එයාර් බෑග් මාරයා ⚠️️

wiki

Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    (චන්ද්‍රසිරි ජයවික්‍රම මහතා විසින් 2018 මෝටර් කාරිමික දැනුමට ලියන ලද ඉතාම වටිනා ලිපියක්, මෙහි වටිනාකම නිසාම නැවත පලකරමි. )
    මේ photo වල තියෙන ලෝහ කොටස තමයි අවසනාවත විදියට අපෙන් සමුගත් විමුක්ති මහතාගේ ශරීරය ඇතුලට ගිහින් තියෙන්නේ.
    ටකාටා එයාර් බෑග් රීකෝල් කැම්පේන්

    ටකාටා කෝප්‍රේෂන්(Takata Corporation /タ カ タ 株式会社 Takata Kabushiki Gaisha) කියලා කියන්නේ ජපානයේ මූලික කරගෙන රටවල හතරක නිෂ්පාදන පහසුකම් සහිතව එහි යුරෝපීය මූලස්ථානය ලෙස ජර්මනියේ මූලිකව නිෂ්පාදන පහසුකම් නවයක් ද පවත්වාගෙන යන මෝටර් රථ අමතර කොටස් සමාගමක්. 2013 වසරේදී ටකාටා එයාර් බෑග් පිපිරීයාම නිසා වූ මරණ හා තුවාල මාලාවක් හේතුවෙන් ටකාටා එයාර් බෑග් වලින් සමන්විත මෝටර් රථ මේ කියන නැවත කැඳවීම සඳහා හේතු වෙලා තියෙනවා.

    මේ සමාගම විසින් 1988 සිටම මෝටර් රථ සඳහා එයාර් බෑග් නිපදවන අතර 2014 වන විට වෙළඳපලෙන් 20% ලෙස පැවතුනත් 2013 වසර තුළදී වාහන නිෂ්පාදකයින් කිහිප දෙනෙකු විසින් ටකාටා එයාර් බෑග් පිලිබඳව කරන ලද පැමිණිලි හේතුවෙන් මෝටර් රථ විශාල වශයෙන් නැවත කැඳවන ලද අතර ඒ‌ අනුව මෙම ගැටලුව දශකයකට පෙර ආරම්භ වී ඇති බවටත් වාර්තා පලවෙනවා.

    මොකක්ද මේ ටාකාටා එයාර් බෑග් රීකෝල් කැම්පේන් කියලා කියන්නේ?

    ටකාටා සමාගම විසින් නිපවන ලද එයාර් බෑග් වල දෝෂයක් නිසා,එම දෝෂ සහිත එයාර් බෑග් වෙනුවට අලුත් එයාර් බෑග් මාරැ කරන්න කරලා තියෙන සිහිකැඳවීමට කියනවා ටකාටා එයාර් බෑග් රීකෝල් කියලා.

    මෙහි සිදුවන භායනකම දේ තමයි අනතුරකදී ඩ්‍රයිවර්ස් සහ පැසෙන්ජර් එයාර් බෑග් පිපිරී යාමක දී,එයාර් බෑග් මෙටල් ඉග්නයිටර් චේම්බර් එකේ නිෂ්පාදන දුර්වල තාවයක් නිසා එහි තියෙන කුඩා යකඩ කැබැල්ලක් එයාර් බෑග් එක හරහා කෙලින්ම රියදුරා වෙත හෝ ඉදිරි පස ගමන් කරන මගියා වෙත ගමන් කිරීම නිසා මරණය හෝ මාරාන්තික තුවාල සිදුවීම කියන එක.

    මේ වෙනකොට මේ දෝෂ සහිත ටාකාටා එයාර් බෑග් නිසා ලොව පුරා මාරක අනතුරැ 100 කට වඩා සහ මරණ 18 කට වඩා සිදුවෙලා කියලා වාර්තාවෙලා තියෙනවා.ඒ‌ නිසා දෝෂ සහිත ටාකාටා එයාර් බෑග් සවි කරලා තියෙන මෝටර් රථ නැවත කැඳවා තියෙන නිසා තමන් භාවිතා කරන මෝටර් රථයත් මේ කියන ටකාටා රීකෝල් එක පවතිනවද නැද්ද කියලා දැන වැදගත් නිස බොහෝ රටවල් අන්තර් ජාලය හරහා සහ අදාල මෝටර් රථ අලෙවි නියෝජිතයා මගින් දැන ගැනීමට සලස්වලා තියෙනවා සහ අනිවාර්‍ය්‍ය කරලා තියෙනවා.

    2013 ඉඳලා 2018 දක්වා මේ ටකාටා එයාර් බෑග් රීකෝල් තියෙන වාහන ලෙස Acura, Audi, BMW, Cadillac, Chevrolet, Chrysler, Daimler Trucks North America, Daimler Vans,Dodge/Ram, Ferrari, Fisker, Ford, GMC, Honda, Infiniti, Jaguar, Jeep, Land Rover, Lexus, Lincoln, Mazda, McLaren, Mercedes-Benz, Mercury, Mitsubishi, Nissan, Pontiac, Saab, Saturn, Scion, Subaru, Tesla, Toyota, and Volkswagen ඇ‌තුලත් වෙනවා.

    09/07/2018

    මෝටර් කාර්මික දැනුම-356
    FB_IMG_1675602165024.jpg
    FB_IMG_1675601910958.jpg


    Screenshot_20230205-160651_Chrome.jpg

    ------ Post added on Feb 5, 2023 at 6:47 PM
     

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,596
    1,002
    113
    honda witharak newe machan godak wahana wala oya issue eka thiyenawa. mage wahaneth recall karala replace kala 2017 hari 2018 withara. Takata recall kiyala search karala balanna loku list ekak enawa.
    Lankawe company import kale nathnan anith import walata data base ekak naha. sale karaya hari hadana thanaka inna kenek me gana danuwath nathnan owa malata replace wenne naha. Anthimata marenakanma danne naha.
     
    • Like
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    honda witharak newe machan godak wahana wala oya issue eka thiyenawa. mage wahaneth recall karala replace kala 2017 hari 2018 withara. Takata recall kiyala search karala balanna loku list ekak enawa.
    Lankawe company import kale nathnan anith import walata data base ekak naha. sale karaya hari hadana thanaka inna kenek me gana danuwath nathnan owa malata replace wenne naha. Anthimata marenakanma danne naha.
    Honda wala wadi case ekak thiyenawa. Me eeye pereda DO NOT DRIVE warning ekakuth deela

    iAGtA2Q.png


    Fatalities wadimath Honda vehicles wala lu

    https://www.newsomelaw.com/practice...d-injuries-were-caused-by-the-takata-airbags/

    honda prices adu wenawa balapanko
    ------ Post added on Feb 5, 2023 at 7:18 PM
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,055
    8,332
    113
    නිවුස් එක දෙන වෙලේ දන්නැතුවැති. සෝෂල් මීඩියා වලින් තමයි උනුත් දැනගන්නෙ :lol:
    ඒ දැනගත්තත් උන් ඕව දාන්නෙ නෑ බං. නියම නිව්ස් එක නේ උංට මාර්කට් කරන්න

    ඇත්තටම මෙතැන ලොකු අනතුරු ගතියක් තිබිලද? වෙන වාහන එකක්වත් වැටිල නැද්ද මේ වගේ? මම ඔය දුර ගමන් යද්දි මෙහෙම පාරවල් හාරපු තැන්නම් ඕන තරම් සෙට් වෙලා තියෙනව එක එක විදියට කොටු කරල. සිහියක් නැතුව ඩ්‍රයිව් කරොත් ඉතිං වැටෙන්න පුලුවන්.
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    ඒ දැනගත්තත් උන් ඕව දාන්නෙ නෑ බං. නියම නිව්ස් එක නේ උංට මාර්කට් කරන්න

    ඇත්තටම මෙතැන ලොකු අනතුරු ගතියක් තිබිලද? වෙන වාහන එකක්වත් වැටිල නැද්ද මේ වගේ? මම ඔය දුර ගමන් යද්දි මෙහෙම පාරවල් හාරපු තැන්නම් ඕන තරම් සෙට් වෙලා තියෙනව එක එක විදියට කොටු කරල. සිහියක් නැතුව ඩ්‍රයිව් කරොත් ඉතිං වැටෙන්න පුලුවන්.
    ඇක්සිඩන්ට් එක නම් ඩ්‍රයිවර්ගෙ වරද තමා ඒත් මනුස්සයාට මොකුත් වෙන්නෑ අර එයාබෑග් අවුල හදාගෙන තිබුණා නං
     
    • Like
    Reactions: NRTG and Solo Rider