Nipah වෛරසය හඳුනාගැනීමට අවශ්‍ය පරීක්ෂණ කට්ටල ඇණවුම් කරයි

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    file-20230917-19-dbkgpq.jpg


    ඉන්දියාව ඇතුලු රටවල් කිහිපයකින් වාර්තාවී ඇති ‘නිපා’ වෛරසය හඳුනා ගැනීමේ විශේෂිත පරික්ෂණ කට්ටල මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

    කෙසේවෙතත් සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ, අදාළ වෛරසය සම්බන්ධයෙන් මෙරට ජනතාව අනියත බියක් ඇති කරගැනීමට අවශ්‍ය නොවන බවය.

    ඕනෑම අවදානම් තත්ත්වයකට මුහුණදීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය සහිත නිපා වෛරසය හඳුනාගැනීමට අවශ්‍ය විශේෂිත පරීක්ෂණ කට්ටල ඇණවුම් කර ඇති අතර ඒවා දින කිහිපයකින් මෙරටට ලැබීමට නියමිත බව සඳහන් වෙයි.

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වෛරස් විද්‍යා විශේෂඥ වෛද්‍ය ජානකි අබේනායක මහත්මිය සඳහන් කළේ නිපා වෛරසය ආසාදිත රෝගීන් සඳහා විශේෂිත ප්‍රතිකාර ක්‍රමයක් හෝ එන්නතක් ගෝලීයව මෙතෙක් නිෂ්පාදනයවී නොමැති බවය.

    කෙසේවෙතත් නිපා වෛරසය පැතිරීම ඉතා අඩුවේගයක් පෙන්නුම් කරන බැවින් එය රටවල් අතර පැතිරීමේ අවදානමක් නොමැති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා සඳහන් කළේය.

    nipah-virus-outbreak.png
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,126
    2,662
    113
    ඕකුන් කලිනුත් ඔවාමනේ බන් කිව්වේ. එයාර්පෝට් එකේ ස්කෑන් කරන කැමරා හයි කළා බල්ලෙක්ටවත් එකෙන් බේරිලා එන්න බැහැ කිව්වා. අන්තිමට කොරෝන හදුනා එවුන්ගෙ ඇට දෙක විතරයි ගැලෙව්වේ නැත්තේ. අර චීන කෙල්ලෙක්ව හොද කරා කියල උම්මත් දුන්නේ. අන්තිමට ඔක්කටම කෙලවල ගියේ. ලෙඩ්ඩුන්ට ඇඳවල් මිනිස්සුමයි හදල දුන්නේ. ඇදක් වත් නැති සවුක්ය සේවය. මේ පාරත් හොද ආතල් එකක් සෙට් වෙයි.
     
    • Like
    Reactions: NRTG

    Sumanafer

    Well-known member
  • Jun 25, 2021
    629
    1,072
    93
    ඇත්තටම අපේ රටට අවොත් එන ප්‍රස්න තමා පුච්චනවද වලලනවද....අනිත් ඒවා එච්චර ප්‍රස්න නෙමෙයි
     
    • Like
    Reactions: NRTG