එජාපයේ අමුතු සෙල්ලම !

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    එජාපයේ අමුතු සෙල්ලම !


    බොහෝ එජාප දේශපාලන ක්‍රියාකාරීන් දැන් දැන් කරන දෙයක් නම් ආණ්ඩුවේ අසාර්ථක බව තමා සමග 'එක යහනේ නිදන' ශ්‍රිලනිපය මත දමා ගැසීමයි. එසේ කරන අතර තමා සුපිරිසිසු යහපාලන ප්‍රතිමූර්ති බවත්, යහපාලන කිරිහැළියට ගොම දාන පිරිස ශ්‍රිලනිප ඇමතිවරුන් බවත් පෙන්වීමට උත්සාහ කරනු පෙනේ. මෙසේ කියන එජාප ක්‍රියාකාරීන් අමතක කරන වැදගත් කාරණය කීපයක් ම තිබේ. එහි පළමුවැන්න නම් එජාපය බලයට ආවේ ඔවුන් දැන් දෙස් දෙවොල් තබන ශ්‍රිලනිප මහලේකම් මෛත්‍රීපාල සිරිසේන නිසා බව ය. ඇත්තට ම සිරිසේන විසින් මහින්ද රාජපක්‍ෂ පාවා නොදෙන්නට එජාපයට ජනවාරි 08 ජයග්‍රහණය පරාද වූ මැතිවරණ 29න් 30 වැන්න වීමට අනිවාර්ය හැකියාවක් තිබුණි. අද එජාප ක්‍රියාකාරීන් තම ආණ්ඩුවක් පිළිබඳ උදම් අණන්නේ සිරිසේන නම් ශ්‍රිපනිප ලේකම්වරයා තමාගේ පැත්තට ගෙන, රාජපක්‍ෂවරුන් පිළිබඳ අසීමිත මඩ ප්‍රහාරය එල්ල කොට ජනතාවගේ ඇසට වැලි ගැසීමෙන් ලබාගත් ජයග්‍රහණය නිසා ය. අඩුගණන තමාට ජයගත හැකිවනු ඇති බව ආත්ම විස්වාසයක් හෝ පෞරුෂයක් තිබුණේ නම් එජාපය ශ්‍රිලනිප ලේකම්වරයා ඉදිරියට දමා තම කැත වසාගෙන ජනපතිවරණයට ඉදිරිපත් වන්නේ නැත.
    දැන් එජාපය යහපාලනයේ මූර්තිය වීමට උත්සාහ කරනු දැකීම වමනය දනවනසුළු ය. ඔවුන්ගේ මිනීමරු අතීතය පසෙකින් තබන්න. ‍ජවිප කැරලි සමයේ මෙරට තරුණයින් 60000ක් මහ මග දමා පුළුස්සා දැමූ අතීතය අමතක කරන්න. බුද්ධිමතුන් වියතුන් කලාකරුවන් මාධ්‍යවේදීන් 'උස්සා' අතුරුදන් කළ අතීතය අමතක කරන්න. දෙමළ බෙදුම්වාදයට තටු දමා වැඩීම සඳහා දෙමළුන් අමු අමුවේ මරා පිළිස්සූ කළු ජූලිය අමතක කරන්න. දෙමළ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කරමින් යාපනයේ සංවර්ධන ඡන්දය ජාතික සේවක සංගම් තගරියන් යොදා කොල්ල කා නැවත කොළඹ එන අතර තුර ආසියාවේ හොඳම පුස්තකාලයට ගිනි තබා විනාශා කළ ඒ අතීතය ද අමතක කරන්න. එහෙත් මේ ඊයේ පෙරේදා- එනම් මේ ආණ්ඩුව පත් වී මාස දෙකක් යෑමට මත්තෙන් දෙවරක් ම සිදු කළ ලංකාවේ විශාලත ම හොරකම වූ මහබැංකු කොල්ලය අපට අමතක කළ හැකි ද? එසේ කළා මතු නොව, හොරකම් රකින අතර එසේ කරන ලද අර්ජුන් මහේන්ද්‍රන් තමා අසලට ගෙන අගමැතිවරයා විසින් ඔහුට උපරිම ආරක්‍ෂාව ලබා දීම අමතක කළ හැකි ද? චූදිතයාට රටේ වැදගත් ම තනතුරක් දීම කුමන යහපාලන මූලධර්මයට ඇතුළත් වේ ද? එමෙන් ම එජාප ඇමතිවරුන් විසින් මේ ඊයේ පෙරේදා බදු වංචා කොට සුඛෝපභෝගී වාහන ගෙන්වීම හරහා රටට අහිමි කළ කෝටි ප්‍රකෝටි ගණනක රජයේ බදු මුදල් සාක්කුවල‍ට දා ගැනීම අමතක කළ හැකි ද? තව බෝහෝ දේ කීමට තිබේ. එහෙත් එජාපයේ තරම තේරුම් ගැනීමට මේ හොඳට ම ප්‍රමාණවත් ය.
    ඉහත වන් තත්වයක ශ්‍රීලනිප ඇමතිවරුන් මතට ආණ්ඩුවේ අසමත්කම දමා ගැනීම කොතරම් සාධාරණය ද? මේ ශ්‍රීලනිප ඇමතිවරුන් නිවට නියාලු වැඩ බැරි බත් ගොට්ටන් බව සැබෑ ය. ඔවුන් රනිල්ගෙන් අපමණ කුඩම්මාගේ සැලකිලි ලබමින් රනිල්ගේ ඉඳුල් බුදීමට උපන් පෙරේතයින් පිරිසක් බව සැබෑ ය. දේශපාලන භූමියෙන් ලත් පළමු අවස්ථාවේදීම එළවා දැමිය යුතු නිකමුන් පිරිසක් බව සැබෑ ය. එහෙත් මේ ආණ්ඩුවේ අසාර්ථක බවට ඔවුන් වගකිව යුතු නොවේ. වීසි කරන ලද මස් කට්ටක් සූප්පමින් සිටිනවාට වඩා ඔවුන්ට කළ හැක්කක් නැත. මේ ආණ්ඩුව මෙහෙය වන්නේ එජාපය විසිනි. සියළු ආර්ථික හා සෙසු සංවේදී තිරණ ගන්නේ එජාපය විසිනි. ඒ අනුව, ශ්‍රිලනිප බත්බැලයින්ට වගකීම පවරා එජාප කාලකන්නින්ට බේරී පැන යාමට කිසිසේත්ම හැකියාවක් නැත. දිනෙන් දින විනාශ වන රටේ වගකීම බාරගත යුත්තේ එජාපය විසිනි
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,375
    6,477
    113
    ඔකේ ඉන්නේ බැදුම්කර හොරුයි සමලින්ගිකයෝයි , පොන්සේකලයි විතරයි
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ඔකේ ඉන්නේ බැදුම්කර හොරුයි සමලින්ගිකයෝයි , පොන්සේකලයි විතරයි
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    නිදහස් පක්ෂේටයි UNP එකටි හොරකන් කරන්න තියනවනං බල්ලොත් එක්කත් හවුල් ගහයි බන්. ඔය එකෙක්වත් එන්නේ රටක් හදන්න නෙවේ. අත ඇරලා ඉදින් :rolleyes:
     

    podimama

    Well-known member
  • May 25, 2015
    1,055
    142
    63
    ඔකේ ඉන්නේ බැදුම්කර හොරුයි සමලින්ගිකයෝයි , පොන්සේකලයි විතරයි
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,637
    14,285
    113
    නිදහස් පක්ෂේටයි UNP එකටි හොරකන් කරන්න තියනවනං බල්ලොත් එක්කත් හවුල් ගහයි බන්. ඔය එකෙක්වත් එන්නේ රටක් හදන්න නෙවේ. අත ඇරලා ඉදින් :rolleyes:
    අනික බං ඔය එකම සෙට් එකනේ දෙපැත්තට මාරුවෙන්නේ......උන්ට එකට උලාකාලා හොඳට පුරුදුයි :lol:
     

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    ඔකේ ඉන්නේ බැදුම්කර හොරුයි සමලින්ගිකයෝයි , පොන්සේකලයි විතරයි
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    ඔකේ ඉන්නේ බැදුම්කර හොරුයි සමලින්ගිකයෝයි , පොන්සේකලයි විතරයි

    හිටනුත් දැන් එකේ ඉන්නවා
     
    Last edited: