එබ්රහම් ලින්කන් සහ ජෝන් එෆ්.කෙනඩි

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    එබ්රහම් ලින්කන් සහ ජෝන් එෆ්.කෙනඩි

    එබ්රහම් ලින්කන් සහ ජෝන් එෆ්.කෙනඩි කියන්නෙ ඇමරිකාවෙ හිටපු ශේෂ්ඨතම ජනාදිපතිවරැ දෙදෙනෙක්.. ඒ දෙන්නා ගැන ගොඩක් අය නොදන්න පුදුම සිදුවිමි රාශියක් තිබෙනවා.....දන්නැති අයට දැනගන්නත් එක්ක මම ඒවා දාන්නම්‍....

    1.එබ්රහම් ලින්කන් ඇමරිකානු කොන්ග්‍රස් මණ්ඩලයට තේරි පත් වුයේ වර්ෂ 1846 දිය.
    ජෝන් එෆ්.කෙනඩි ඇමරිකානු කොන්ග්‍රස් මණ්ඩලයට තේරි පත් වුයේ වර්ෂ 1946 දිය.

    2.එබ්රහම් ලින්කන් ඇමරිකාවෙ ජනාදිපති වශයෙන් තේරි පත් වුයේ වර්ෂ 1860 දිය.
    ජෝන් එෆ්.කෙනඩි ඇමරිකාවෙ ජනාදිපති වශයෙන් තේරි පත් වුයෙ වර්ෂ 1960 දිය.

    3.ලින්කන්(lincoln), සහ කෙනඩි(kennedy) යන නම්‍ දෙක සමන්විත වි තිබෙන්නෙ ඉංගීසි අකුරැ හතකිනි. මෙ ජනාදිපතිවරැ දෙදෙනාම විශේෂයෙන් මානව අයිතිවාසිකම්‍ පිලිබද සුවිශේෂ කාර්යභාරයක් ඉටුකර ඇත.

    4.මොවුන් දෙදෙනාම අති දක්ෂ කතිකයන් ලෙස සැලකේ. ජනාදිපතිවරැ දෙදෙනාගේම භාර්යාවන්ට ධවල මන්දිරයේ (white house) සිටි කාලය තුල දරැවන් අහිමි විය.

    5.ලින්කන් ජනාදිපතිවරයාගේ ලේකම්‍ කෙනඩි නම්‍ විය.කෙනඩි ජනාදිපතිවරයාගේ ලේකම්‍ ලින්කන් නම්වි්ය.

    6.ජනාදිපතිවරැ දෙදෙනාම වෙඩි තබා ඝාතනය කරන ලද්දෙ සිකුරාදා දිනකදිය. දෙදෙනාටම වෙඩි වැදි තිබුනෙ හිස ප්‍රදේශයටය.

    7.ජනාදිපතිවරැ දෙදෙනාම ඝාතනය කරන තිබුනේ දකුණු ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනෙකි. මේ ජනාදිපතිවරැ දෙදෙනාගේ ඇවැමෙන් පසු ඇමරිකාවෙ ජනාදිපතිවරැ වශෙයන් ‍තෝරාගන්නා ලද්දේද දකුණු ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනෙකි.එම ජනාදිපති පදවියට හිමිකාරිත්වය ලැබු පුද්ගලයන් දෙදෙනාගේම නම්‍ ජොන්සන් (johnson) නම්‍ විය.

    8.ලින්කන් ජනාදිපතිවරයාට පසු ජනාදිපති පදවියට පත් වු ඇන්ඩෲ ජොන්සන් (Andrew johnson) උපත ලබා තිබුනේ 1808 දීය. කෙනඩි ජනාදිපතිවරයාට පසු ජනාදිපති පදවියට පත් වු ලින්ඩන් ජොන්සන් (lyndon johnson) උපත ලබා තිබුනේ 1908 දීය.

    9.ලින්කන් ජනාදිපතිවරයා ඝාතනය කරන ලද ජොන් විල්ක්ස් බුත් ( john wilkes booth) නැමති පුද්ගලයා උපත ලබා තිබුනේ 1839 දීය.කෙනඩි ජනාදිපතිවරයා ඝාතනය කරන ලද ලී හාවේ එස්වල්ඩ් (Lee harvey oswald) නැමැති පුද්ගලයා උපත ලබා තිබුනේ 1939 දීය.

    10.මෙම ඝාතකයන් දෙදෙනාම හදුනා ගත්තෙ ඔවුන්ගේ නම්‍ තුනෙනි. මේ දෙදෙනාගේම නම්‍ සමන්විත වි තිබේන්නෙ ඉංගීසි අකුරැ 15 කිනි.

    11.ලින්කන් ජනාදිපතිවරයාගේ ඝාතකයා වු බුත් නෟත්‍ය ශාලාවක සිට පැමිණි අතර ඔහු බඩු ගබඩාවක් තුලදි අල්ලා ගන්නා ලදි. කෙනඩි ජනාදිපතිවරයාගේ ඝාතකයා වු ඔස්වල්ඩ්‍ බඩු ගබඩාවක සිට පැමිණි අතර නෟත්‍ය ශාලාවක් තුලදි අල්ලා ගන්නා ලදි. බුත් සහ ඔස්වල්ඩ් යන පුද්ගලයන් දේදෙනාම නඩු විභාගයට පෙර ඝාතනය කරනු ලැබිය...........

    --------පොතපත ඇසුරෙනි------

    kennedyLincoln.png


    If you liked this link Karma button ekka click karala comment ekkak dala yanna