එබෝලා වෛරසය යුරෝපයට සහ ආසියාවටත්
මාරාන්තික එබෝලා වෛරසය යුරෝපය සහ ආසියාවට පැතිරයාමේ අවදානමක් පවතින බව ජාත්‍යන්තර සෞඛ්‍ය විශේෂඥයන් පෙන්වා දී තිබෙනවා. මේ වනවිට අප‍්‍රිකානු මහද්වීපයට අයත් රටවල සීග‍්‍රයෙන් පැතිර යන එබෝලා වෛරසය හේතුවෙන් පසුගිය මාස කිහිපය තුළ පමණක් මියගිය සංඛ්‍යාව 672 ක්. ඇමරිකාව මේ වනවිටත් අප‍්‍රිකානු රටවල විවිධ ක්‍ෂෙත‍්‍රවල සේවයේ නියුතු සිය වැසියන් නැවත ඇමරිකාව වෙත ගෙන්වාගැනීම ආරම්භ කර තිබෙනවා. බි‍්‍රතාන්‍යයද සිය වැසියන්ට විශේෂ අනතුරු ඇඟවීමක් සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ. යුරෝපා සංගමය මෙම මාරාන්තික එබෝලා වෛරසය යුරෝපය වෙත පැතිර ගියහොත් එය පාලනය කිරීම සඳහා අවශ්‍ය ක‍්‍රියාමාර්ග මේ වනවිටත් ගෙන ඇති බව සඳහන්.
hiru


