එජාපය ඡන්දෙන් කර අරී....

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    එජාපය ඡන්දෙන් කර අරී....

    සරත් ෆොන්සේකා තම හිතුමතයට සියළු දේශපාලන තීන්දු ගනු ලැබීම හේතුකර ගෙන එජාප නායක රනිල් වික‍්‍රමසිංහ බලවත් කලකිරීමකට පත්ව සිටිතැයි වාර්තා වේ. හිටපු අග විනිසුරු සරත් නන්ද සිල්වා මැතිවරණ ව්‍යාපාරයට යොදා ගැනීම සම්බන්ධයෙන්ද ඔහු දැඩි අප‍්‍රසාදයෙන් පසුවන බව පැවසේ. මේ තත්වය යටතේ, ෆොන්සේකා වෙනුවෙන් සිදු කෙරෙන මැතිවරණ මෙහෙයුමෙන් එක්සත් ජාතික පක්‍ෂය කර අරින තත්වයකට පත් කිරීමට රනිල් වික‍්‍රමසිහ තීරණය කර ඇත.

    ඒ අනුව, ඔහු දැනටමත් තමන්ට වඩා හිතවත් දිස්ත‍්‍රික් නායකයන් හා ආසන සංවිධායකයන් රැසකට ඡන්ද කටුයතු වලින් ‘‘හීනියට මඟ අරින්න’’ යැයි දන්වා තිබේ. මේ තත්වය මත දැනටමත්, දිස්ත‍්‍රික් කිහිපයකම සරත් ෆොන්සේකාගේ මැතිවරණ ප‍්‍රචාරක කටයුතු බිඳ වැටී ඇතැයි පැවසේ.

    එ.ජා.ප. යේ මෙම මඟමැර යාම පිළිබඳව සරත් ෆොන්සේකාව දැනුවත් කර ඇති, ඔහුගේ හිටපු යුධ හමුදා සාමාජිකයන් වෙතින් සමන්විත විශේෂ කණ්ඩායම ඒ ඒ දිස්ත‍්‍රික්කවල පසු බැස්ම ඔහුට පෙන්නුම් කර ඇත. සෑම දිස්ත‍්‍රික්කයක් සඳහාම යුධ හමුදාවේ හිටපු නිළධාරියෙකු තම දිස්ත‍්‍රික් සංවිධායකයා ලෙස යෙදවීමට සරත් ෆොන්සේකා කටයුතු කර තිබේ.


    source = www.lankacnews.com
     

    ugmdjmali

    Member
    Feb 22, 2007
    1,175
    69
    0
    CMB, Dehiwala
    fake site vitarai mahindata tiyenne.. hik

    mahinda.jpg