එකෝමත් එක ආදරයක්

Status
Not open for further replies.

Bathiya2005

Member
Oct 10, 2016
808
136
0
Hithata maara awul bn. Mata una wage bn. Hithata pattama awul. Ubage den thathwe mokakda
:sorry: කමෙන්ට් එකට ස්තූතී මචන්.
මගේ වර්තමානය නම් හොදයි මචන්. දැන් මම බැදලා ඉන්නෙත් ආදර සම්බන්ධතාවයකින්. ඒ සම්බන්ධය පටන් ගත්තේ ඔය සිද්දිය ඉවර වෙලා අව්රුදු 5 කට විතර පස්සේ. එතකන් මම ඔහේ හිටියා. ආදරය කරලා බැදපු බිරිද මට පණටත් වැඩිය ආදරෙයි. මගේ පනත් එයා. මගේ මේ සිද්දිය නිසා මගේ බිරිදට එක දශමෙක වත් හිත් වේදනාවක් ඇතිවෙන්න මම ඉඩ තියන්නෙ නෑ.
නමුත් ඔය සිද්දිය මගේ හිතේ පොඩිකාලේ ඉදලා දලුලා වැඩුන එකක් නිසාදෝ තවමත් වේදනාව දැනෙනවා.

Meghan kathawa hondai. Oya lassanata liyala thiyenawa. Eth attama kathawa wenna ona oya dan inna thathwayata apu widiya. Anna a tika liyala nawatha kathawak danna. Boot kala siyadivi nasaganna hadana ayata oyage jeewithaya ithuru tika godak prayojanawath wewi. Oyata pin yaluwa. ...



අඩෝ සිරාවටම දුකයි...හැබැයි මචන් ඇත්තටම සතුටුයි උබ ගැන අනිත් උන් බෙබ්බෝ වෙලා නවතින අතරේ උබ නියම විදියට ජීවිතය හද ගත්ත එකට...........උබට පුළුවන් නම් උබ ගොඩ ගියපු විදිය...ඔය සිද්දියෙන් පස්සේ හිත හද ගත්ත විදියත් දාපං මේකේ ඉන්න ගොඩක් උන්ට වැදගත් වෙයි බන්........බලපන් කෝ දවසකට ඔය වගේ සිද්දි ගැන මේකේ thread කියක් වැටෙනවද කියල..........anyway good look machan.......

ඔයාලට කමෙන්ට් කරාට බොහෝම පිං.
ඊටපස්සේ මම ජිවිතේ හදාගත්තු විදිහ ගැන නම් ලොකු දෙයක් කියන්න නෑ. අනිත් එක මම තෝරගත්තු මාවත රස්සාවත් එක්ක ගොඩක් කාර්ය බහුල වෙලා දුක ගැන හිතන්න තිබුන කාලය අඩු කරගත්තු එක. දවසට නිදාගත්තේ පැය හතරක් විතර. ඒ වෙලාව වෙනකොට මම ගොඩක් මහන්සි වෙලා හිටපු නිසා ඉක්මනට මට නින්ද ගියා. වැඩිය හිත හිත ඉන්න ලැබුනේ නෑ. පුලුවන් තරම් බිසී වෙන එක තමයි දැන් මගේ බිරිද හමු වෙනකන් මගේ එකම ගැලවීම උනේ.
 

shagrath

Junior member
  • Jul 17, 2010
    61
    11
    8
    Comment kale nathi wunata thread eke mama digatama hitiya machan.anthima kotasa kiyewwe mama bohoma amaruwen.ubanam patta machan.
     
    • Like
    Reactions: Bathiya2005

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    එක තමයි බන් මෙකෙ ඉන්න අඩන බබාලට එක්ක බලද්දි උබ විරයෙක් බන්.......... :yes::yes::yes::yes:
    කමෙන්ට් එකට බොහෝම ස්තූතී මචන්.
    හරිම ලස්සන කතාවක් බන්.. ලස්සන movie එකක් බැලුව වගේ.. අපි හැමකෙනෙක්ම වගේ අකමැති දුක හිතෙන අවසානයක් තියෙන්නෙ.. ඒ කෙල්ල මාර lucky උබ වගේ අයිය කෙනෙක් ලබන්න..
    කමෙන්ට් එකට බොහෝම ස්තූතී මචන්.
    මොනව උනත් මාත් වාසනාවන්තයි මචං ඒ වගේ නංගියෙක් ලබන්න. මම ආදරය කියන දේ, කෙල්ලෙක් එක්ක කතා කරන්න ඕනෙ විදිහ පවා ඉගෙන ගත්තේ එයාගෙන්.

    665.png

    iwara wenakamma hitiya rape karanna:rofl:...Ade dukai .. ewagema sathutui ban... Umba muna dunna widiha gana hugak un oya wage kalpana karala wadakaranne na... Umba muhuna dunna prashna nisa thama ada oya wage thanaka inne ...ela kollek ...Suba pathanawa :):) Honda sarthaka jiwithekata
    කමෙන්ට් එකට බොහෝම පිං මචන්. මේ ත්‍රෙඩ් එක නිසා මම ඔන්ලයින් ඉන්න ඉතාම හොද අය ගොඩක් අදුර ගත්තා.
     

    thushiq64

    Well-known member
  • Apr 24, 2012
    1,102
    273
    83
    uae
    කමෙන්ට් එකට බොහෝම ස්තූතී මචන්. මගේ වයිෆ් රත්තරං ගතිගුන තියන කෙල්ලෙක් නිසා පූර්ණිව නෙැලැබුන එක මගේ අවාසනාව කියලා හිතන්නෙ නෑ.
    බුදුසරණින් කෙල්ල හොදින් ඉන්නවා මචං. ඒ කොල්ලත් කෙල්ලට හොදට ආදරෙන් ඉන්නවා.



    :(:(:(:(

    කමෙන්ට් එකට බෝහෝම ස්තූතී මචං.

    පබ්ලිෂ් කරන්න ඕනි නෑ මචං. මේක කතාවක් විදිහට විකිනෙන්න ඕනි නෑ.

    එහෙම අහන්න ලැබුන එකත් සතුටක් මචන්
     

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    උබ ඒ සිදුවීමෙන් පස්සේ හිත හදාගෙන ගොඩ ගිය විදිහ ගැනත් දාපන්කෝ මචන්. ගොඩක් උන්ට මේකේ ඉන්න සැහෙන්න වැදගත් වෙයි
    ඊටපස්සේ මම ජිවිතේ හදාගත්තු විදිහ ගැන නම් ලොකු දෙයක් කියන්න නෑ මචන්. මම තෝරගත්තු මාවත රස්සාවත් එක්ක ගොඩක් කාර්ය බහුල වෙලා දුක ගැන හිතන්න තිබුන කාලය අඩු කරගත්තු එක. තව ඉගෙන ගත්තා. මට තව වෙනතුරු උපාදියක් නම් නෑ. ඒත් වෘතීය සුදුසුකම් හදාගත්තා. ඒවත් එක්ක තමයි රස්සාවේ උඩට නම් එන්න පුලුවන් උනේ. දවසට නිදාගත්තේ පැය හතරක් විතර. ඒ වෙලාව වෙනකොට මම ගොඩක් මහන්සි වෙලා හිටපු නිසා ඉක්මනට මට නින්ද ගියා. වැඩිය හිත හිත ඉන්න ලැබුනේ නෑ. පුලුවන් තරම් බිසී වෙන එක තමයි මම කරේ. මුලින් මුලින් මොනවා කරත් එයාව පේනන ගත්තා පස්සේ පස්සේ කාර්යබහුලත්වය මගේ ජීවිතේ උනා. දැන් මගේ බිරිද පෙම්වතියක් විදිහට හමු වෙනකන් මගේ එකම ගැලවීම උනේ කාර්යබහුල බව.

    thanks
    mama hithuwe badala lamaith athi kiyala, eth dan duka hithena deyk wela thiyenne
    :(:(:(:(
    mageth oya wage kathawak thiyenawa, welawaka dannam ,oya wage lassanata nam bari wei,
    ලියන්න මචන්. පටන්ගත්තම ලියන්න පුලුවන්. මාත් කවදාවත් මෙහෙම දෙයක් තියා OL කාලෙන් පස්සේ රචනාවක් වත් ලියලා නෑ.
    මම හිතුවේ හැපි එන්ඩ් එකක් තියෙයි කියලා.අන්තිමට තියෙන්නේ ශෝකාන්තයක්නේ බන්.කමක් නෑ උඹයි නෑනයි දෙන්නම හොඳින් ඉන්නවනේ.හැමදේම වෙන්නේ හොඳටයි බන්.උඹේ කථාව අපිත් එක්ක බෙදාගත්තට බෝම ස්තූතියි.ගුඩ් ලක් මචන්.
    කමෙන්ට් එකට ස්තූතී මචං
    eka adarayakin danuna duka nathi wenna nam thawath hoda adarayk labenna one
    තව හොද ආදරයක් ලැබුනම දුක නැති වෙනවා කියනව නම් ඒක බොරුවක් මචං. දුක තුනී කර ගන්න, දුක තරමක් අමතක කර ගන්න නම් පුලුවන්.
    Comment kale nathi wunata thread eke mama digatama hitiya machan.anthima kotasa kiyewwe mama bohoma amaruwen.ubanam patta machan.
    අවසානයේ උනත් දාපු කමෙන්ට් එකට බොහෝම ස්තූති මචන්.
     

    iuwick

    Member
    Oct 12, 2016
    103
    3
    0
    එහෙ තමයි
    බොහෝම ස්තූතී මචන් කමෙන්ට් එකට. ඒ වගේම හිත හැදුවට පිං.
    එතනින් පස්සේ ජිවිතේ ගැන නම් කතාවක් දැම්මොත් සමහරු හිතයි මම පම්පෝරි ගහනවා කියලා. ඒ නිසා ඕනි නම් උඹට ලියලා මම පීඑම් කරන්නම් වෙලාවක.


    එතනින් පස්සේ ජිවිතේ ගැන කතාව daahan hamotama ardarshayak ganna.... ehema akamathi nam PM karahan mcn puluwan welawaka....
     

    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,504
    429
    83
    Nugegoda
    අඩෝ අවසානය නම් දුකයි උබ අවුලෙන්ද තවම? උබත් බැන්දද?
     

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    අඩෝ අවසානය නම් දුකයි උබ අවුලෙන්ද තවම? උබත් බැන්දද?
    හිතේ දුක තියනවා මචන්. අද නම් ටිකක් වැඩියෙන් අව්ල්.
    ඔව් මචං බැන්දා ඒත් ආදර සම්බන්ධතාවයකින්. ඒ සම්බන්ධය පටන් ගත්තේ ඔය සිද්දිය ඉවර වෙලා අව්රුදු 5 කට විතර පස්සේ. එතකන් මම ඔහේ හිටියා. ජීවිතේ කාර්යබහුල කරගත්තා. දැන් බැදලා ඉන්න මගේ කෙල්ල මට පණටත් වැඩිය ආදරෙයි. මගේ පනත් එයා.

    uba 86 da ? :D

    :yes:
     

    BlizZ

    Member
    Oct 6, 2015
    319
    30
    0
    හිත හැදෙන විදිහට කමෙන්ට් කරාට බොහෝම පිං.
    ඊටපස්සේ මම ජිවිතේ හදාගත්තු විදිහ ගැන නම් ලොකු දෙයක් කියන්න නෑ. අනිත් එක මම තෝරගත්තු මාවත රස්සාවත් එක්ක ගොඩක් කාර්ය බහුල වෙලා දුක ගැන හිතන්න තිබුන කාලය අඩු කරගත්තු එක. දවසට නිදාගත්තේ පැය හතරක් විතර. ඒ වෙලාව වෙනකොට මම ගොඩක් මහන්සි වෙලා හිටපු නිසා ඉක්මනට මට නින්ද ගියා. වැඩිය හිත හිත ඉන්න ලැබුනේ නෑ. පුලුවන් තරම් බිසී වෙන එක තමයි දැන් මගේ බිරිද හමු වෙනකන් මගේ එකම ගැලවීම උනේ.

    කොහොමහරි අද ජීවිතේ සතුටින් ඉන්න හම්බවෙලා තියෙනවනේ.
    ඔයාට අනාගතය තවත් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
     
    • Like
    Reactions: Mr.Tom

    DGN

    Well-known member
  • Feb 16, 2015
    415
    604
    93
    කතාව බොක්කටම වැදුන බං.උඹ සිරාවටම ලියල තියනව ඒක.ඔය වගේ දෙයක් වෙලත් කාලකන්ණියෙක් නොවී උඹ සාර්ථක ජිවිතයක් ගතකරන ඒක ගැන සතුටුයි.ඒ ලෙවල් කාලේ ලව් සික් ගහල මම විබාග ඔක්කොම අනාගත්ත
     

    apple.buddika

    Active member
  • හුගක් අවංක අදර කතාවල බන් දුක විතරක් ඉතිරි කරලා නතර වෙනවා... උබට අවුරුද්දකට එකපාරක්වත් call එකක්වත් දෙන්නේ නැති එකනම් දුකයි තමා. එත් බන් අතීතේ මතක්වෙන නිසාද දන්නේ නැනේ. විස්වාස කරපන් මගේ කතාවට අවුරුදු 3ක් වෙනවා. මායි මගේ එක්කෙනයි එක ගමේ වුනාට තාම මුනට හම්බවෙලා නෑ මචං. මුනට හම්බවුනොත් සිනහ වෙන්නද, ඔරවන්නද, අඩන්නද, සිබින්නද, වලදගන්නද, දුවන්නද කියල දන්නේ නෑ බන්. මොකද ගොඩක් දේවල් ගැන හිතල කදුල ඉතිරි කරන් ඇයට සමුදුන්නා නිසා...
     

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    කොහොමහරි අද ජීවිතේ සතුටින් ඉන්න හම්බවෙලා තියෙනවනේ.
    ඔයාට අනාගතය තවත් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
    බොහෝම ස්තූතී. ඔයාලගෙත් අනාගතය හැම අතින්ම සාර්තක වෙන්න ඕනේ.
    කතාව බොක්කටම වැදුන බං.උඹ සිරාවටම ලියල තියනව ඒක.ඔය වගේ දෙයක් වෙලත් කාලකන්ණියෙක් නොවී උඹ සාර්ථක ජිවිතයක් ගතකරන ඒක ගැන සතුටුයි.ඒ ලෙවල් කාලේ ලව් සික් ගහල මම විබාග ඔක්කොම අනාගත්ත

    බොහෝම ස්තූතී මචන්. ඒලෙවල් කාලෙදි ලව් කරොත් අනිවාර්යෙන් විභාගේ ඇනෙනවා මචං.
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113

    අත්වැල ගිලිහී ලොව තනි වූ දා
    දකිනා පෙරමග ලකුණු නැතී
    ආශා දැහැනේ වැනසී යා දෝ
    යුගදිවි ගමනේ සොඳුරු ගතී

    :(:(:(:(:(
     

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    හුගක් අවංක අදර කතාවල බන් දුක විතරක් ඉතිරි කරලා නතර වෙනවා... උබට අවුරුද්දකට එකපාරක්වත් call එකක්වත් දෙන්නේ නැති එකනම් දුකයි තමා. එත් බන් අතීතේ මතක්වෙන නිසාද දන්නේ නැනේ. විස්වාස කරපන් මගේ කතාවට අවුරුදු 3ක් වෙනවා. මායි මගේ එක්කෙනයි එක ගමේ වුනාට තාම මුනට හම්බවෙලා නෑ මචං. මුනට හම්බවුනොත් සිනහ වෙන්නද, ඔරවන්නද, අඩන්නද, සිබින්නද, වලදගන්නද, දුවන්නද කියල දන්නේ නෑ බන්. මොකද ගොඩක් දේවල් ගැන හිතල කදුල ඉතිරි කරන් ඇයට සමුදුන්නා නිසා...

    ඔව් මචන් මමත් හිතනවා එහෙම කෝල් එකක් නොදෙන්නේ මාව මතක් උනාම හිතට අමාරු නිසා වෙන්න ඇති කියලා.
    උඹත් එයා හම්බුනොත් හිනාවෙයන් මචං. ඒක කරන්න ආමාරුවෙයි. එව්නාට ආදරරෙන් හිනා වෙයන් මචං වරදින්නෙ නැ.
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    අවසන් කොටස

    ඇයගේ මව මා සමග දැන් වැඩිය කතා නොකළ කාරණය, මා සිතින් මවාගත්තක් නොවන බව සපත උනේ තවත් දිනක ඇය දුටු විටය. සැබැවින්ම ඇයගේ මවට දැන් මා නුරුස්සන අයෙකු වී ඇත. මෙසේ වෙන්නට හේතුව අප දෙදෙනා අතර ඇති ඇගෑලුම්කම විය යුතුය. වෙනනම් මා අතින් කිසිදු වරදක් නොවුන බව මා හොදාකාරව දනි. මෙය මට මහත් වේදනාවකි. නමුත් ඒ බව පූර්ණිගෙන් අසන්නටද බැරිය. මන්දයත් එය අසන්නට ගියෝතින්, මම ඇගේ අම්මා පිළිබදව වැරදි වැටහීමක් ඇති කරගෙන ඇතැයි සිතීමට බැරි නැත. එවැන්නක් ඈ සිතුවහොත් මවට දැඩිසේ ආදරය කරන ඇයට මාව පිළිකුල් වෙන්නටද බැරි නැත.

    නමුත් දිනක් ඇය පරිගණක පංතියට යන්නේ නැතිව කලින්ම පුවත්පත් ඒජන්සියට පැමිණියේය. දුටු සැසින් ඇගේ මුහුනේ සිනහවක් නැත. හඩන්න ලංව ඇතිසේයාවක් මුහුනෙන් දිස්වේ. ඇතුලේ කාමරයට ගිය ඇය, එක්වරම 'අපේ අම්මා අයියත් එක්ක දැන් වැඩිය කතා කරන්නේ නෑ නේද' යන්න විමසුවේය. ඇය එය අසූ සැනින් මාද පෙරලා පැවසුවේ 'ඇයි ද දන්නෙ නෑ නංගි මටත් මේක දැනුනා මම ඔයාට කිව්වෙ නෑ' යනුවෙනි. එකෙනෙහිම ඇය හඩන්නට ගත්තේය. ඇය හඩනවා බලාගෙන සිටින්නට තරම් ශක්තියක් මට නැත. මා ක්ෂණිකව ඇය අසලට ගොස් ඇයගේ හිස අත ගාමින් ඇයව සනසන්නට වදන් කීහ. ඇගේ මව මොන ආකාරයෙන් සිටියද, මට බැන්නද මම ඇගේ මව සමග තරහක් ඇති කර ගන්නේ නැතැයි මා ඇයට කියා සිටියේය. දිගින් දිගටම හඩන ඇයගේ දෑස් දැක මගේ ඇස්වලින්ද කදුලු වැටුනේ නිරායාසයෙන්මය. මා ලේසියෙන් හඩන අයෙකු නොවෙයි. කලින් වතාවේ නිමාෂා ගෙන් ඇතිවූ දැඩි පීඩන හමුවේද මා රහසින් වත් හැඩුවේ නැත. කොටින්ම කියනවා නම් 7 වසරේදී අපගේ සීයා මිය ගිය සොවින්, රහසින් හැඩූ පසු මා නැවත හැඩුවේ නැත. එහෙත් අද මට ඇයගේ කදුළු දැක ඈ ඉදිරිපිටම හැඩෙයි.

    ඇය හඩමින් පැවසුවේ මා අපේක්ෂා කළ දෙයයි. ඇය සමග මම යම් සම්බන්ධයක් ඇතැයි කියා ඇගේ මවගේ සිත තුළ සැකයක් ඇතිවී තිබේලු. එබැවින් මව පූර්ණි සමග මට දොස් පවරා ඇත්තේ එවැන්නකට ඇය අකමැති බව පවසමිනි. එය භාතිය අයියාට කියනා ලෙසද මව පවසා තිබේ. ඈ එය පවසන්නේ ඉකි ගසමින්ය. ඈ මවට බොහෝ සේ ආදරය කරන බව මා දනිමි. ඇතිව තිබෙන්නේ මහත් ගැටලුවකි. ඒ අතරේ පූර්ණි පවසන්නේ අප අතර එවැනි සම්බන්ධයක් නැතුවද මව එලෙසින් සිතන්නේ ඇයිදැයි කියාය. ඒ කියන්නේ අප අතර තිබුනු බැදීම එවැන්නක් නොවිය යුතුය. මම මටම සිතින් කියා ගත්තේය.

    මා විසින් ඇය සැනසීමේ අටියෙන් කියා සිටියේ 'හඩන්න එපා නංගි අම්මට කවදහරි තේ්රෙයි යන්නය' සැබැවින්ම එය සිතා මතා කීවක් නොවේ. මට ඇයගේ ඇඩිල්ල කෙසේ හෝ නතර කළ යුතු වූ බැවින් කියවුනකි. නමුත් ඇගේ හැඩීම පාළනය වන්නට පැය භාගයක් හෝ ඊට වැඩි කාළයක් යන්නට ඇත. එතෙක් මා ඇගේ ඇඩිම පාළනය කර ගන්නට මොනවා කිව්වාදැයි මට මතක නැත. නමුත් මා නොනවත්වා මොන මොනවාදෝ කිවා බව නම් මතකය.

    ඇතිවි තිබෙන තත්වය පිටින් පෙනෙනවාට වඩා බරපතලය. :( ඇගේ මව ඈ හට පුවත්පත් ඒජන්සියට යෑම නතරක කරන ලෙස තරවටු කර ඇත. ඉංග්‍රීසි පංති සහ පරිගනක පංතිද ඔය ගියා ඇති යැයි ඇය පවසා තිබේ. එසේ නම් ඉදිරියේදී ඇයට පුවත්පත් ඒජන්සියට එන්නට නොහැකි වෙනු ඇත. ඇය නොමැතිව මම පුවත්පත් ඒජන්සියේ ඉන්නේ කෙසේද? මේ බිත්තු පුරා ඇත්තේ අප අතර හුවමාරු වුන සෙනේබර වදන් වල දෝංකාරයයි. මේ බිත්ති මේ මේසය මේ පුටුව ඇය ස්පර්ශකල දේවල්ය. ඇය නැතිව ඒවා දෙස මා බලන්නේ කෙසේද? :( මෙය මට පහසුවෙන් තබා අපහසුවෙන් වත් දරාගත හැකි දෙයක් නම් නොවේ. මගේ දැතම වෙව්ලයි. සිටගෙන සිටියද කකුල් වාරු නැතිමෙන් මට දැනෙයි.

    කෙසේ හෝ එන තත්වයකට මුහුනදෙන්නේයැයි සිතා ප්‍රතිඵල බලන්නට පැමිණි දිනයේ හෝ මා බලන්නට එනමෙන් ඇගෙන් ඉල්ලා සිටියේය. එමෙන්ම හැකි තරම් මට එස්එම්එස් පණිවුඩ එවන ලෙසද එසේ බැරිනම් පැය කීපයකට වරක් මිස්කෝල් එකක් හෝ මට දෙන ලෙසද මා ඇයගෙන් ඉල්ලා සිටියේ බැගැපත් හඩිනි.

    තවත් දෙයකි වෙනදා මෙන් ඇයව ඇරලන්නට අද මට එන්නට එපාලු. :( පරිගණක පංතිය නිමවෙන වේලාවට තනිව එන්න යැයි මව පවසා තිබේ. එවිට මව ඇය එක්කරගෙන යෑමට හංදියට පැමිණ සිටින බවත් ඇයට කියා තිබේ. එනම් ව්‍යංගඅර්තයෙන්ද කියා ඇත්තේ අද වත් පුවත්පත් ඒජන්සියට යන්නේ නැතිව ගෙදර එන්න කියාත්, එමෙන්ම මාසමග නොඑන ලෙසත්ය. එහෙත් මෙම තත්වය යටතේ මට ඇයව තනියම යවන්ට බැරිය. ඇය හොදටම හඩා ඇස්ද රතු කරගෙන ඇත. එබැවින් පරිගණක පංති නිම වෙන වේලාව මදක් පහු වෙන්නට හැර ඇයට මුහුණ සොදො ගන්නට දෙන ලදි. පසුව ත්‍රීරෝද රතයකින් ඇය සමග පිටත් වූනෙමි. නමුත් හන්දියටම ත්‍රීරෝද රතයෙන් යන්නට බැරිය. ඇයගේ මව හන්දියේ සිටිනු ඇත. එබැවින් හන්දිය පෙනෙන නොපෙනෙන මානයට ත්‍රීරෝද රතයෙන් පැමිණ, එතැන සිට ඇයව තනියම පිටත් කර හැරියාය. පිටත් කර හැරියා පමණක් නොව ඇය යන දෙසද බලා සිටියේ බොහෝ වේදනාවෙන්ය.

    හෙනගසන්නාක් මෙන් මේ ඇතිවූ තත්වය එක්වරම ඇති වූයේ කෙසේද? එය ඇගේ මවගේ හිත තුළ කාළයක් පුරා දළුලා වැඩුනු දෙයක් විය යුතුය. ඇය විභාගය ලියා මාස කීපයක් ගත වෙන තුරු ඈ ඉවසා සිටියා විය හැකිය. එසේ ඉවසා සිටිනා කාළය තුළ අප ගැන සොයාබැලුවාද විය හැකිය. එමෙන්ම අනෙක් ඥාතීන් අප ගැන යම් යම් දේ ඇයට පවසා ඇගේ හිතේ තිබුනු සැකයට වැඩෙන්නට අවශ්‍ය පොරහොර, ජලය දැම්මා විය හැකිය. කෙසේ නමුත් දැන් ප්‍රශ්නය ඉතා බැරෑරුම්ය. මම ඇය සමග ඇති කිට්ටු වන්ත ඇසුර මගේ මවද දනී. නමුත් ඇගේ සිත තුළ නම් එවන් සැකයක් නොතිබෙන්නට පුළුවන. තිබුනද මගේ කැමැත්තට සැමදා ඉඩ දෙන ඇය මෙවැනි දෙයකට විරුද්ධ වෙන්නේ නැති බව මා දනිමි.

    මෙලෙසින් සොවින් බරව දිනෙන් දින ගතව ගියේය. උ/පෙළ ප්‍රතිඵල අන්තර්ජාලයට දමා ඇති බව දැනගන්නට ලැබිණ. මම හනිකට ඇගේ විභාග අංකය ඇතුළු කර ප්‍රතිඵල පිරික්සීමි. ප්‍රතිඵල නම් ඉතා හොදය. ඉසෙඩ් අගය මත කැම්පස් සිලෙක්ට් වෙන්නටද වරම් තිබෙන්නට පුළුවන. මා දෙවරක් නොසිතා ඇයට සුභ පැතුම් සමග ප්‍රතිඵල එස්එම්එස් කළේය.

    එස්එම්එස් කළා පමණය අනෙක් පසට ඇගෙන් දුරකථන ඇමතුමක් එන්නීය. ඇය කියා සිටින්නේ අම්මා කඩේ ගිය බවය. ප්‍රතිඵල පිළිබදව සතුටුයි නේදැයි මා විමසූ කළ ඈ පැවසුවේ අයියාට කියන්නට යමක් තිබෙන බවය. මා එය කියන්න යැයි පැවසූ කළ, පෙරලා ඇය කියා සිටියේ එය මෙසේ දුරකථනයෙන් කියන්නට බැරි බවත් පැමිණ කියා සිටිය යුත්තක් බවත්ය. හෙට ප්‍රතිඵල බලන්නට පාසලට පැමිණි පසු ඒ ගැනද පවසන්නම් යැයි ඇය කීය.

    දැන් මගේ සිත යකාගේ කම්මල මෙනි. ඇය කුමක් කියයිද? ඉන්පසු කුමක් වෙයිදැයි මම දන්නේ නැත. අමාරුවෙන් හෝ දවස ගෙවාගත් මා පසුදා පුවත්පත් ඒජන්සියට ගියේය. දැන් දැන් ඒජන්සියේ මගෙන් විය යුතු කාර්යද නිවැරදිව වෙන්නේ නැත. මෙසේ ගියහොත් අයියාගෙන් මට බැණුම් අසන්නට වෙනවා පමණක් නොව අයියාට පාඩු වෙනවා නොඅනුමානය. එබැවින් පුළුවන් උපරිම ශක්තිය යොදා පුවත්පත් ඒජන්සියේ වැඩද කෙසේ හෝ ඇදගන යා යුතුමය.

    10 පසුවෙන විට රිසාල්ට් බලා පූර්ණි පැමිනියේය. ඇගේ මුහුණ වහින්නට ලංව තිබෙන අහස මෙනි. වෙනදාමෙන් නොව සිනහ නොවීම ඇතුළත කාමරයට පිවිසුනු ඇය පුටුවේ හිදගත්තේය. මම කබඩ් එක අසල සිටගනය. එක්වරම ඇය බිම බලාගෙන පැවසූ දෙය මට නෑසුනා නොවේ. නමුත් එවැන්නක් අසන්නට මම ලෑස්ති නැති බැවින් මා නැවත එය කුමක්දැයි ඇයගෙන් විමසුවේය. එවිට ඇය කියූ දෙය වඩාත් පැහැදිලිය. නමුදු මට දරා ගැනිමට අපහසුය.

    ඇයගේ පියාගේ මිතුරෙකුගේ පුතෙකු ගෙන් ඇයට විවාහ යෝජනාවක් ඇවිත් ඇත. මවද පියාද එයට කැමති බැවින් ඇයටද කැමති වන්නට වී ඇත.:( මට ක්ලාන්තය මෙනි. අවට කළුවරය, හිස බරය. අත් පා වාරු නැත. එනමුදු මා බිම ඇද වැටුනේ නැත. :(

    :( තත්වය එයයි. මේ පොඩි කෙල්ල දැන්ම විවාහ කර දීමට තරම් මහ මිනිසුන් කුරිරු වී තිබේ.

    මම පෙරලා පැවසුවේ 'දැන්ම....' යන්නයි. නැතැයි කියූ ඈ, ඔහු දැනට රුහුණේ උපාදියක් හදාරන බවද එය නිමවූ පසු තව වසරකින් පමණ විවාහය වෙනු ඇතැයිද කීහ. පැවසුවේ එපමනය මට හුස්ම වැටෙන්නේද නැති ගානය.

    කෙසේ නමුත් දැන් මා කළ යුත්තේ ඇයට මේ දැන් වෙන්නට යන්නේ යහපතක්ද, අයහපතක්ද යන්න සොයා බැලිමය. ඒ සදහා ඔහුගේ සියලු විස්තර ලබාගත් මා කැම්පස් එක තුළ ඔහුගේ කල්කිරියාව පිළිබදව දිර්ග ලෙස සෙව්වේය. එවිට එහි අප සමග සිටුයවුන්ද ඇති බැවින් කැම්පස් එක තුළ යමක් සෙවිම අපහසු නොවීය. එපමණක් නොව දුර බැහැරක වුවද ඔහුගේ ගමෙන්ද ඔහු පිළිබදව ආරංචි කර බලන්නට තරම් මගේ මිතුරු චන්ඩියාගේ මිතුරන්ට හැකිවිය.

    සියලු ආරංචි වල හැටියට නම් කොල්ලො හොද එකෙකි. එසේ නම් මෙය මා අත නොදමා කෙසේ හෝ සිත හදා ගත යුතුය. මා මුලින්ම කලේ පුවත්පත් ඒජන්සියෙන් ඉවත් වීමට මගක් සොයා ගැනීමය. ඊට මම යෙදූ උපක්‍රමය නම් මා මිතුරු චන්ඩියාට එම ජෙබ්එක අල්ලා දීමය. ඔහු මට මෙන්ම අයියාටද බොහෝ විස්වාස වන්ත අයෙකි. එතෙක් කඩවලට ගොස් ගිණුම් සකසා දුන් ඔහුටද එම ජෙබ් එක ලැබිමද යහපතකි. එහිවූ වැඩ සියල්ල මා ඔහුට කියා දුන්නේ ඔහු සේවය කරන විට මාද තවදුරටත් කඩයේ රැදි සිටිමින්ය.

    දවසින් දවස ඇගෙන් ලැබෙන මිස්කෝල් ප්‍රමාණය අඩු වුනි. මුලින්ම නැවතුනේ එස්එම්එස්ය. පසුව මිස්කෝල්ද නැවතුනි. :( දැන් කඩයද මිතුරා කරයි. මිතුරාට අත්‍යවශ්‍ය මොහොතකදි හැර එහි දොරෙන් ඇතුලට යාමට මට ශක්තියක් නොමැත. එහි ඇතුලත බිත්ති දකින මා සිත කඩා වැටෙන්නේ මටද නොදැනීමය.

    මෙසේ කාළය ගතවීමෙන් අනතුරුව එළඹෙන්නේ ඇගේ විවාහ උත්සවය ඇති කාළ වකවානුවටය. කෙතරම් වේදනා බර වුවද එයට මා උදව් කළ යුතුය. දැන් දැන් ඇගේ මවද මා සමග නැවත පෙරසේම හොදින් කතා කරයි. ඒ අවසරයෙන් පෝරුවේ වැඩ සහ සෙටිබැක් එකෙහි වැඩ මෙන්න ඊට අවශ්‍ය ආලෝක කටයුතු මා විසින් බාරගත්තේය. මට මගේ මිතුරන් සමග එවැනි වැඩ කිරිම පහසු ක්‍රියාවකි. නමුත් අපහසු වෙන්නේ සිත පාළනය කර ගැනීමය.

    මා මුලින්ම කලේ පාසල් කාලයේ සිටි මාගේ අතිජාත මිතුරන් 8 දෙනාම නැවත එකතු කර ගැනිමය. උන් සිටිම මගේ සිතටද හොදය. අපට මල්ද නොමිලේ ලැබෙයි. වෙඩින් එකට මගෙන් විය යුතු කාර්යය මා හද පැලි මැරි වැටුනද මිතුරන් තිතට කරනු ඇත. කෙසේ හො එලඹෙන්නේ විවාහයට පෙර දා රාත්‍රියයි. අපගේ කන්ඩායම සැරසිලි වැඩ අවසන් කර මාගේ නිවසට යෑමට පිටවුනේ පුවත්පත් ඒජන්සියේ අයියාගේ වෑන් එකෙනි.

    අද මගේ බඩ යුද්ධ ප්‍රකාෂ කර තිබේ. සැරසිලි කරන අතරේද, දෙවරක් බඩ බුරුල් විම නිසා වැසිකිලියට දුවන්නට වුනු මාහට දැන් බඩ පෙරලන ආකාරයට දැනේ. හෙට දවසේ වෙඩින් එකෙහි මා සිටියම යුතුමය. බඩේ අමාරුව නිසා එහි හිදින්නට නොහැකි වුවහොත් ඇයට මොනවා සිතෙයිද? ඩොක්ට හමු වුවද ඔහු දෙන බෙහෙත් වලින් පහුවෙනිදාම හොද වෙන්නේ නැත.

    මේ මොහොතේ මගේ පිහිටට එන්නේ රතයේ සිටින මාගේ මිතුරෙකි. ඔහු ෆාමසි කෝස් එකක් කරන්නේය. ඔහු විසින් ෆාමසියට ගොස් ලබාගත් නිල් හා සුදු පැහැති කුඩා කරළක් මට දුන්නේය. එය බිව්වායින් පසුව අනිද්දා වෙන තුරු *ක සීල් යැයි ඔහුගේම භාෂාවෙන් කීවේය. එය සැබෑය. එය බිව්වායින් පසුව මගේ බඩ නැවත කෝලහාල කරන්නට ගත්තේ නැත.

    එලඹුනේ පහුවෙනිදාය. ඇය සහ ඔහු, මගේම සැලසුමට නිර්මාණය වූ පෝරුවේ සිටගෙන සිටින්නේය. ඔහු මුල් ඇදුම ඇදගෙන මහත් උජාරුවෙන් මට තිබූ වටිනාම සම්පත ලග තබාගනය. ඇයද ඔහු සමග සිටින්නේ සාමාන්‍ය විලසිනි. උඩරට ඔසරියට ඈ හරි ලස්සනය. ඇගේ මුහුනේ අකමැත්තක් පෙනෙන්නේද නැත. එක අතකින් එයද හොදය. ඇයට ඔහු සමග සතුටින් සිටීමට හැකි නම් මට එය සැනසිල්ලකි. ඔහු මාගේ පණ හොදින් බලා ගනිතැයි මම විස්වාස කරමි.

    සියල්ල මේ අයුරින් නිමවිය. උදා උනේ ඇය ඔහු හා ගිය මා තනිවුන රාත්‍රියයි. මගේ ජිවිතයේ වඩාත්ම වේදනා බර රාත්‍රිය එයය. නිදාගන්නට බැරිය. නොදැනිම කදුලු ගලා යන්නේ මටද පාළනය කර ගත නොහැකි අයුරිනි. දෙවියෙක් සිටිනවා නම් මට තව මනුස්ස ආත්මයේ සිටින්නට ඇති පිං ටික ගෙන මාව දැන්ම මරා දමන්නයි මම සිතින් ආයාචනා කළ වාර ගණන අනන්තය. රාත්‍රියේ මා ඇවිද ගියේ නිවසේ බුදු කුටිය ඉදිරියටය. ඒ හිතට සැනසිල්ලක් ලබා ගැනීමේ අරමුනෙනි. හාත්පස අදුරුය. බුදු පිලිමය පෙනෙන්නට පමණක් දැල්වූ ආලෝක පහන තිබේ. මා එතැන හිදගෙන හොද හැටි ඇඩුවේය.


    ඉකි ගසා හඩන අතීතයක
    කදුළු එක්ක ගනුදෙනු කරනා
    මට මගේ නොවන
    මගේම ආදරයක් තිබුනා

    හීනේන හීනැහී තුන්යම මා රවටා
    මැදියම් මහ රෑ අදටත් හිත ඉගිලෙනවා
    නින්දෙන් ඇහැරි කලුවරේම යලි සොයනා
    මට මගේ නොවන
    මගේම ආදරයක් තිබුනා
    මගේම ආදරයක් තිබුනා

    රිදුමක් වාගේ කිසිදා සුව නොවෙනා
    සුසුමින් විතරක් නිරතුරුම පිරි මදිනා
    උහුලනු බැරිතැන උනු කදුළුම වගුරුවනා
    මට මගේ නොවන
    මගේම ආදරයක් තිබුනා
    මගේම ආදරයක් තිබුනා

    නිමි.


    කතාවේදී මා සමග සිටි ඔබට බොහෝ පිං සිදු වන්නේය

    අන්තිම කොටස් දෙක කියවල ඉවර වෙත්දි ඇස් වලට කඳුළුත් ආව මචං
    පුදුම ලස්සන කතාවක්
    උඹ වගේ හොඳ කොල්ලෙකුට කවදාවත් වරදින්නෙ නෑ මචං
    උඹට බුදුසරණයි
     
    Status
    Not open for further replies.