මම සාමාන්‍යයෙන් ලංකා ඊ නිව්ස් පච කබර මෙතන දන්නේ නැහැ. එත් මේක දැක්කහම නොදා ඉන්න හිතුනේ නැහැ.
ලංකා ඊ නිව්ස් -2015.පෙබ.22, ප.ව.11.45) ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු රටේ මාධ්‍ය මර්දනය අහවර කිරීමත් සමග ලංකාවේ මරාවාදී ජඩමාධ්‍ය කරුවන් විසින් එම නිදහස තම සුපුරුදු නීච ජාතිවාදය වැපිරීමේ නිදහසක් ලෙස අවභාවිතා කරන අයුරු පසුගිය දින කිහිපයේ ඔවුන්ගේ මාධ්‍ය පුරා දකින්නට ලැබිණ.
කොහේවත් නැති කසිප්පුකාර සිවුරුකාරයෙක් අල්ලාගෙන ඔහුගේ මුවින් පිටකරන ජාතිවාදී විෂ හෝ රටේ හිටපු ජනාධිපතිවරියකට කරන නින්දා වචන හෝ කිසිදු සංස්කරණයකින් තොරව ලංකාවේ ජඩමාධ්‍ය විසින් පතුරුවා හරිති. තුට්ටු දෙකේ පක්ෂයක නීච මාධ්‍ය ප්‍රකාශකයෙක් අල්ලාගෙන ඔහුගේ අසත්‍ය ජාතිවාදී බිය ගැන්වීම් ජනාධිපතිටත් වඩා කාලයක් සහ ඉඩ කඩක් දෙමින් ප්‍රචාරය කරති. මේ තක්කඩි ජඩමාධ්‍යකාරයන් සිතාගෙන ඉන්නේ මාධ්‍ය නිදහස යනු එය කියා ය.
සංස්කෘතික මිනිසුන් ජීවත් වන දියුණු මාධ්‍ය නිදහසක් තිබෙන රටවල පවා එවැනි වල් බූරු නිදහසක් නැත. පසුගියදා එංගලන්තයේ වසර 150 ක් පැරණි දිනපතා ලක්ෂ 10 ක අලෙවියක් තිබූ එවැනි පුවත් පතක් පවා එරට අධිකරණයෙන් තහනම් කර දැම්මේය. කිසිවෙක් එය මාධ්‍ය නිදහසට කළ තර්ජනයක් සේ සැලකුවේ නැත.
ලංකාවේ මේ ජඩමාධ්‍ය කරුවන් බලය ගිලිහුණු රෙජීමයේ කොන්ත්‍රාත්තුව බාර ගනිමින් කරන මේ අවලම් සෙල්ලමට එරෙහිව අද කුරුණෑලදී අගමැති රනිල් දැඩි ප්‍රහාරයක් එල්ල කෙළේය.
තොරතුරු දැනගැනීමේ අයිතිය යනු ජාතිවාදී කෝලහාල ඇවිලවීම නොවේ යයිද වඳින්නම් මේ ක්‍රියාව නතර කරන්නැයි ද කියා ඉල්ලා සිටි අගමැති වරයා එසේ නොකරන්නේ නම් තමන්ද දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට අනතුරු ඇඟවීය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වැඩි දුරටත් මෙසේ කීය.
“ජාතිවාදය නැති කිරීමට ගත්ත ක්‍රියා මාර්ග වලට කණ්ඩායම් දෙකක් විරුද්ධ වුනා. එකක් තමයි උතුරු පළාත් සභාවේ මහ ඇමැතිතුමා කරපු ජාතිවාදී ප්‍රකාශය. ඒකට හොඳ කනේ පාරක් ජාත්‍යන්තර ප්‍රජාවම දුන්නා. මාර්තු ඕනේ නෑ අපි සැප්තැම්බර් මාසේ ගන්නවා කියලා කනේ පාර දුන්නා. මං ඊට පස්සේ පිළිතුරු දෙන්න වැඩක් නෑ. ඊලඟට අද ජාතිවාදය හදන්න මුද්‍රිත මාධ්‍යයෙන් බලනවා. ඒ පත්තර ගණනාවක් කියෙව්වොත් ‘ආපහු ත්‍රස්තවාදය එනවා. මේක බෙදෙනවා අරක බෙදෙනවා‘ කියලා සිංහල පත්තර ගණනාවක තිබුනා. මේ අය තමයි මහින්ද රාජපක්ෂට කඩේ ගියේ. මේ අය තමන්ගේ අනෙක් මාධ්‍යවේදීන් ආණ්ඩුවෙන් මර්දනය කරනකොට නිෂ්ශබ්ද වෙලා ආණ්ඩුවට උපකාර කළා මේ මර්දනය ගෙනියන්න. එක්නැලිගොඩ අතුරුදහන් කළහම ඒකට අත්පුඩි ගහපු අය ඉන්නවා. ඔක්කොම කරලා අන්තිමට මහින්ද රාජපක්ෂ ජයග්‍රහනය කෙළේ නෑ. ජනතාව ඒගොල්ලො ප්‍රතික්ෂේප කළා. මේ කණ්ඩායමට කාරණා දෙකක් කරන්න බැරි වුනා. අවුරුදු 10 ක් බැලුවා මාව විනාශ කරලා දේශපාලනයෙන් ඉවත් කරන්න. මං මෙතන ඉන්නවා. ඒගොල්ලො බැලුවා මහින්ද රාජපක්ෂව මේ සැරේ ජනාධිපති කරන්න. ඒකත් බැරි වුනා. ඒගොල්ලො ගිහින් කරපුවා, රාජපක්ෂ රෙජීමයෙන් කාල බීල සල්ලි ගත්ත ඒවා, කරපු ඒවා, ඔක්කොම මම දන්නවා. රාජපක්ෂ රෙජීමයෙන් හම්බකරපු අය මාධ්‍ය අරගෙන පත්තර කරන්න හදනවා. ඒගොල්ලො මාධ්‍යයේ ඉන්න හොඳත් නෑ ව්‍යාපාර වල ඉන්න හොඳත් නෑ. ඒ ගොල්ලො මේ ආපහු ජාතිවාදය අදින්න යනවා. තොරතුරු දැන ගැනීමේ අයිතිය දෙන්නේ ජාතිවාදී කෝලහාල ඇති කරන්න නෙමෙයි. වැඳල කියන්නම්, ඔය සෙල්ලම කරන්න එපා. ඒව යහපාලනයට අයිති නෑ. තමන් හැදෙන්න ඕනේ. හැදෙන්නේ නැත්නම්, මේ ජාතිවාදය අදින්න එනවා නම් අපිත් ලෑස්තියි පිළිතුරු දෙන්න කියලා මං කියනවා. උදාහරණ කීපයක් බලන්න. මේ අය ආණ්ඩුවෙයි පත්තරෙයි දෙකේම තනතුරු තියාගත්තා. කිසිම ලැජ්ජාවක් නැතිව. අනුර සොලමන්ස් කියන්නේ ජනාධිපතිගේ උපදේශක අනෙක් පැත්තෙන් දිවයින පත්තරේ කර්තෘ. දිවයින අයිතිකාරයන් ගැන අපි විභාගයක් කරනවා. සිසිර පරණතන්ත්‍රී මං එක්ක වැඩ කරලා මං හදලා දීපු මිනිහෙක්. මං නම් කරලා කියන්නේ. නම් වහලා කියලා වැඩක් නෑ. ඉරුදින පත්තරේ. මෙතන ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ මාධ්‍යයට. ඉස්සෙල්ලා ගිහින් සැබෑ මාධ්‍යවේදීන්ගෙන් සමාව ඉල්ලන්න. තමන් රාජපක්ෂගේ වැසිකිලිය හේදුවා, මාධ්‍යවේදීන් පාවලා දුන්නා කියලා. වෙන වචන වලින් කියනවා නම් සක්කිලි වැඩේනේ කෙළේ... මං ජනාධිපති මහින්ද රාජපක්ෂ කළා වගේ මේගොල්ලන්ව කැඳවන්න ගියේ නෑ. ඒත් ඒක තේරෙන්නේ නැතිනම් ලබන සුමානේ මුද්‍රිත මාධ්‍යයේ අයිතිකරුවන්වයි කර්තෘන්වයි ඔක්කොම කැඳවනවා. ඒගොල්ලෝ රාජපක්ෂ රෙජීමයේ රෙගුලාසි අනුව වැඩ කරනවා නම් මමත් ඒකට හරියන්න ක්‍රියාකරන්නම්. කියන්න තියෙන දේ අපි කෙලින් කියමු.“
Last edited:

