එන්නත්කරණයෙන් ද කොවිඩ් ව්‍යාප්තිය පාලනය කරගැනීමට නොහැකි තත්ත්වයක් මේ වනවිට උද්ගතවී ඇති බව විශේෂඥ වෛද්‍ය ලක්කුමා ප්‍රනාන්දු මහතා පවසයි.
විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය ලක්කුමා ප්‍රනාන්දු මහතා ඒ බව සඳහන් කළේ සූම් තාක්ෂණය ඔස්සේ එක්වූ මාධ්‍ය හමුවකදීය.
"වේගවත් එන්නත් ක්‍රියාවලියකින් ලෝකයේ අනෙක් රටවලට වඩා අපි ඉදිරියෙන් සිටිනවා. නමුත් අපිට මේ වගේ එන්නත් ක්‍රියාවලිය මගින් ගන්න තිබුණු උපරිම වාසිය ගන්න පෙර අපි මේ වගේ අවාසනාවන්ත තත්ත්වයකට මුහුණදීම ගැන කනගාටු වෙනවා. අද, හෙට, අනිද්දා, ලබන සුමානේ තියෙන රැල්ල නවත්වන්නට මේ එන්නත්කරණයට බෑ. මේ එන්නත්කරණයට පුළුවන් ඉදිරියේදී එන රැලි නවත්වන්න."
"අපි ජූලි 21 වනදා පැවති සංචරණ සීමා ඉවත් කරනකොටත් දෙමටගොඩ ප්‍රදේශයෙන් හමුවෙලා තිබුණා ඩෙල්ටා වෛරසය. දැන් අපි වටේ ඉන්න මිනිස්සු අතරින් ගොඩාක් දෙනෙකුට වෛරසය තියෙනවා."
තීන්දු තීරණ ගැනීමේ ප්‍රමාදය මෙම තත්ත්වයට ප්‍රධානතම හේතුව බවද විශේෂඥ වෛද්‍ය ලක්කුමා ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
