එක පාරක් මේ සතුට විඳලා බලපන්

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    එක පාරක් මේ සතුට විඳලා බලපන්



    hNyJR3Z.jpg

    ඇත්තම කියනවා නම් මේක ඉඳුවා ගේ ජීවිතයේ සත්‍ය කතාවක්. ඒත් මේ පම්පෝරියක් නම් නෙවෙයි. මේ කතාවෙන් උඹලාට ජීවිතයට එකතු කරගන්න දෙයක් තියෙන නිසා මේ කතාව ඉඳුවා ගේ අඩවියෙන් කියන්න හිතුවා. මේකයි කතාව...

    සමහර අයට මේ මොහොත වෙනකොට අම්මා තාත්තා දෙන්නාම ඉන්නවා, ඒත් සමහරුන්ට මේ වෙනකොට එක්කෝ අම්මා නෑ, එක්කෝ තාත්තා නෑ, එහෙමත් නැතිනම් ඒ දෙන්නාම නෑ. කොහොම වුනත් ජීවිතේ කියන එක කොයි වෙලාවේ අපිට අහිමි වෙයි ද අපි දන්නෙ නෑ. ඉතින් ඒ අම්මා තාත්තා අපිට මොන විදිහට සැලකුවත්, අපි මේ ලෝකෙට බිහිකරපු ණය ගෙවලා ඉවර කරන්න බෑ මචං. අපි ට ඒ දෙන්නා නැති වෙන්න කළින් අපි ඒ දෙන්නා ට හොඳින් ආදරෙන් සැලකුවොත්, ඒ දෙන්නා නැති කාලෙක අපිට දැනෙන දුක ගොඩක් අඩුවෙන්න පුළුවන්. මොකද අපි අපිට පුළුවන් විදිහට අම්මාට තාත්තාට සැලකුව නිසා. ඉඳුවා උඹෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නම්. උඹේ අම්මා තාත්තා දෙන්නාගෙන් එක්කෙනෙක් හරි දැනටත් ජීවතුන් අතර ඉන්නවා නම්, උඹලා කීදෙනක් මේ වෙනකොට ඒ අම්මා තාත්තාට, උඹලාගේ දාඩිය මහන්සියෙන් උපයපු මුදලකින් කීවේලක් කන්න දීලා තියෙනවා ද..? හිතලා බලපන් පොඩ්ඩක්.

    උඹට තවම එක වේලක් වත් කන්න දීලා නැති නම්, උඹ නිදහසට කරුණක් විදිහට කියයි " මට තවම රැකියාවක් නැති නිසා බැරිවුනා කියලා ". ඒත් හෙට අම්මා තාත්තා මැරුනොත්... උඹ ට උඹේ හිත දොස් කියයි. මට ඒ අයට එක වේලක් කන්න දෙන්නවත් බැරිවුනා කියලා. ඉඳුවා උඹලා ට අද කියන්නේ අන්න ඒ පසුතැවීමෙන් වැලකෙන්න පිළියමක්.

    උඹලාට මේ කියන්න යන දේ වගකීමෙන් මයි කියන්නේ, මොකද මේ ඉඳුවා කරපු දෙයක් නිසා. මේකයි මචං. ඉඳුවා උගේ අම්මාට සහ තාත්තාට මුළින් ම දාඩිය මහන්සියෙන් හම්බකරලා කන්න දෙනකොට ඌ හිටියේ 9 වසරේ. මොකද රස්සාවක් කරලා කන්න අඳින්න දෙන්න කලින්, අම්මයි, තාත්තයි මැරුනොත් ඉඳුවාට ඒ දේ කරගන්න බැරිවෙන නිසා ඉඳුවා 9 වසරේදී තමයි මුලින් ම ඒ පින කරගත්තේ.

    ඒ රස්සාව මාස් පඩි රස්සාවක් නෙවෙයි, හිතේ හයියෙන්, ලැජ්ජා නැති කම නිසා කරපු රස්සාවක් ඒක. කන්න අඳින්න නැති තරම් අහේනියක් අම්මා තාත්තාට නෑ, ඒත් ඉඳුවාට ඕනි වුනා ඒ අය මැරෙන්න කලින් එක වේලක් කන්න දෙන්න. ඉඳුවා ම හොයපු මුදලකින්. මේ සඳහා ඉඳුවා කළේ ඉස්කෝලේ නිවාඩු කාලෙක ගමේම පරණ බෝතල්, යකඩ වගේ දේවල් එකතු කරපු එක.ගෙයක් ගෙයක් ගානේ ගිහින් පරණ යකඩ වගේ දේවල් එකතු කරලා හන්දියේ කඩේකට විකුන්නා. මේක ඇත්තක් බවට ඉඳුවා ගේ ගමේ හැමෝම සාක්කි දරයි.

    ඉතින් මේ විදිහට ඒ කාලේ හැටියට ඉඳුවා රුපියල් 5000/= කට වඩා හොයා ගත්තා. ඒකෙ මුල්ම කොටසෙන් කළේ භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවක සංඝරත්නය උදෙසා චීවරයක් පූජා කරපු එක. ඒ පින මම කරගත්තේ පොල්ගහවෙල මහමෙවුනාව භාවනා අසපුවේදී. ඊට පස්සේ ඉතිරු වුන සල්ලි වලින් කළේ උයන්න ඕනි බඩු මිලදී ගත්ත එක. ඒ දවස ඉඳුවාට අද වගේ මතකයි, සම්බා හාල් කිලෝ එකක්, අල, ලූණු, පරිප්පු, සෝයා, හාල්මැස්සෝ වගේ දේවල් කීපයක් ගත්තා.
    සිද්දවෙන්නේ මොනවා ද කියන එක ඉඳුවා ගේ අම්මා තාත්තා දැනගෙන හිටියේ නෑ. ඉඳුවා ට පොඩි කාලේ ඉඳලා ම හොඳට උයන්න පුළුවන්. ඉතින් මේ බඩු ටික ගෙදර අරන් ඇවිත් ගෙදර අයට හොරෙන් ම ඉඳුවා ඊවා. මේ කීව දේවල් වලට අමතරව ගොටුකොළ සම්බෝලෙකුත් හැදුවා.
    ඊට පස්සේ ගෙදර හැමෝම කෑවේ ඉඳුවා එදා හම්බකරපු මුදලෙන් ඉඳුවා ම උයපු කෑම වේලක්. හිතට දැනුන සතුට මෙච්චරයි කියන්න අමාරුයි මචං. එදා අපේ අම්මා ඉඳුවා ව තුරුල් කරගෙන ඇඬුවා. අම්මා අඬනවාට කවදත් අකමැති වුනත් එදා අම්මා අඬනකොට මට සතුටු හිතුනා මචං. කෑම එකත් රසට උයාගන්න පුලුවන් වුනා. ඒ රසට වඩා එදා ලබපු අත්දැකීම රසවත් වුනා මචං.

    මේ දේ කීවේ ඉඳුවා ගේ කෙරුවාව කියලා ලකුණු දාගන්න නෙවෙයි. එදා ඉඳුවා ලබපු සතුට උඹලත් ලබනවා නම් ඉඳුවා ගොඩක් කැමතී මචං. හිතෙන් අහලා බලපන්, ඉඳුවා 9 වසරේදී කරපු දේ උඹලා තවම කරලා නෑ නම් ඇයි උඹලාට බැරි. ඒ වගේම සතුටු වෙයන්, උඹලා ගේ දෙමාපියන් තවම ජීවතුන් අතර නම් මේ සතුට ලබන්න උඹ තවම පරක්කු නැති නිසා. උඹේ දෙමාපියන් ජීවතුන් අතර නැති නම් උඹලා දුක් වෙන්න එපා. මේ විදිහටම ධාර්මිකව උපයපු දේකින් ආර්‍ය මහා සංඝරත්නය උදෙසා සුළු හෝ දානයක් දී ඒ පින දෙමාපියන් ට අනුමෝදන් කරන්න.

    හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ මචං. පින තියෙන්නේ අපි ගාවමයි, ඒක කරගන්න අපි දක්ෂ නම් අපි දිනුම්. උඹලා හැමෝගෙන් ම ආදරෙන් ඉල්ලනවා, එක පාරක් මේ සතුට විඳලා බලපන්. Facebook එකේ රැප් සීන් එකේ ඉඳලා උඹලාට අම්මලා සතුටු කරන්න බෑ මචං. බයියෝ ටොයියෝ වෙලා කා කොටා ගත්තා කියලා දෙමාපියන් ගේ බඩකට පිරෙන්නෙ නෑ මචං. අනේ අපි මොනව ද මේ කරන්නේ. අපිට තියෙන්නේ ජීවිත කාළයෙන් තව හරි අඩක් විතර. පිනමයි වටින්නේ, කවදා හරි දවසක මේ හැම දුකකින් ම නිදහස් වෙනකල් සතර අපායේ නොවැටී ඉන්න අපිට පිනමයි ඕනි. ඒ නිසා පින් ම කරපන් මචං.

    මේ කතාව කතාවක් නෙවෙයි, සත්‍යම සිදුවීමක්. මේ සතුට විඳපන්. හැමදාමත් කියන්නේ රැල්ලෙන් වෙන් වෙලා වරෙන් අපේම වෙරළකට. එදා ඉඳන් ම උඹලාව රැල්ලෙන් වෙරළට ගෙන්න ගත්තේ වාසි බලාගෙන නෙවෙයි. උඹලා සතුටෙන් ජීවත් වෙනවා දකින්න ආස නිසා. උඹලා ට තෙරුවන්සරණයි මචං.
    මම
    ඉඳුවා

    https://www.facebook.com/1597792217...792217149373/1790043487924244/?type=3&theater
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    එක වේලක් නෙමේ බන් වේල් තුනම දෙනවා දැන් අවුරුදු 2 ක ඉදන් හිතට දැනෙන සතුට මම දන්නවා.
     
    • Like
    Reactions: DangerMan119

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    එක වේලක් නෙමේ බන් වේල් තුනම දෙනවා දැන් අවුරුදු 2 ක ඉදන් හිතට දැනෙන සතුට මම දන්නවා.

    පළවෙනි කමෙන්ට් එකෙන්ම මෙහෙම දෙයක් වැටුණ එක ගැන ගොඩක් සන්තෝසයි..:)

     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,257
    24,992
    113
    tracing Geo-location.. ... ...
    එක වේලක් නෙමේ බන් වේල් තුනම දෙනවා දැන් අවුරුදු 2 ක ඉදන් හිතට දැනෙන සතුට මම දන්නවා.

    2012 ඉදන් මමත් මෙහෙමයි.. තවම මහා ලොකු දියුණුවක්, ලොකු වාහන අනංමනං නැති උනාට හිතේ දුකක් නැතුව ඉන්නවා ඒ නිසා මම..
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    mama nam thamath gedarin kanne.. masekata dethu sarayak habai dinner man gane denawa.. mehe thiana hoda restaurant ekakin.. habai ape thattha wadiya petti kama kanna kamathi naa.
     

    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    Not only meals but also every single penny is from me since 2006. I'm happy for what I'm doing .I believe where I'm today is only bcoz their hard efforts.........
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Kaden kanna deea athi eeth meeka mareta waduna mama handa ada ammayi ththayi godak duk widinawa aa pawen mata nam midenna wen naaa..
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අනේ මන්ද බන් හිනාත් යනවා මුන් ෆේස්බුක් එකේ පොර වෙන්න දාන පොස්ට් දැක්කම. ලෝකේ ලස්සන වෙලා තියෙන්නේ අම්මල තාත්තල ළමයින්ට ආදරේ කරනෙකෙනුත් ළමයි අම්මල තාත්තාට ආදරේ කරන එකෙනුත් තමයි. කොච්චර ළමයි ඉන්නවද බන් තරුණ කාලෙම ඉස්කෝලෙන් අයින් උන කාලේ ඉදන් පවල් බර කරට අරන් වැඩ කරන අය