එපා යලි හමුවන්න ජීවිතේ ගමන් මග (Sad Song)
එපා යලි හමුවන්න ජීවිතේ ගමන් මග
ඔබෙන් මට උරුම වූ වේදනා කදුලු ගඟ
හිරු සිනාසෙන ලොවක පැතුම් මල් දෙවට ලඟ
ඔබේ ජීවන සුවද අරන් ඈතට යන්න
සංසාර ගමන් මග සෙනෙහස සොයා දිනක
ආ ගමන නිමා කල ඔබේ හදවත ගාව
සෙනෙහසේ අවසාන කදුලු බිදුවක පහස
ගලා යයි අතීතේ මියඇදුනු සොහොන ලග
ඔබම වෙත තිලිණ කල ඔබේ බැතිබර සුවඳ
මගේ මතකය වසා සදා කල් රැදෙනු ඇත
සංසාරයේ යලිදු නවාතැන් සොයා යන
මගේ මළගම දාට ඇවිත් යන්නට එන්න
එපා යලි හමුවන්න ජීවිතේ ගමන් මග
ඔබෙන් මට උරුම වූ වේදනා කදුලු ගඟ
හිරු සිනාසෙන ලොවක පැතුම් මල් දෙවට ලඟ
ඔබේ ජීවන සුවද අරන් ඈතට යන්න
සංසාර ගමන් මග සෙනෙහස සොයා දිනක
ආ ගමන නිමා කල ඔබේ හදවත ගාව
සෙනෙහසේ අවසාන කදුලු බිදුවක පහස
ගලා යයි අතීතේ මියඇදුනු සොහොන ලග
ඔබම වෙත තිලිණ කල ඔබේ බැතිබර සුවඳ
මගේ මතකය වසා සදා කල් රැදෙනු ඇත
සංසාරයේ යලිදු නවාතැන් සොයා යන
මගේ මළගම දාට ඇවිත් යන්නට එන්න
