පුටින්ස්ලට සෑහෙන අපල කාලයක් මේක..
සහය දුන් පක්ෂ සහ ජනතාව සීඝ්රයෙන් ඉවත් වෙමින් ලංකාවෙ පුටින්, බල්ල මාක් එකට වැටී ඇත.
ඒ වගේම රුසියාවෙ පුටින්, එක දවසින් යුක්රේනයේ බලය අල්ලනවා කියා, අද වෙන විට දවස් 26 ක් ගතවී ඇති අතර, මේ වනවිට යුධමය වශයෙන් දවසින් දවස අන්නපරාජයට පත්වෙමින් සිටී.
හුදකලා වී සිටින පුටින්ට ජනතා සහයෝගය හෝ තම හමුදා සහයෝගයත් අහිමි වෙමින් ඇත.
රුසියානු හමුදා සෙබළුන් ස්වෙච්ඡාවෙන් යුක්රේන අවි වලින් කකුලට වෙඩිතබාගෙන යුද්ධයෙන් ඉවත් වෙමින් සිටී.
යුධබිමේ සිටින සමහර රුසියානු සෙබළුන්, මේ යුද්ධය තමන්ගෙ හෝ රුසියාවෙ යුද්ධයක් නොවන බවත් මේක පුටින්ගේ යුද්ධයක් බව පවසා යුක්රේන රජයේ හමුදාවට බාර වෙමින් සිටි.
ඇමරිකාවෙන්, බ්‍රිතාන්‍යයෙන්, ජ'මනියෙන්, ඉතාලියෙන්, පෝලන්තයෙන්,ඊශ්‍රාලයෙන් සහ ඕස්ට්‍රේලියාවෙන් ලැබෙන නවීන අවි ආයුධ හමුවේ,
මේවන විට රුසියානු අවි ආයුධ හරි අඩක් පමණ විනාශ වී ගොස් ඇති නිසා ආයුධ හිගයකට පුටින් මුහුණ දී ඇත.
දෙදිනකට පෙර පුටින්, චීනයෙන් යුධ ආධාර ඉල්ලා සිටි නමුත්, බටහිර රට වල බලපෑම් හමුවේ, පුටින්ගේ එම ඉල්ලීම චීනය විසින් ප්‍රතික්ෂේප කර ඇත.
රුසියානු ආර්ථිකයට මේ වනවිට ඩොලර් බිලියන 450 ක් අහිමි වී ඇත. එය ආර්ථිකයේ 70% ක් වැනි අති විශාල අහිමි වීමකි.
රුසියාවේ රැකියා ලක්ෂ 3 ක් අහිමි වී ඇත.
ඇමරිකානු ඩොලරලට කරට කර සිටි රුසියානු රූබලය, දැන් ලංකාවෙ රුපියලහි අගයේ ආසන්න මට්ටමට පැමිණ ඇත.
ජාත්‍යන්තර මූල්‍ය සමාගම් සහ බැංකු විසින් දැමූ සම්බාධක නිසා මොස්කව් කොටස් වෙළදපොල සහ රුසියානු බැංකු කඩා වැටී ඇත.
මේ වනවිට වියරු වැටී සිටින පුටින්, යුක්රේනයේ සාමාන්‍ය ජනතාව සිටින පොදු ගොඩනැගිලි වලට මිසයිල ප්‍රහාර එල්ල කරමින් දිනපතා අහිංසක සාමාන්‍ය ජනතාව සහ ළමයින් සිය ගණන් මරා දමමින් සිටියි..