එදා මම කිව්වම මාත් එක්ක මරාගත්තා

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    උබත් අර sadun බුවා වගේම තමයි බන්... තමන්ගේ පැත්තේ එකා මොන වැරැද්ද කරත් පිලිවගන්නේ නෑ.....
    උබල වගේ උන් නිසා තමයි ලංකාවට කෙලවෙන්නේ....
    හරිදෙට හරි වැරදි දේට වැරදි කියන්න ඉස්සෙල්ල උබල බලන්නේ උබලගේ දේශපාලන මතයට එකෙන් පහරක් වදිනවද කියල..

    :yes::yes::yes::yes:රටේ කරුමේ තමා බන්
     
    • Like
    Reactions: KasunKDP

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඒක නම් වැරදියි බන් Farab ල කරපු projects ගැන ටිකක් හොයල බලහන්කො.
    ලන්කාවේ කදුකර පරිසරේ වගේ බිම්වල උන්ට අත්දැකීම් නැ බන්. කොලඹ හාරන ටෙක්නික් වලින් බදුල්ලේ හාරන්න බැනේ. මද්යම කදුකරේ බූවිශමතා එක්ක ටැකල් කරන්න පුලුවන් ටනල් බොරින් වල කෙල පැමිනි හයි ටෙක් එවුන්ට විතරයි. එහෙම එකෙක් ඔය ප්‍රොජෙක්ට් එක කලා නම් කේස් නැ හැබැයි වියදම නම් ඔය ගානට බැ.

    මවුන්ට්බ්ලැන්ක්, රිවර් තේම්ස්, ලන්ඩන් අන්ඩග්‍රවුන්ඩ්, සින්ගපොර් එමාර්ටී වගේ එව්වා එක්ක බලපුවහම මේක කානුවක්. අරුන් ටනල් බොර් කලේ තට්ටු ගනන් රේඉල්ලු දුවන්න. මේක නිකන් වතුර ගෙනියන එකක් වෙලා මෙච්චර කම්ප්ලිකේශන් නම් මුන් ඩ්‍රයිව් වේ එකක් තියන ටනල් එකක් කැපුවොත් සදා අමරනීය වෙයි. නුවරනම් ටනල් බෝර් කරන්න හම්බු වෙන්නේ නැ මෙහෙම කෙලව ගත්තොත්. මිනිස්සු කැති පොරො අරන් එයි.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ගොඩක් මිනිස්සුන්ට තමන්ට දෙයක් වෙනකල් අනිත් මිනිස්සුන්ගේ තත්වේ තේරෙන්නේ නෑනේ. මේ තත්වෙදිත් එහෙමයි. සමහරක් කමෙන්ට් කරන්නේ මොනවගේ පහත් මානසිකත්වයෙන්ද කියලා බැලුවම තේරෙනවා. ඒ කමෙන්ට් වල අදහස වෙන්නේ වතුර නෑ තමයි ඉතිං මොකද, නාය යනවා තමයි ඉතිං මොකද වගේ දේවල්. මනුස්සයෙක් මැරුනත් ඔච්චරයි. ඒ වගේ හරක් ඉන්න තැනකනේ බං මේ අපිත් කමෙන්ට් කරන්නේ. :dull::dull:

    මම නම් මේ වෙන දේවල් අද උදෙත් දැකලා මේ කමෙන්ට් කරන්නේ. මේ තීරණ ගත්ත කාළකන්නි දේශපාලුවන්ට වගේම අද දක්වා ප්‍රොජෙක්ට් එක කරගන යන්න අනුබල දීපු හැම කාළකන්නි දේශපාලුවටම මේ මිනිස්සුන්ගේ සාපය වදි.
    ඇත්ත ඔක තමයි මචන්, දේශපාලනේ මිනිස්සු තිරිසන් කරලා. එකෙක් නෙමෙයි, ඔක්කොම පක්ද මේකට වග කියන්න ඔනා. සහා ගහනවා මේකට වචනෙකින් හරි උල්පන්දම් දුන්නු සක්කිලින්ට.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මෙතනත් ඒ වගේම තමයි අයියේ . මෙතන ඉන්න බහුතරයක් උන් අදාළ ප්‍රශ්නෙට උත්තර දෙන්නැතුව එක එක බංකොලොත් තර්ක ඉදිරිපත් කර කර ඉන්නවා මිසක් අදාල කාරණේට සම්බන්දව කතා කරන්නේ එකයි දෙන්නයි වගේ ....
    මට මේ ටික දන්න එකෙක් කියපන් .
    කොහොම හරි project එක දැන් නතර කරන්න බැනේ. හැබැයි දැන් ඇතිවෙලා තියන තත්වය ඉදිරියට බලපාන විදිහයි ...
    මේකට පස්සේ දිර්ගකාලිනව හෝ කෙටිකාලීනව ඇතිවෙන පාරිසරික විපර්යාසය කවුරුහරි කෙනෙක්ට පැහැදිලි කරන්න පුලුවන්ද. :):):):):)
    එක මේක ගැන ඇත්තටම දැනගන්න ඕන හැමෝටම(මාත් ඇතුලුව) වටිනවා .
    අනික අපිට ඒවාට පිළියම් තියනවද .....

    ලොකුවට විද්යාත්මක පැහැදිලි කිරීම් කරන්න නම් දැනුමක් නැ මචන්. ඒත් මේව්වා වෙන රටවල කරපු විදිය දැකලා අදහසක් එක්ක කියන්න තියෙන්නේ, ප්‍රොජෙක්ට් එක සාර්තකව කරන්න බැරි කමක් නැ. මීට වඩා චාටර් පොට් වල ටනල් බොර් කරනවා ලොකේ කොප්ලිකේශන් නැතුව, මෙතන වැරැද්ද තොරගත්තු සමාගම මේ සම්බන්දව දැනුම අඩුයි. බහුකාර්ය කිව්ව ගමන් උන්ගේ සයිඩ් එක තියෙන්නේ ටනල් පැත්තට වඩා හයිඩ්‍රො පවර් සයිඩ් එකට. එහෙම එවුන්ට අත් දැකීම් නැතුව මේක කරන්න ගිහින් දැන් අනලා. පොඩි සර්ච් එකක් දාපන් මචන්, ගොඩක් විස්තර උබට ගන්න පුලුවන්, ලොකේ ටනල් බොර් කරනකොට වතුර එන්නේ නැ ඔහොම. ඔයිට වඩා අයිස් කදු අස්සෙන් ටනල් බොර් කරනවා, ඒත් වතුර එන්නේ නැ ඔහොම. බොරින් මැචින් එක ගෙනත් බොර් කරලා ලබන මාසේ කොන්ක්‍රිට් දාන සිස්ටම් එකට වැඩ කරලා බැ. හරිනම් යටින් බොර් කරනකොට උඩින් සෙන්සර් වලින් ශොක් වේව් එක බලන්න ඔනා. උඩ වෙන්නේ මොනාද කියලා. ප්‍රන්ශ කැටකොම්බ්ස් හොද උදාහරනයක්. ලන්ඩන් නිව්යොක් වගේ සිටි ඇතුලේ යටින් බොර් කරනව අඩි 100 150 උසට ටනල්. හැබැයි උඩ ස්ට්‍රීට් වල ඇවිදින උන් දන්නෙවත් නැ කන්ස්ට්‍රක්ශන් එකක් උන්ගේ කකුල් යටින් වෙනවා කියලා.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    තිබ්බ ආන්ඩුවයි තියෙන ආන්ඩුවයි අහක ඉදන් ඇද හොයයන ජෙප්පොයි ඔක්කොම මේකේ දේශපාලනේ කලා මිසක් ගැටලුවට විසදුමක් කිව්වේ නැ. නොවේජියන්කාරයා ඇවිත් කිව්වේත් එදා මම කිව්ව දේමයි, බොරු නම් උගේ වාර්තාව හොයන් බලපන්. ටනල් එක බොර් කරනකොටම ක්ශනිකව කොන්ක්‍රිට් ස්ප්‍රේ කලානම් මැශින් එකෙන්ම මේ ලීක් එක නැ. මුන් ටනල් බොර් කරපු මැශින් එකේ ඒ ෆැසිලිටි එක නැ. පහුගිය කාලේ නොවේජියන් එකා රෙකමන්ඩ් කලාට පස්සේ මුන් ටනල් බොරින් මැශින් එකට පාට් ගෙනාව. මහ සක්කිලි යක්කු. කිව්වා ඒ වෙලාවේ, ඒත් ගනන් ගත්තේ නැ. දැන් නොවේජියන් එකා කිව්වම හරි.

    ඉරාන් කාරයෝ කවද බෝර් කරපු උන්ද බං
    මහරජාගේ ඒ කාලේ බොක්කට නේද මේක උන්ට දීල තියෙන්නේ
    ලංකාව දැන් ලෝකෙම ඉගෙනගන්න උන්ගේ අත්හදා බලන රටක් වෙලා
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මේ System එක Use කල නම් ඔය වගේ problem ගොඩක් අඩුයි. උමා ඔය කියන්නේ Fail Project එකක්. එත් දැන් Project එක නැවැත්තුවා කියලා ඔය දේට විසදුම වෙන්නේ නැහැ. project එක ඉවර කරන්න වෙනවා. අවසන් කලට පස්සේ ඔය problem ටිකක් අඩු වේවි(Soil Settle උනාට පස්සේ).​


    අඩුම තරමේ මුන් මෙහෙම එකක් ඉන්ටනෙට් එකේ වත් බලලා නැද්ද කියලා හිතෙනවා මේක බොර් කරපු හැටි බලපුවහම. මාර දුකයි ලන්කාවේ ආරක්ශා කරන්නම ඔනා පරිසර පද්දතිය මෙහෙම කෙලවෙලා යනකොට. මුන් මේක කරන්න ගත්ත කාලෙම ලොකේ රටවල් ගොඩක් ටනල් බෝර් කලා, අඩු තරමේ ඒ රටක වැඩ කරන විදිය බලන්න මේකේ උන් ගියාද දන්නේ නැ. එහෙමවත් ෆීල්ඩ් එක්ස්පිරියන්ස් නැති උන්ද කියලා හිතෙනවා. තව අවුරුදු 20ක්වත් යයි පොලව සෙටල් වෙන්න. ඒ වෙනකොට ජල මාර්ග බූවිශමතා ගොඩක් වෙනස් වෙලා තියෙයි.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඉරාන් කාරයෝ කවද බෝර් කරපු උන්ද බං
    මහරජාගේ ඒ කාලේ බොක්කට නේද මේක උන්ට දීල තියෙන්නේ
    ලංකාව දැන් ලෝකෙම ඉගෙනගන්න උන්ගේ අත්හදා බලන රටක් වෙලා
    මහමුද් කාරයගේ ෆිට් එකටනේ බන් ඔක දුන්නේ. අනික බන් ඉරාන්කාරයටත් වතුර නැතිකොට ඌ කොහොමද බන් අනුන්ගේ රටවල බොර් කරන්නේ. පිස්සුනේ.. ඇමෙරිකන්කාරයට රිද්දන්න ඉරානේට ප්‍රොජෙක්ට් දෙන්න ගිහින් දැන් ඇමෙරිකන්කාරයත් නැ මොකවත් නැ.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    mchn Uma oya wela thiyana sidhdhiya gana hari awabodayak na. ulpath hidune kohomada ? article1k thiye nam dipanko mchn terum ganna lesi1k
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඔකට තියෙන එකම විසදුම චීනෙට බන්ඩාරගම අවුරුදු 99කට බදු දෙන එක...ඊට පස්සෙ unp කුක්කන්ට අවුරුදු 99 පස්සෙ මිනි වලෙන් නැකිටල ආපහු පවරගන්ඩ පුලුවන්නෙ...

    කිස්තු වර්ශ 2116 දි බන්ඩාරගම ,චීනෙන් නැවත පවරා ගැනීමට වලෙන් නැකිටින unp කාරයෙක්...:yes::yes:



    :cool::cool:

    :lol::lol::lol::lol:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    mchn Uma oya wela thiyana sidhdhiya gana hari awabodayak na. ulpath hidune kohomada ? article1k thiye nam dipanko mchn terum ganna lesi1k
    ආටිකල් එකක් නම් දන්නේ නැ මචන්. උල්පත් හිදිලා නැ මචන්. වෙලා තියේන්නේ ඔක්කොම වතුර සොස්වල බූගත මාර්ග වෙනස් වෙලා ටනල් එක දිගේ වතුර බහිනවා. පහත් තැනින් යයි ගලා ජලේ නියාය බන්. පොලව යට වතුර පාරවල් දැන් ලෙසියට බහින්නේ උමග ඇතුලෙන්. ඉතින් පොලව උඩ වතුර නැ. ඔක්කොම පල්ලම බහිනව ටනල් එකෙන්. අවුල තියෙන්නේ, දැන් පොලව බොල් වෙලා වතුර ඔසෙට යන්න ගිහින්. ඒ බොල් වෙච්ච තැන්වලට උඩ පස් කඩන් වැටෙනවා. එතකොට තම නාය යනව කියලා කියන්නේ. ඇත්තටම ඒක නාය යැමකට වඩ සින්ක් හොල් තත්වයක්. පොලව බොල් වෙලා බොල් වෙච්ච තැන්වලට පස් පිරෙනව උඩින්.
     
    • Like
    Reactions: D_Mad

    BlackWolf

    Active member
  • Dec 30, 2011
    188
    68
    28
    පින් කෙත හෙළ රන් දෙරණේ යලි උපදින්නට හේතු වාසනා :sorry::baffled::no:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    mchn Uma oya wela thiyana sidhdhiya gana hari awabodayak na. ulpath hidune kohomada ? article1k thiye nam dipanko mchn terum ganna lesi1k
    උඹ පොලව උඩින් පොඩි පොකුනක් කපලා පස්සෙ ඊටත් යටින් යක්ඩින්නක් බස්සලා ආයෙත් ඇදලා ගනින් බලන්න
    අන්න ඒක තමා වෙලා තියෙන්නෙ, උඩ වතුර සේරම යට උමගට බහිනවා
    උමගට යටින් තියෙන උල්පත් වල වතුරත්, උමගට එනවා මිසක් පොලව උඩට මතු වෙන්නෙ නැහැ
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    ela machan Thanks

    ආටිකල් එකක් නම් දන්නේ නැ මචන්. උල්පත් හිදිලා නැ මචන්. වෙලා තියේන්නේ ඔක්කොම වතුර සොස්වල බූගත මාර්ග වෙනස් වෙලා ටනල් එක දිගේ වතුර බහිනවා. පහත් තැනින් යයි ගලා ජලේ නියාය බන්. පොලව යට වතුර පාරවල් දැන් ලෙසියට බහින්නේ උමග ඇතුලෙන්. ඉතින් පොලව උඩ වතුර නැ. ඔක්කොම පල්ලම බහිනව ටනල් එකෙන්. අවුල තියෙන්නේ, දැන් පොලව බොල් වෙලා වතුර ඔසෙට යන්න ගිහින්. ඒ බොල් වෙච්ච තැන්වලට උඩ පස් කඩන් වැටෙනවා. එතකොට තම නාය යනව කියලා කියන්නේ. ඇත්තටම ඒක නාය යැමකට වඩ සින්ක් හොල් තත්වයක්. පොලව බොල් වෙලා බොල් වෙච්ච තැන්වලට පස් පිරෙනව උඩින්.

    සරලයි සුගමයි... රෙප්+6

    උඹ පොලව උඩින් පොඩි පොකුනක් කපලා පස්සෙ ඊටත් යටින් යක්ඩින්නක් බස්සලා ආයෙත් ඇදලා ගනින් බලන්න
    අන්න ඒක තමා වෙලා තියෙන්නෙ, උඩ වතුර සේරම යට උමගට බහිනවා
    උමගට යටින් තියෙන උල්පත් වල වතුරත්, උමගට එනවා මිසක් පොලව උඩට මතු වෙන්නෙ නැහැ

    Thanks mchn


    මේක කියවල බලපන් මචන්. ඌ හොදට පැහැදිලිකරලා තියෙනවා.

    http://www.elakiri.com/forum/showthread.php?t=1779431

    ela thanks
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔකට තියෙන එකම විසදුම චීනෙට බන්ඩාරගම අවුරුදු 99කට බදු දෙන එක...ඊට පස්සෙ unp කුක්කන්ට අවුරුදු 99 පස්සෙ මිනි වලෙන් නැකිටල ආපහු පවරගන්ඩ පුලුවන්නෙ...[/SIZE]

    කිස්තු වර්ශ 2116 දි බන්ඩාරගම ,චීනෙන් නැවත පවරා ගැනීමට වලෙන් නැකිටින unp කාරයෙක්...:yes::yes:



    :cool::cool:
    [/QUOTE]
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    20139920_1646267945386444_4283304607293823365_n.jpg
    20155880_1646267938719778_895117873649031196_n.jpg
    20139889_1646267952053110_8595102360617583434_n.jpg


    උමා ඔය ගැන පරිසර වාර්තා ලියූ කණ්ඩායම මෙන්න...(සහ එවක පරිසර අධිකාරියේ සභාපති)
    දිය ඇලි සිදී, නිවාස හිස මත පතිතවන බණ්ඩාරවෙල මිනිසුන්ගේ අදෝනාව ඔබට නෑසෙන්නේ ද?
    උමා ඔය ‘පරිසර බලපෑම් වාර්තාව‘ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය වෙනුවෙන් සකස් කළේ, කණ්ඩායම් නායිකාව ශ්‍රී ජයවර්ධනපුර වි.වි. යේ පශ්චාත් උපාධි පිඨයේ මහාචාර්ය ස්වර්ණා පියසිරි (Prog. S.Piyasiri) යි.
    පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ මහාචාර්ය නන්දලාල්,
    මහ පොළොව ගැන පට්ටපල් බොරු පරිසර වාර්තාවට ලීවේ ඩී.ඒ.ජේ. රන්වල (DAJ Ranwala - Hydrologist), කේ.ඒ.ඩබ්ලිව්. කොඩිතුවක්කු (Hidro-gelolgist) ය.

    RLP Chandrajith (Geologist) මහත්තයෝ පල්ලපේරුව ගමේ ගෙවල් හිස මත කඩා වැටෙනවා. අඩි 10 ට වැඩි විශ්කම්භයට මහ පොළොව ගිලා බහිනවා. ඔබ ට කියන්නට දෙයක් තියෙනවා ද?
    ප්‍ර‍ශාන්ත බන්දුල මණ්ඩාවල පුරා විද්‍යාව ගැන ඔබගේ විශේෂඥතාවට පින් සින්ධවෙන්ඩ දෝවේ පන්සල වලගම්බා රජතුමා ගේ සෙනවියෙක් එක රැයකින් නෙලුවා කියන ගල් පිළිමය, රාම සීතා කථාවේ හදවත ගිලා බහිනවා. සැප්තෑම්බර් වැස්සට බණ්ඩාරවෙල-බදුල්ල පාරත් එක්ක දෝව පන්සල නාය ගිය දවසට අර දැවැන්ත හිටි පිළිම විනාශ වෙච්ච දවසට ඔබට කියන්න දෙයක් තියෙනවා ද?
    Dr. UKGK Padmalal, Dept. of Zoology Open University, Dr Kamal Ranatunga (Zoology) SJP, Prof BMP Singhakumar SJP, Yatawara Gedera Wijeratne MASL (Sociologist/Resettlement expert), Dr. P. Gunawardene SJP, DAJ. Ranawala (Hydrologist), Dr. RLR. Chandrajith, Dept of Geology Peradeniya, R. Karunarathna (Irrigation Engineer), SK Weerasena (Electrical Engineer), AKDN Atukorala (Tunnel Expert Tunnel Engineer), DB Rambodagedera (Agronomist), KAW Kodituwakku, PGI of Science Peradeniya, Muni Gunaratne (Civil Engineer), MAK Munasinghe (Soil Scientist), Prashantha Bandula Mandawala SJP, Wijewickrama (GIS Specialist) NBRO, Dr. MMPathmalal Dept. of Zoology, SJP, අතුකෝලර (Tel. 081 2310600 ) උමං විශේෂඥ මහත්තයෝ, අපිට අහන්න තියෙන්නේ ‘උමං ඔය‘ හරහා සුද්දා කොච්චි පාර කැපුවේ නෑ. ඔබ ලිව්ව වාර්තාවේ තැන් 32 කින් හිල් වෙනවා කියලා ලිව්වාද? නැත්තම් වලවේ ගග වගේ බාගයක් වතුර හිල්වලින් එළියට එන්න පුළුවන් කියාලා ඔබ නොදැක්කාද? මේ මහා පාපකර්මයට ඔබ කර ගැහුවේ ඇයි? බදුල්ලේ මිනිස්සු ඔබේ උත්තරේ බලාගෙන ඉන්නවා.
    තිලක් කාරියවසම් ලා, හේමන්ත විතානගේ ලා, සජීව චාමිකර ලා කිව්ව දේවල්වලට ඔබ දුන්න උත්තර දැන් බණ්ඩාරවෙල නගරයේ දී මිනිස්සුන්ට ඇහෙන්න කියන්න පුළුවන් ද? කොළයක ලියලා දෙන්න පුළුවන් ද?
    ඌව පරණගම, වැලිමඩ, බණ්ඩාරවෙල, ඇල්ල, හාලිඇළ, වැල්ලවාය ජනතාවගේ හිස මත සංවර්ධනය කඩා වැටී ‘සංවර්ධන සරණාගතයින්‘ බවට පත් වී ඇත. සත්ත්ව විද්‍යාව පිළිබද විශේෂඥයින් කියා ගන්නා 6 දෙනෙකු සිටින මේ කමිටුවේ නිර්දේශ නිසා හීල්ඔය, කිතල් ඇල්ලේ ගැඩවිලි පණුවන් පවා මිය යමින් තිබේ.

    ඔබලා ඉහළ ඌව බිලිදෙන්න හදනකොට ‘දේශීය දැනුම‘ තිබුණ ගම්වල මිනිස්සු, ඔබගේ සහෝදර විශේෂඥයෝ කවුරුත් මේ අපරාධය ගැන ඔබට කිව්වාද? දැන් අද තත්වය ගැන ඔබලාට කියන්නට ඇත්තේ මොනාද?
    කීර්ති තෙන්නකෝන්

     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එදා බන්ඩාරවෙල ගැන ත්‍රේඩ් එකක් දාපු වෙලේ මම කිව්වා, ටනල් එකේ ඉෆෙක්ට් එක ගැන. වතුර නැතුව යනවා වගේම තමා ටනල් එක ප්‍රෙශර් වෙද්දි, පොලව යටින් ඉරි තැලුනු ද්‍රොනා දිගේ ආපහු උඩට වතුර එනවා කියලා. ඒ වෙලාවේ මට නොසැහෙන්න බැන්නා. ඇත්ත, මට ලොකු ඩිග්‍රී නැ ඉන්ජිනියරින් වල. හැබැයි ජිවිත කාලේ අත් දැකීම් වලින් ලොකේ දැකපු දෙයින් මම කිව්වා වෙන දේ.

    අන්න,
    අද බලන්න බන්ඩාරවෙල
    ඇල්ල දික්අරාව කියන ගම ආශ්‍රිතව වෙන දේ, ගෙවල්වලට ටයිල් යටින් වතුර එනව. කලින් පුපුරපු තැන් වලින් දැන් උඩට වතුර එනවා. පොලව ප්‍රෙශර් වෙනවා වැස්ස නිසා. මේක මම ලිව්වේ මම අනාවැකි කිව්වා කියලා කියන්න නෙමෙයි. නමුත් දේශපාලන හෙතු වලට පක්ශ විපක්ශ උන් මරාගත්තට ඉස්සරහට ලන්කාවේ ජල පොශක ප්‍රදේශ ඉවරෙටම ඉවරයි.. එච්චරයි.




    මේ තියෙන්නේ මම එදා කිව්ව දේ පල්ලෙහා ත්‍රේඩ් එකේ.
    http://www.elakiri.com/forum/showthread.php?p=21826712#post21826712



    http://nethnews.lk/article/43915
    උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ප‍්‍රධාන උමගෙහි ඇති වූ ජල කාන්දුවට මුද්‍රා තැබීම සඳහා කඩිනම් පියවර ගෙන ඇති බව මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් අනුර දිසානායක නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ජල කාන්දුව සම්බන්ධයෙන් සොයා බැලීමට කැඳවූ නෝර්වේජියානු විශේෂඥයාගේ මගපෙන්වීම සහ උපදෙස් පරිදි අදාළ කටයුතු ඉකුත් 18 වනදා ආරම්භ කළ බවයි.
    උමං කැණීම් යන්ත‍්‍රයට අලූතෙන් සවි කළ යුතු උපාංග, එම යන්ත‍්‍රය නිෂ්පාදනය කළ ජර්මන් සමාගම විසින් ගුවන් මගින් ශ‍්‍රී ලංකාවට එවීමට ද කටයුතු කර තිබෙනවා. අදාළ උපාංග සවි කර අවශ්‍ය වෙනස්කම් සිදු කිරීම ස`දහා එම සමාගමේ තාක්ෂණ ශිල්පීන් ද මෙරටට පැමිණ ඇති බවයි මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයා කියා සිටියේ.





    ඔය නිවුස් එකේ තියෙන ගැජට් එක තමා ඒදා මම කිව්වේ. මුන් ඔහේ හාරගෙන ගියා මිසක්, හාරන ගමන් කොන්ක්‍රිට් ස්ප්‍රේ කලේ නැ. දැනුයි එවා ගේන්නේ.



    http://www.citizen.lk/news/5121/emergency-call-to-bandarawela-dikarawa.html


    බණ්ඩාරවෙල ඇල්ල දික්අරාව ප්‍රදේශයේ ඇතිවූ හදිසි ගිලාබැසීමේ අවදානමක් හේතුවෙන් පවුල් 100කට පමණ ඉවත් වීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දී ඇති බවට වාර්තා වෙනවා.
    කෙසේ නමුත් මෙම පවුල් ඉවත්යාම සඳහා ඊයේ (27) සවස බස් රථ යවා තිබුන ද ජනතාව එම බස් රථ හරවා යැවීමට කටයුතු කර ඇතැ බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ. මෙම පිරිස බණ්ඩාරවෙල බිඳුණු වැව යොවුන් සේනාංක පරිශය වෙත යැවීමට නියමිතව තිබෙන අතර මේ වන විට පවුල් 30ක් අවධානම් සහිත ප්‍රදේශයෙන් ඉවත් කර තිබෙන බවට වාර්තා වෙනවා.
    උමාඔය ව්‍යාපෘතියේ ඉදිකිරීමේ කටයුතුවලදී ඇතිවූ භූමි පැල්මකින් හදිසියේ ජල බුබුළක් මතුවී ගලායාම සමග මෙම අවදානම මතුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.


    ඔන්න අද වෙලා තියෙන දේ.. මේක ගැන එදා මම කිව්වම මට හිනා උනා.

    ඔය ගමේ උනේ මොකක්ද කියල මම හරියටම දන්නෙ නෑ. එත් ඕකයි උඹ කියන සිද්ධාන්තයයි අතර මොනම සම්බන්ධයක්වත් නෑ.

    වැස්ස නිසා වතුර මතු වෙන්න පුලුවන්. ඒක උමා ඔය වියාප්රැතිය එක්ක සම්බන්ධ කරන්න එපා.

    උඹ කියන ඒවා බලද්දි හිනා යනවා...