එන්න ළමයි Emission Test එකෙන් ලෙඩ අඳුර ගමු - බයික් පමණයි

AnuradhaRa

Well-known member
  • මම නං ඉස්සෙල්ලම බලන්නෙ O2 එකයි CO2 එකයි

    O2 අඩුවෙන් (2-5ත් අතර) CO2 වැඩියෙන් (8-12ත් අතර) තියෙනවනං හොඳයි

    O2 ඔක්සිජන්CO2 කාබන් ඩයොක්සයිඩ්
    6.26010.130
    7.4709.600
    4.28010.570
    3.92010.340

    ඕක කණපිට හැරෙනව කියන්නෙ බයික් එක අවුල්
    ඒ කියන්නෙ ඔක්සිජන් වැඩි වෙලා, කාබන් ඩයොක් සයිඩ් අඩු වෙන එක


    O2 ඔක්සිජන්CO2 කාබන් ඩයොක්සයිඩ්
    9.9307.720
    11.6307.060
    11.6206.450
    8.4508.280

    මෙහෙම වෙන්නෙ එක්කො ප්ලග් එක අවුල්, නැත්තං අනවශ්‍ය විදියට පෙට්‍රල් වායු මිශ්‍රණය Lean කරල

    ඒ දෙකෙන් මොකක්ද කියල හරියටම තීරණය කරන්නෙ Lambda අගය HC සහ CO දිහා බලල

    නිවැරදි කිරීමක් ! @PHBhagya තමා පෙන්නල දුන්නෙ
    ලැම්ඩ අගය 1ට වඩා ගොඩක් විශාල ‌වෙලා (1.4 - 1.9 වගේ) තියෙනවනං සහ HC 500-2000 තරම් වැඩි අගයක් ගන්නවනං, CO ත් දශම ගාණකට හොදටම අඩු වෙලා නම්
    පෙට්‍රල් Lean කරල වැඩියි, පෙට්‍රල් වහල වැඩියි

    ලැම්ඩ අගය විශාල වෙලා CO සහ HC ත් වැඩි නම්, අපිට සැක කරන්න වෙන්නෙ ප්ලග් එක



    මීට අමතරව O2 ත් අඩු වෙලා CO2 ත් අඩු වෙන්න (සහ HC, CO දෙකම වැඩි වීමට) හේතු

    1. එයා ෆිල්ටරේ බ්ලොක්, ඒ හින්ද දහනයට අවශ්‍ය කරන වායුව අවශ්‍ය පරිදි ලැබෙන්නෙ නෑ
    2. ඉන්ධන වායු මිශ්‍රණය Rich වැඩියි
    3. ප්ලග් එක සවුත්තු වුණාමත් දහනය හරියට වෙන්නෙ නෑ. එතකොටත් කාබන් මොනොක්සයිඩ් පිට වෙනව වැඩියි

    yg0elFn.jpeg


    මේ අර @Candid-B හු#$ ගෙ ක්ලච් බයික් එක :lol:
    දුම් වාර්තාව හොදටම හොදයි
    දැක්ක නේද O2/CO2 අනුපාතය, සුපිරියටම තියෙනව
    ලැම්ඩ අගය 1 ට ඉතා ආසන්නයි.
    HC ටිකක් වැඩි වෙලා තියෙන්නෙ මං හිතන්නෙ ඉන්ධන වායු මිශ්‍රණය රිච් නිසා, එයා ෆිල්ටරය සුද්ද කරල, ප්ලග් එකත් සුද්ද කරල බලන්න HC තව ගොඩක් අඩු වෙයි. HC වැඩියි කියන්නෙ ඉන්ධන නාස්තියක්
    CO ත් තව අඩු වෙයි, පෙට්‍රල් තව ටිකක් වහපං :P

    රෝද හතරෙ වාහන තරමට බයික් තිතටම ටියුන් කරන්න බෑ. ක්ලච් බයික් ටිකක් පුලුවන්
    ඉතිං බයික් පදින අපට කරන්න වෙන්නෙ තව ටිකක් මිශ්‍රණය Lean කරන එක (ලැම්ඩ අගය 1.1-1.2 වගේ විතර)
    ස්කූටර් වල නං 1.2-1.4 තියන්න වෙනව. නැත්තං දුම් වාර්ථාව ෆේල් වෙනව


    අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ, දුම් වාර්තාවක් ගන්න කලියෙන්
    එයා ෆිල්ටර් එක සුද්ද කරගන්න, නැත්තං අලුත් එකක් දාන්න

    ප්ලග් එක සවුත්තු වෙලානං අලුත් එකක් දාන්න, මේක ගොඩක් අය හිතන්නෙ නෑ

    තව දෙයක් ප්ලග් එක වීක් වුණාම, බයික් එක ස්ටාට් කළාම පෙට්‍රල් ගඳ එනව
    ඒකට හේතුව නොදැවී ඉතුරු වෙන HC නිසා
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Disel engine bump
    ඩීසල් එන්ජින් නෙමේ මේව

    පෙට්‍රල් වලින් දුවන 4 Stroke බයික් ගැන දාල තියෙන්නෙ
    විශේෂයෙන් ස්කූටර් ගැන

    අපේ පරණ ස්කූටරේ

    9CVCMEe.jpeg
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,221
    1
    61,626
    113
    Mother Earth
    මේ අර @Candid-B හු#$ ගෙ ක්ලච් බයික් එක
    දුම් වාර්තාව ඉතාම හොදයි
    දැක්ක නේද O2/CO2 අනුපාතය, සුපිරියටම තියෙනව
    ලැම්ඩ අගය 1 ට ඉතා ආසන්නයි.
    HC ටිකක් වැඩි වෙලා තියෙන්නෙ මං හිතන්නෙ ඉන්ධන වායු මිශ්‍රණය රිච් නිසා, එයා ෆිල්ටරය සුද්ද කරල, ප්ලග් එකත් සුද්ද කරල බලන්න HC තව ගොඩක් අඩු වෙයි. HC වැඩියි කියන්නෙ ඉන්ධන නාස්තියක්
    CO ත් තව අඩු වෙයි
    දැක්කද අපි වගේම තමයි අපේ බයිසිකලුත්. නියම genuine. එන්ජිම කියන්නේ බයිසිකලේ හදවත. හදවත හොඳ මිනිහට කවදාවත් වරදින්නේ නෑ. 🤷🏻‍♂️
     

    AnuradhaRa

    Well-known member
  • මේ විස්තර ගත්තේ කොහෙන් ද? උන් ගේ සිස්ටම් එකෙන් ද

    අපේ ස්කූටරේ
    අනිත් ස්කූටරේ එකත් මම නිකං ටයිප් කෙරුව
    emission test කොල ටික මම එකතු කරල තියා ගත්ත
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,108
    3
    118,812
    113
    Gampaha
    දැක්කද අපි වගේම තමයි අපේ බයිසිකලුත්. නියම genuine. එන්ජිම කියන්නේ බයිසිකලේ හදවත. හදවත හොඳ මිනිහට කවදාවත් වරදින්නේ නෑ. 🤷🏻‍♂️
    මටනං මේකෙ වාර්ථාව දැක්කම හිතෙන්නෙ, අයඩ්ල් එයා කන්ට්‍රෝල් ඇණේ ගැලවෙන ගාණටම බුරුල් කරල ටෙස්ට් එකට දාල වගේ...
    යන්න බැරි ගාණට මිස් ඇති. HC වැඩි වෙලා කාබන් මොනෝසයිඩ් අඩුවෙලා තියෙන්නෙ ඒකයි...

    පෙට්‍රල් දහනය වෙන්නෙ නෑ. මික්ස්චර් එක ලින් වැඩියි. තව පොඩ්ඩක් පෙට්‍රල් ඇරල බැලන්ස් කරගන්න නැත්තං ප්ලග් පිච්චෙන්න බලනව...
     

    AnuradhaRa

    Well-known member
  • මටනං මේකෙ වාර්ථාව දැක්කම හිතෙන්නෙ, අයඩ්ල් එයා කන්ට්‍රෝල් ඇණේ ගැලවෙන ගාණටම බුරුල් කරල ටෙස්ට් එකට දාල වගේ...
    යන්න බැරි ගාණට මිස් ඇති. HC වැඩි වෙලා කාබන් මොනෝසයිඩ් අඩුවෙලා තියෙන්නෙ ඒකයි...

    පෙට්‍රල් දහනය වෙන්නෙ නෑ. මික්ස්චර් එක ලින් වැඩියි. තව පොඩ්ඩක් පෙට්‍රල් ඇරල බැලන්ස් කරගන්න නැත්තං ප්ලග් පිච්චෙන්න බලනව...

    ඉන්දියන් ස්කූටර් මෙහෙම තමා මචං

    ලැම්ඩ 1.0-1.2 තියනව කියන්නෙ පෙට්‍රල් පිච්චෙනව හෙනට, දුම් පරීක්ෂණේ පාස් කරගන්නත් බෑ

    මෙහෙම තමා ඇජස් කරල දෙන්නෙ ගියාම, ඒ දවස්වල මම ඕව එච්චර බැලුවෙත් නෑ

    කිසිම මිස් කිරිල්ලක් නෑ හැබැයි, හොදට ඇදල යනව

    වැඩි හරියක් තියෙන්නෙ 1.3-1.4 වගේනෙ


    මේ අනිත් ස්කූටරේ, ප්ලෙෂර් අලුත් මොඩ්ල් එක, බලන්නකො ෆැක්ටරි සෙටිංස් එක :baffled: පෙට්‍රල් වහලම දාල
    බයික් එක අදිනවත් හොරයි, ඒ දවස්වල මට මේව තේරෙන්නෙත් නෑ @PHBhagya

    6AvY3Ya.jpeg


    HC වැඩි වෙලා කාබන් මොනෝසයිඩ් අඩුවෙලා තියෙන්නෙ ඒකයි...
    ඔව් නේ ලීන් වැඩියි (y)
    ප්ලග් එක නෙමේ

    HC CO දෙකම වැඩි වෙලා නම් ප්ලග් එක තමා...
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,221
    1
    61,626
    113
    Mother Earth
    මම නම් ඔය හුත්තවල් බලන්නේ නෑ. සර්විස් කරනවා පදිනවා. 🤷🏻‍♂️ මේ ළඟදී air filter එක දැම්ම.
     
    • Like
    Reactions: AnuradhaRa