අදත් අමුතු සිද්දියක් උනා
මම රෑ 9.36ට exට text එකක් යැව්වා මට ඔයාව මතක් වෙනවා කියලා,හරියටම 9.46ට එයාගෙ කොල්ලයි කියන කෙනාගෙ නම්බරෙන් මට text එකක් එනවා,ඒ ආපු text ඔක්කොගෙම වචන හැසිරීම තනිකරම කෙල්ල කලින් මාත් එක්ක මැසේජ් කරපු විදිහට සමානයි.මීට සති කීපයකට කලින් මම අදුරණ පොඩි එකෙක් exට මගෙ පොටෝ යවලා අදුරනවද අහලා තිබ්බා,ඒ වෙලාවෙ එයා එවලා තිබ්බ text වල හිස්තැන් තියන විදිහ වචන කඩලා තියන විදිහ වචන හැසිරීම නැවතීම තියන විදිහ 100%ක්ම අද එයාගෙ කොල්ලයි කියන කෙනාගෙ නම්බරෙන් ආපු text වලට සමානයි.
මර නම් සැරටම හිතෙන්නෙ උන්ගෙ පව්ලෙ උනුයි ඒකියී මාව ලොකුවටම තම්බනවා.ඔය එයාගෙ කොල්ලගෙ කියන නම්බරෙන් මට දවසක් මැසේජ් එකක් ආවා "මල්ලි ලව් එක නවත්තන්න පුලුවන්ද මම ඔයාට රුපියල් 50000ක් දෙන්නම් කියලා".කෙල්ලගෙ හැසිරීමත් පට්ටම වෙනස් ඉස්සරට වඩා(ආරංචි මාර්ග වලින් ආරංචි උනේ confirm නෑ).දවසක් කෙල්ලව මට class යද්දි හම්බුනා ඒකි මම දිහා බැලුවෙ පට්ටම අව්ල් විදිහට(කියාගන්න බැරි දුකක් හිතේ හංගගෙන වගේ)
Spoiler: කලින් උන සිද්දිය
මනුස්සයෙක් fb account දෙකක් හදනකොට තමන්ගෙ නමේ අකුරු,ස්ත්‍රී/පුරුෂ භාවය,උපන්දිනය වරදිනවා කියන්නෙ එසේ මෙසේ ලෙඩක් නෙවේ,account දෙකේ post වැටෙන්නෙ දෙවිදිහකට,සැක් plan එක මාට්ටු උනේ ඊයේ(මේක මේ අවුරුද්දෙ ඔක්තෝම්බර් මාසෙ උන සිද්දියක්)
එක්කයි මේවයි පොඩ්ඩක් සසදලා බලනකොට මට පැටලිලි සහගත නිගමන පහකට එන්න පුලුවන් උනා
1 කෙල්ලගෙ තාත්තා මම දන්න තාරමින් පට්ට ගේම් කාරයෙක්(ජොබක්වත් නැතුව ගෙදර ඉන්නෙ හැබැයි හොදට සල්ලි තියනවා),පොර කෙල්ලගෙන් මාව ගලවන්න කෙල්ලව බය්කරලා ඒකිගෙන් පෝන් එක අරගෙන මැසේජ් දාලා මාව අන්දනවා.
2 කෙල්ලට කොල්ලෙක් ඉන්නවා ඌ whatsapp web එකට කෙල්ලගෙ whatsapp එක link කරගෙන ගෑනිව සැක කර කර පොන්නයෙක් වගේ ඒකිගෙ එකෙන් වෙන උන් එක්ක මැසේජ් කරනවා.
3 මම ලේසියකට දෙයක් අතාරින මනුස්සයෙක් නෙවේ අනිත් එක් මම මට ඕනෙ දෙයක් හොදින් හරි නරකින් හරි කරනවාමයි.කෙල්ල පව්ලෙ උන් එක්ක එකතුවෙලා මාව ඒකිගෙන් අයින් කරවන්න හදනවා.
4 කෙල්ලගෙ තාත්තට කෙල්ලො දෙන්නයි ගෑනියි නඩත්තු කරගන්න බැරුව(උඩ 1 කියලා තියනව වගේ සල්ලි නැතුව සල්ලි තියනවා වගේ රගපෑවා වෙන්න පුලුවන්) කෙල්ලයි කොල්ලයි දෙන්නාව බන්දලා දීලා,කොල්ලා කෙල්ලගෙ පෝන් එකෙන් මැසේජ් කරනවා,{මම එකපාරක් කෙල්ලගෙ තාත්තා කොල්ලගෙ ගෙවල් පැත්තට බයික් එකේ යනවත් දැක්කා බන්දලා දීලා වෙන්නත් පුලුවන්(බැදලා වෙන්නත් වගේ බෑ කෙල්ල නංගිව ගන්න සමහර වෙලාවට ස්කෝලෙ ගාවට එනවා)}
5 එක්කො මේ ඔක්කොම සිරාවටම වෙනවා,මට පිස්සු හැදිලා මම අනික් උන්වත් පිස්සු වට්ටනවා
කොහොමද මගෙ මොලේ ඔලුව මඤ්ඤං වෙනවා නේද