1981 දී, එවකට එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩුවේ යෞවන කටයුතු, රැකීරක්‍ෂා සහ අධ්‍යාපන ඇමැති රනිල් වික්‍රමසිංහ විසින් ගෙන ආ අධ්‍යාපන ධවල පත්‍රිකාවේ ගෙන ආ යෝජනා කිහිපයක් පහතින් දැක්වේ. කෙසේ නමුත් එවකට එල්ලවූ දැඩි ජනතා විරෝධය හමුවේ එය හකුළා ගැනීමට සිදු විය.
පෙර පාසල් පවත්වාගෙන යැම පෞද්ගලික අංශයට පැවැරේ.
බාලාංශ පංතිය අහෝසි කෙරේ.
පහේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කෙරේ.
ඒ වෙනුවට 8 වැනි ශ්‍රේණියේ සිසුන් සඳහා විභාගයක් පවත්වනු ලබන අතර ඉහළ පංති වලට යොමු කරන්නේ ඉන් සමත්වන අය පමණි.
එමෙන්ම අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට ඉඩ ලැබෙන්නේද 8 වැන්නේ රජයේ විභාගයෙන් සමත්වන අයට පමණි.
අ.පො.ස. සාමාන්‍ය පෙළ / උසස් පෙළ විභාගයට ඉංග්‍රීසි භාෂාව අනිවාර්ය කෙරේ.
පෞද්ගලික පාසල් ආරම්භ කිරීමට අවසර දෙනු ලැබේ.
පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් පිහිටුවීමටද අවසර දෙනු ඇත.
රජයේ පාසල් ඒකීය පාසල් හා පර්ෂද (පොකුරු) පාසල් වශයෙන් වර්ග කරනු ඇත.ඒකීය පාසල් පවත්වාගෙන යැම සඳහා රජයේ ආධාර නොලැබෙන අතර එම පාසල්වල නඩත්තු කටයුතු දෙමාපියන් විසින් දැරිය යුතුය.
පෞද්ගලික පාසල් ආරම්භ කළ විට ඒවායේ ගුරුවරුන්ගේ වැටුප් රජය මගින් ගෙවනු ලැබේ.
විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කරගනු ලබන්නේ අ.පො.ස. උසස් පෙළ ප්‍රතිඵල මත නොව ඒ සඳහා පවත්වන විශ්වවිද්‍යාල ප්‍රවේශ පරීක්‍ෂණය මගිනි. සිසුන්ට මෙම විශ්වවිද්‍යාල ප්‍රවේශ පරීක්‍ෂණයට පෙනී සිටිය හැක්‌කේ දෙවතාවක් පමණි.
එදා මේක සම්මත උනා නම්
අද කුමක් වෙලා තියෙයිද?
ධනාත්මකද? සෘණාත්මකද?