවකට නැත. එමෙන්ම ලොකු මෙගා ෆික්සෙල් ගනන් වලින් කැමරා සහිත ෆෝන්ද නැත. එවන් සමයක 6600 යනු මාහැගි සම්මපතකි.

    එදා දවසේ වෙඩිම ජයටම යන්නේය. දවල් කැම කන විට දුන් වෙඩින් කේක් කැබැල්ල මම කන්නේ නැතිව යම් අයෙක් සදහා තබා ගත්තේය. එය කාටදැය ඔබට අමුතුවෙන් කිය යුතු නොවේ‍. මෙසේ දවස ගෙවා දැමු පසු. සවස නැකතට, අලුත බැදපු ජෝඩුව වැඩි දුරක නැති හෝටලයකට පිටව ගියේය. අද ඔව්න් එම හෝටලයේ රැදී හෙට දිනයේ අප සමග නැවත ගම රට බලා පිටත් විමට අපේක්ශිතය.

    දැන් නම් හිතට නිදහස්ය. අප හෙට ගෙදර යන්නේය. ඈ වෙත ඇමතුමක් ගත් මා දවසේ වූ සියල්ල සංශිප්තව ඉදිරිපත් කලේය. බියර් බොනවා තබා බියර් බෝතලයක් හෝ අතින් නොඇල්ලූ මා ඒ පිළිබදව ඈ හට කීවේ, මම ඈ කැමති ආකාරයටම මෙහි සිටින බව කිව යුතු වූ හෙයිනි. සැබැවින්ම මා හිතට එකගව ඇය කැමති ආකාරයෙන් සිටි බව කිව යුතුය. එය නම් බැදීමය. හිතින් බැදුනු විට තවකෙකු කැමති දෙයක් අප කරන්නේ නිරායාසයෙනි.

    පහුවෙනිදා නිවස බලා පිටත්ව යෑම ඇරඹින. උදෑසනම නැගිට මිතුරන් සමග කාර් එකෙහි සැරසිලි ඉවත් කලේය. ඒ සැරසිලි සමග දුර යෑම අනුවන කමකැයි වැඩිහිටියන් කියූ නිසාය. කලින් මෙන් දැන් නැවතත් රථාචාර්ය මමය. අනෙක් පස කටකාර මිතුරාය. ඔහු සිටින බැවින් පසුපස සිටින මනාල යුවලට නිදහසේ කිස් එකක් හෝ දෙන්නට බැරි බව නම් කිව යුතුය. ඔහු ඒ තරම් සක්‍රිය චරරිතයකි. එමෙන්ම කටට කිසි කන්ට්‍රෝල් එකක් නැති බව අයියාත් දැන සිටිනවා විය යුතුය. අයියාගේ මලයා වෑන් එකේ පැක් වි පැමිනෙන්නේය. දැන් වෑන් දෙක සැමන් ටින් දෙකක් වැනිය. එතරම් මිනිසුන් ඒවායේ පැක්වී ඇත.

    ගමන අවසානයේ අප නිවසට පැමිණියේ අලුත් ජෝඩුව පැණි හද සදහා ඇරලවීමෙන් පසුවය. පසුව මම නිවස බලා ගියේය. ඔව්න්ගේ පැණි හදට තිබුනේ එදා පමණය. පහුවෙනිදාම හෝම්කමින් එක තිබුනේය. මගුලේ වැඩ දැන් අවසන්ය. නැවත මා නිදහස්ය. හෙට උදෑසනම පුවත්පත් ඒජන්සියට යෑමට හැකිවීම මට මහත් සතුටකි. ඇයද හෙට එන බව කියන්නීය. ඇයට දෙන්නට දුරකතනයේ තිබූ චායාරූපයද මුද්‍රණය කර ලෑස්ති කරගෙන ඇත.

    මතු සම්බන්ධයි...
    10 කොටස 42 පිටුවේය.
    http://www.elakiri.com/forum/showthread.php?t=1766213&page=42

    ත්‍රෙඩ් එක bump කිරීමෙන් හෝ උදව් කරන සැමට මාගේ හද පිරි ස්තූතිය පුදමි.
     
    Last edited:
    Status
    Not open for further replies.