එක_වල්ලේ_පොල්

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ජනමාධ්‍ය අමාත්‍යංශය ජනපති යටතට ගැනීමේ උත්සාහයක්
    එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණතිලක මහතා අමාත්‍ය වගකීම දරණ ජනමාධ්‍ය අමත්‍යංශය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතට ගැනීමේ උත්සාහයක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

    මෙයට හේතු වී ඇත්තේ ජනාධිපතිවරයා ගනු ලබන ඇතැම් දේශපාලන තීන්දු තීරණ රජයේ ජනමාධ්‍ය වෙතින් විවෙචනයට ලක්වීමය. විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ මහතාට නාම යෝජන ලබා දිමට ගත් තීරණය ගැන විවේචනාත්මක තොරතුරු රැසක් පසුගිය දින කිහිපයේදී පළ විය.

    ජනවාරී 08 වෙනිදා ආණ්ඩු බලය වෙනස් වීමන් පසුව රජය යටතේ පවතින ස්වාධීන රූපවාහිනී ආයතනය හා ලේක්හවුස් ආයතනය එක්සත් ජාතික පක්ෂයේ පලනයට නතු වූ අතර රූපවාහිනී සංස්ථාව හා ගුවන් විදුලි සංස්ථාව මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශ්වයට නතු විය.ඒ අනුව එම ආයතනවල වැදගත් තනතුරු පි‍රැවිණි. රූපවාහිනී සංස්ථාවේ වගකිව යුතු තනතුරු ‍රැසක්ම ජාතික හෙළ උරුමයේ බලපෑමට නතුවිය. රූපවාහිනී සංස්ථාවේ සභාපතිධුරයට සෝමරත්න දිසානායක මහතා පත් කිරීමද අතුරලියේ රතන හිමිගේ මැදිහත් වීමෙන් සිදුවිය.

    මේ වන විට හෙළ උරුමයද සන්ධාන ආණ්ඩුවෙන් ඉවත්ව සිටී. මේ තත්වය මත රාජ්‍ය මාධ්‍ය පාලනය කිරීම ජනාධිපතිවරයා අතට නොගත හොත් ඉදිරි මැතිවරණ සමයේදී රාජ්‍ය මාධ්‍ය විසින් ජනාධිපතිවරයාට හා ඔහු සමඟ එක්ව සිටින හිටපු පරාජිත ජනාධිපතිවරයාට එරෙහිව ජනමතය හැසිරවීම සිදුවිය හැකි බව ජනාධිපතිවරයාගේ සමිපතමයන් ඔහුට පෙන්වා දී තිබේ. අද සිළුමිණ පුවත් පතෙහිද එවැනි ලිපි කිහිපයක්ම පල වී ඇත.

    එමෙන්ම ජනමාධ්‍ය අමාතයංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන මහතා මහ මැතිවරණයේදී නිදහස් සන්ධානයෙන් තරඟ කිරීමට සූදනම්ව සිටියද ජනාධිපතිවරයා, රාජපක්ෂ මහතා සමඟ එකතු වීම කෙරේ දැඩි කළ කිරීමෙකින් පසුවන බවත් දැන ගන්නට තිබේ.
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    මේ තියෙන්නෙ දේශපාලන පත්වීම් දීපු හැටි දැන්නෙ මේව එලිවෙන්නෙ මුන්ගෙ කටින්ම:P