6 කොටස
මා පුවත්පත් ඒජන්සියට ගිය මුල් කාළයේ දවල්ට කෑවේ මාළුපාං ගෙඩියකි. ඊට හේතුව ඉස්කෝලෙන් අව්ට් වූ අලුත සිටි මට තනියෙන් කනවා යනු ඉතා කම්මැලි සහගත ක්‍රියාවක් විමය. ඉස්කෝලේ කොල්ලන් රොත්ත සමග කයිය ගසාගෙන කැන්ටිමෙන් පරිප්පු දැමූ පාං කාළ කණවිට දැනෙන ආතල් එක තනියෙන් කනවිට කොහින්ද. ඉතින් තනියෙන් බත් කන්නටද සිතෙන්නේද නැත. එය පට්ට කම්මැලි ක්‍රියාවක් යැයි එදවස දැනුනි. නමුත් දැන් එසේ කරන්නට බැරිය පුර්ණි නංගි දැන් ඒජන්සියට එයි. ඇයට මාලුපාං ගෙඩියක් දි සිටීම මා හට කරන්නට බැරිය. ඇය ඒජන්සියට පැමිණි මුල් දිනව වල දවල්ට කෑමට බත් රැගෙන ආවවේය. නමුත් එසේ නොකරන ලෙස මම ඇයගෙන් ඉල්ලා සිටියේ අප දෙදනාහටම කෑම කඩයකින් ගැනීම මට පහසු නිසාය.
දැන් ඇය එන නිසා මමද බත් කන්නේය. එය මාගේ ශරිර සෞක්යටද හොදය. ඇය පුවත්පත් ඒජන්සියට පැමිණීම මාගේ මානසික සෞක්යටද හොදය. තනිකම පාළුව, විරහව කිසිවක් මට දැන් දැනෙන්නේ නැත. දැන් මම පුරුද්දක් ලෙස කෑම කන්නට ඇය එන තුරු බලා සිටී. දෙදෙනාම කන්නේ එක මේසේ එක ලග හිදගනය.
ඇය ඒජන්සිය තුළට වී පාඩම් කරන විට මම කතා කරන්නට යන්නේ නැත. එසේ කළහොත් ඇයට පාඩම් වැඩ කිරීමට නොහැකි වීම ඊට හේතුවයි. නමුත් කැම කන වේලාවට අප දෙදනා ඉතාම සුහද ශීලිව අදහස් හුවමාරු කර ගනී එපමණක් නොව ඇයව ඇරලීමට නිවසට යන විටද අපට ඇති තරම් කතා කරන්නට වේලාව තිබේ. ඉතින් පාඩම් කරන වේලාවට කතා කරන්නට ගොස් කරදර කිරිමට උවමනාවක් නැත. මා සුපුරුදු පරිදි පුවත්පත් ඒජන්සියේ ඉදිරි පසට වි පුවත්පත් විකිණීම සහ එහි ගිණුම් ආශ්රිත වැඩවල යෙදෙයි. මට බලන්නට පුවත් පත් ඇති තරම් තිබේ.එම වකවානුවේ මම දවසේ පත්තර වල සිට ජෛා්තිශය පත්තර දක්වා හැම පත්තරයක්ම බැලීමට පුරුදු වි සිටියෙමි. ඉතින් මාගේ සාමාන්‍ය දැනුම ඉතා හොදය.
දිනක් දවල් කෑම කමින් සිටින විට ඇය යෝජනා කරන්නේ අප දෙදෙනා වෙන වෙනම බත් පාර්සල් දෙකකින් කැම කනවා වෙනුවට අප දෙදෙනා එකම පාර්සලයකින් කෑම හොද බවය. එවිට දෙදෙනාම එකතු වී එක් පාර්සලයක් ඉවර කොට අනෙක් පාර්සලයට දෙදෙනාට වග කියන්නට පුළුවන. එය සැබැවින්ම හොදය. එමෙන්ම එය මාගේ සිතේ ඈ කෙරෙහි ඇති ලෙන්ගතු හැගිම දනවන්නකි. කෙසේ නමුත් එම ලෙන්ගතු හැගීම කොල්ලෙක් හා කෙල්ලෙකු අතර ඇති වෙන ආදර හැගීමක් නම් වෙන්නට බැරිය. එය සාමාන්‍ය කිට්ටු බැදිමකි. නමුත් ඇය සමග කෑම කන විට බඩට පෙර සිත පිරෙන බව නම් කිව යුතුය.
O/L සමයේදී මෙන් දැන් මම ඇයට එතරම් පාඩම් කියා දෙන්නට යන්නේ නැත. මන්ද SSC ප්‍රතිඵලය සමග මම යනු AL ඇනගත් අයෙකි. නමුත් ඉකෝන් මට අපහසු නැත. එබැවින් ඇය හට අවශ්‍ය නම් ඉකෝන් පාඩම් පමණක් අසන්නට යැයි මම කියා තිබුනි. එබැවින් ඇය පාඩම් කරමින් සිටින අතර තුර වරින් වර ඉකෝන් පාඩම් සම්බන්ධ දේ මගෙන් අසා ගන්නිය. එපමණක් නොව ඇතැම් විට එකව්න්ට් ප්‍රශ්නද අසයි. එවිට ඇයගේම පොතකින් බලා හෝ ඒවා පැහැදිලි කර දීමට හැකිවීම මා ලද භාග්‍යකි.
මෙසේ කාළය ගත වෙද්දී දෙදෙනා දහවල් කෑම කමින් සිටින විට ඇය මගෙන් බත් කටක් ඉල්ලා සිටියේය. මළ කෙලියකි. මම මනුස්සයෙකුට තබා බලු පැටියෙකුටවත් කැම කවා නැත. දැන් මම ඇයට කවන්නේ කෙසේද සාමාන්‍ය ආකාරයට ඇනූ අලි බත් කට කෙසේ හෝ ඇගේ කටේ එබුවේය. බත් කට එබුවා පමණය දැන් එය ලොකු වැඩි බැවින් ඇයට හපන්නට අසීරුය. කතා කර කරන්නටද බැරිය. කෙසේ හෝ ඇය එය සපා ගිල දැමුවේ ඉතා අමාරුවෙනි. එම සිදුවීම මතක් වෙන විට දැනුදු මුවග සිනහවක් නැගේ. දැන් මමද පැවසුවේ මටත් කටක් කවන ලෙසය. ඇය නම් මම මෙන් දරුණු නැත. මල්ලිට, නංගිට කවා පළ පුරුද්ද ඇති ඈ බොහෝම රස කටක් මට කැව්වේය.
කුඩා කළ මෑණියන් බත් කැවූ පසු තවත් අයෙකු මට කෑම කැව්වේ ප්‍රතම වරටය. එය සැබැවින්ම ආස්වාදජනකය. බත්කට මම කනවාට වඩා ඉතා ප්රනීතය. එදිනෙන් පසුව දවල්ට කෑම කන විට ඇගෙන් බත් කටවල් කීපයක් ඉල්ලා ගැනීම මාගේ පුරුද්ධය. ඇයද එය පුරුද්දක් කරගෙන සිටින්නීය. මම පෙර මෙන් නොව බොහෝ පොඩියට ඇනු බත් කට ඇයට කවන්නට පුරුදු විය. එම මතකයද බොහෝ සුන්දර බව නම් නොකියාම බැරිය.
කල්ගත වෙත්ම ඇතැම් දින මම බත් අතින් කෑවේම නැත. එය මටද පහසුකි. කෑම කන අතරරේ පුවත්පත් ඒජන්සියට කව්රුන් හෝ පැමිණියහොත් අත සෝදාගෙන දුවන්නට උවමනා නැත. නමුත් දැන් මට තවත් ගැටලුවක් ඇතිවී තිබේ. ඒ ඇය නොමැති දියන්හීදී දැන් මට මාළු පාං ගෙඩියක් හෝ ගිල දැමිමට ප්‍රිය නොවිමය.
මතු සම්බන්ධයි...
7 කොටස 28 පිටුවේය.
http://www.elakiri.com/forum/showthread.php?t=1766213&page=28

tags wala balapanmachan ube 3 ni part eken passe story eka tiyena page eka dala nane![]()

bump




පට්ට පට්ට... එලට ලියල තියෙනව... ඉකමනට අනිත් ඒවත් දාපන්.....
මචං මේ සීන් එක උබේ ඇත්තම සීන් එකක්ද?? ලිපන්කො පොතක් යකෝ.....

ඇත්ත කතාව මචන්. පොත් ලියන්න තරම් නම් හැකියාවක් නෑmachan ube 3 ni part eken passe story eka tiyena page eka dala nane![]()
එළ මචන් ඉතුරු කොටසත් ඉක්මනට දාන්න...
අද රෑට දානවා මචන්බොහෝම ස්තූතී මචං.මීට කිට්ටු ජීවිතේ මේ වගේ කාළයක් මටත් තිබුනා මචංකතාව සුපිරී. උඹට ලියන්න හොද හැකියාවක් තියනවා. කොමස් වෙනුවට ආට් කරානම් අද ලංකාවේ සූජීවට උඩින් ඉන්නේ උඹ.
ඊලග කොටසත් දාපන් ඉක්මනටම
REP++

tags wala balapan![]()





ela.





Maru lassanai ban...... uba bokkata wadinna liyanawa ban ela.... ubata hena hakiyawak thiyanawa.... jaya wewa....![]()
![]()
බොහෝම ස්තූතී මචන්. 




ත්‍රෙඩ් එකේ ඉදලා දැනට මට උදව් කළ අය මේක ඉවර වෙන්නේ කොටස් කීයෙන්ද?![]()
හරියටම තාම හිතා ගන්න බෑ. සමහරවිට 15 ක්. නැත්තං ඊට අඩු / වැඩි වෙන්නත් පුලුවන්.


හරියටම තාම හිතා ගන්න බෑ. සමහරවිට 15 ක්. නැත්තං ඊට අඩු / වැඩි වෙන්නත් පුලුවන්.
