එන්නත් දෙකම ලබා ගත් ජනතාවට දැනුම් දීමක්

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,033
    153,133
    113
    hfY_T9AmbI6AKtbRYdQ_t4SFGupOdEJAtLcuJCPJ1vpgMXRRg70SaaLoV4RMeK_2BsNHCOsE6V_xVsTTREUyCiJOjkrhbCDisN9_3C2wZNZJ6nf19ReWC9RSxQfqcwBZJh6oB4k32QHutEn8NYml


    මෙරට කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ පූර්ණ එන්නත්කරණයට ලක් කෙරුණු පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ වැඩසටහනක් මේවනවිට ආරම්භ කර තිබෙනවා. ඒ, ජාතික කොවිඩ් 19 එන්නත් තහවුරු කිරීමේ ඇමතුම් මධ්‍යස්ථානය මගින්.
    එලෙස ලියාපදිංචි වීමට නම් කුමන හෝ කොරෝනා මර්දන එන්නතක මාත්‍රා 02 කම ලබාගෙන තිබීම අනිවාර්යය වනවා. එලෙස එන්නත් මාත්‍රා 02 ම ලබාගෙන ඇති පුද්ගලයින් 1945 ක්ෂණික දුරකථන අංකය හරහා ජාතික කොවිඩ් 19 එන්නත් තහවුරු කිරීමේ ඇමතුම් මධ්‍යස්ථානය අමතා එහිදී ලබාදෙන උපදෙස් අනුව ලියාපදිංචි විය හැකියි.

    එලෙස ලියාපදිංචි වීමේදී තමන් සතු කොරෝනා මර්දන එන්නත්කරණ කාඩ් පතෙහි කාණ්ඩ අංකය ඉදිරිපත් කිරීම අනිවාර්යය වනවා.



    Source: nethnews.lk
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ලියාපදිංචි උනාම අපිට මොනාද ලැබෙන්නෙ? ලියාපදිංචි නොවුනොත් අපිට වෙන පාඩුව මොකක්ද? 1945 නොම්මරේට ගත්තොත් සල්ලි කැපෙනවද?
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    ඕකට කෝල් කරන්න ඕනෙද
    ලේසි විදියක් හදන්න තිබ්බනෙ, ටූල්ස් පාව්ච්චි කරන්නෙ නෑනෙ මේ ගොල්ලො
    ලේසි විදියක් 🤭 🤭

    කලින් දවසේ වෙච්ච මරණ ගානයි, අලුතින් එකතු වෙච්ච ලෙඩ්ඩු ගානයි හරියට ගණන් කර ගන්න බැරි එවුන් එක්ක මොන tools ද


    කටින් වැඩ කෝටියයි
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,171
    1
    58,534
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Why another registration required ?
    Registrations everywhere 🤣
    රජයේ සේවකයින් බහුතරයකගෙ රාජකාරිය රෙජිස්ටර් කිරීම තමයි. ඒක ඔන්ලයින් කරන්න හැදුව නම් ලක්ෂ 5ක් විතර ගෙදර යවන්න තිබුන කුඹුරක් කොටපිය කියල.
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,829
    3,004
    113
    ඔරකල් ඩේටබේස් එකට දාන්න වෙන්න ඇති උඹල පණ්ඩිත නොවී කෝල් එකක් දීපන්
     
    • Like
    Reactions: Stimulus mind

    Similar threads