එන්න සෙල්ලමක් කරන්න.

darts

Member
Aug 19, 2011
12
3
0
එන්න සෙල්ලමක් කරන්න.

හලො යලුවනේ මම මීට අවුරුද්දකට විතර කලින් EK එකේ ඉදල පස්සෙ මේක එපවෙලා අයින් උන. දේශපාලනෙ හා ආගම් අතර යුද්ද මේකෙ වැහි වැහැල.

ඒත් දිගටම EK එක පැත්තෙ ආව ඔපදූප බලල යන්න. ඔන්න මම අයිත් අලුත් නමකින් එකතු උණා කලින් user id එහෙම දැන් මතක නැහැ.


පළවෙනි ත්‍රෙඩ් එකෙන් discussion එකක් පටන් ගමු.

කවුද Darts කියන ක්‍රීඩාව ගැන දන්නෙ ...?
කව්ද මේක ක්‍රීඩා කරල තියෙන්නෙ..?
මේකෙන් මොනවද ලැබෙන්නෙ...?

මම මේ අහන්නෙ මෙක මහා පරිමානෙන් ක්‍රීඩා කිරීම නෙවේයි. අපි අපේ කාමරෙ බොඩ් එකක් එල්ලල කා කට්ටකින් හරි ගහල තියෙනවද කියන එක.

එහෙම අපි නිකමට කටු විසි කරල ගැහුව්වට අපිට ලැබෙන්නෙ මොනවද...?

අපිට එහෙම හිතෙනව. අපේ අම්ම එහෙම දැක්කම එයාට යකා නගිනව බිත්ති හිල් කරන්ව දොරෙන් ගන්න දෙයක් නැහැ කියල. එහෙම ඒත් මේ ක්‍රීඩාවෙන් කවෘත් නොහිතන දෙයක් අපිට ලැබෙනව.
පි ජීවත් වෙන්නෙ තරගකාරී ලොකෙක ඔෆිස් වල පට්ට බිසී වැඩක් නැතත් ඔලුවෙ වැඩ කොටියක් තියෙනව. වාහනයක් එලවද්දි අපි ජීවත් වෙන්නෙ වෙනම ලොකෙක.. කැම කද්දි බත් එක බෙදා ගන්නව මතක තිබුනට සමහරවිට අන්තිම කට කද්දි අපේ ඔලුව තියෙන්නෙ එක්කො ඔෆිස් එකේ නැත්තන් වෙන තැනක.

මාර්ග අනතුරු වැඩියෙන් වෙන්නෙ මොකද කියල හිතල බලල තියෙනවද. ?

ඒකට කියන්නෙ නොසැලකිල්ල කියලලු. ඒත් එහෙම වෙන්නෙ කොහොමද. ? අපි වාහන එලවද්දි එක එක ලොකවලට පියඹනව ඉන්නෙ මෙලො සිහියක් නැතුව. ඉන්නෙ මේ ලොකෙ නම් අනතුරු වෙන්න ඉඩක් නැහැ. මොක්ද හැම වෙලේම අවදානයෙන් ඉන්න නිසා. ඒත් සංකීර්ණවෙච්ච සමාජය එක්ක ඒක වෙනස් වෙලා.
ඔන්න අපි අයේ කටුවලින් කරන ක්‍රීඩාවට එමු.

මේ ක්‍රීඩාවෙන් ලැබෙන එකම දෙය මානසික සහනය .. කරපු අයට ඒකෙ ඇත්ත කතාව තේරේවි. අපි පට්ට බිසී වෙලා ඉන්න වෙලාවක මේ ක්‍රීඩාව පොඩ්ඩක් බ්‍රේක් එකකට කරල බලන්න.

අපි කරන ඔනෙම දෙකට වැඩිය මෙ ක්‍රීඩාව වෙනස්. කැරම් වගේ ක්‍රීඩාවකුත් මේ හා සමානයි.
ඇස් දෙකට අවශ්‍ය තැනට තමන්ගේ අතින් ඩාට් ඊතලය යවන්න මානසික සන්යමයක් ඔන වෙනව එතකොට වෙන ලොකවලින් පහලට බැහැල පොඩ්ඩක් ඔලුව එක තැනකට ගන්න මනසට හිතෙනව.

English ෆිල්ම් වල ඔෆිස් ඇතුලෙ මේබොඩ් එල්ලල තියෙනව දැකල ඇති ලංකාවෙත් ඔය ලොකු ලොකු පොස්ට් වල ඉන්න පොරවල් කියන කට්ටියගෙ කාමරේ මෙවගෙ බොඩ් එකක් එල්ලල තියේනව දැකල ඇති. මොලේ රත් උන වෙලාවකට ඩාට් පාරක් ගැහුවම ඔලුව පොඩ්ඩක් relax වෙනව. ඒවගේම මෙක දාඩිය දාගෙන කරන්න ඔනෙත් නැහැ. කැරම් වගේ රෙඩා පොට් වෙනකන් ගහන්න ඔනෙ කියල නියමයකුත් නැහැ.

එකම target එක තමයි කොහොම හරි ඔක්කොම ඩාට්ස් මැදට aim කරන එක. නීති රීති ගොඩක් තියෙන ක්‍රීඩවක් මේක එවගෙම රෙඩ පොට් කරන්ව වගේම අමාරුවෙන් ඉවර කරල දිනන්න ඔනෙ.

ඒත් මම මෙ කිව්වෙ. අපිට එදිනෙදා ඩාට් උසෙ කරන්න පුලුවන් විදියක්..
ඔන්න ඔයාලගෙ අදහස් දාන්න.

මම ඩාට්ස් කියල ID එක ගත්තෙ ලේසියට මතක හිතින නිසා. ඒත් පළවෙනි එකට මාතෘකාවක් නැති නිසාඅ ඩාට්ස්ම ගත්ත ඒකටත්.



539695-tn_Darts002.gif
__________
559061-tn_dart.gif
___________
539691-tn_Darts001.gif