එයාර් බෑග් මාරයා ⚠️️

BumpiRide

Member
Feb 6, 2023
3
0
1
(චන්ද්‍රසිරි ජයවික්‍රම මහතා විසින් 2018 මෝටර් කාරිමික දැනුමට ලියන ලද ඉතාම වටිනා ලිපියක්, මෙහි වටිනාකම නිසාම නැවත පලකරමි. )
මේ photo වල තියෙන ලෝහ කොටස තමයි අවසනාවත විදියට අපෙන් සමුගත් විමුක්ති මහතාගේ ශරීරය ඇතුලට ගිහින් තියෙන්නේ.
ටකාටා එයාර් බෑග් රීකෝල් කැම්පේන්

ටකාටා කෝප්‍රේෂන්(Takata Corporation /タ カ タ 株式会社 Takata Kabushiki Gaisha) කියලා කියන්නේ ජපානයේ මූලික කරගෙන රටවල හතරක නිෂ්පාදන පහසුකම් සහිතව එහි යුරෝපීය මූලස්ථානය ලෙස ජර්මනියේ මූලිකව නිෂ්පාදන පහසුකම් නවයක් ද පවත්වාගෙන යන මෝටර් රථ අමතර කොටස් සමාගමක්. 2013 වසරේදී ටකාටා එයාර් බෑග් පිපිරීයාම නිසා වූ මරණ හා තුවාල මාලාවක් හේතුවෙන් ටකාටා එයාර් බෑග් වලින් සමන්විත මෝටර් රථ මේ කියන නැවත කැඳවීම සඳහා හේතු වෙලා තියෙනවා.

මේ සමාගම විසින් 1988 සිටම මෝටර් රථ සඳහා එයාර් බෑග් නිපදවන අතර 2014 වන විට වෙළඳපලෙන් 20% ලෙස පැවතුනත් 2013 වසර තුළදී වාහන නිෂ්පාදකයින් කිහිප දෙනෙකු විසින් ටකාටා එයාර් බෑග් පිලිබඳව කරන ලද පැමිණිලි හේතුවෙන් මෝටර් රථ විශාල වශයෙන් නැවත කැඳවන ලද අතර ඒ‌ අනුව මෙම ගැටලුව දශකයකට පෙර ආරම්භ වී ඇති බවටත් වාර්තා පලවෙනවා.

මොකක්ද මේ ටාකාටා එයාර් බෑග් රීකෝල් කැම්පේන් කියලා කියන්නේ?

ටකාටා සමාගම විසින් නිපවන ලද එයාර් බෑග් වල දෝෂයක් නිසා,එම දෝෂ සහිත එයාර් බෑග් වෙනුවට අලුත් එයාර් බෑග් මාරැ කරන්න කරලා තියෙන සිහිකැඳවීමට කියනවා ටකාටා එයාර් බෑග් රීකෝල් කියලා.

මෙහි සිදුවන භායනකම දේ තමයි අනතුරකදී ඩ්‍රයිවර්ස් සහ පැසෙන්ජර් එයාර් බෑග් පිපිරී යාමක දී,එයාර් බෑග් මෙටල් ඉග්නයිටර් චේම්බර් එකේ නිෂ්පාදන දුර්වල තාවයක් නිසා එහි තියෙන කුඩා යකඩ කැබැල්ලක් එයාර් බෑග් එක හරහා කෙලින්ම රියදුරා වෙත හෝ ඉදිරි පස ගමන් කරන මගියා වෙත ගමන් කිරීම නිසා මරණය හෝ මාරාන්තික තුවාල සිදුවීම කියන එක.

මේ වෙනකොට මේ දෝෂ සහිත ටාකාටා එයාර් බෑග් නිසා ලොව පුරා මාරක අනතුරැ 100 කට වඩා සහ මරණ 18 කට වඩා සිදුවෙලා කියලා වාර්තාවෙලා තියෙනවා.ඒ‌ නිසා දෝෂ සහිත ටාකාටා එයාර් බෑග් සවි කරලා තියෙන මෝටර් රථ නැවත කැඳවා තියෙන නිසා තමන් භාවිතා කරන මෝටර් රථයත් මේ කියන ටකාටා රීකෝල් එක පවතිනවද නැද්ද කියලා දැන වැදගත් නිස බොහෝ රටවල් අන්තර් ජාලය හරහා සහ අදාල මෝටර් රථ අලෙවි නියෝජිතයා මගින් දැන ගැනීමට සලස්වලා තියෙනවා සහ අනිවාර්‍ය්‍ය කරලා තියෙනවා.

2013 ඉඳලා 2018 දක්වා මේ ටකාටා එයාර් බෑග් රීකෝල් තියෙන වාහන ලෙස Acura, Audi, BMW, Cadillac, Chevrolet, Chrysler, Daimler Trucks North America, Daimler Vans,Dodge/Ram, Ferrari, Fisker, Ford, GMC, Honda, Infiniti, Jaguar, Jeep, Land Rover, Lexus, Lincoln, Mazda, McLaren, Mercedes-Benz, Mercury, Mitsubishi, Nissan, Pontiac, Saab, Saturn, Scion, Subaru, Tesla, Toyota, and Volkswagen ඇ‌තුලත් වෙනවා.

09/07/2018

මෝටර් කාර්මික දැනුම-356View attachment 196476View attachment 196477

View attachment 196478
------ Post added on Feb 5, 2023 at 6:47 PM
ehen meheta car eka import karaddi recall eka fix karala nemeida ewanne?
 

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    ehen meheta car eka import karaddi recall eka fix karala nemeida ewanne?
    Recall eka patan gaththeth 2013 nam ithin 2013 ta kalin cars kohomath fixed wenna bane. 2013 ta passe import karapuwa nam samaharawita fix karala athi
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    ow. ehen recall eka fix karala meheta GENAWATH OKA WENNA PULUWAN NE?
    naha fixed nam aye oka wenne na.

    Prashne thiyenne inflator eke build quality eka adui (bad welds, rust-prone etc) and use karala thiyena chemical eka (ammonium nitrate) cheap. Aluthin replace karanne redesigned inflators and chemical eka wenas (tetrazole) e inflators blast wenne naha airbag deployment ekakadi
     

    BumpiRide

    Member
    Feb 6, 2023
    3
    0
    1
    naha fixed nam aye oka wenne na.

    Prashne thiyenne inflator eke build quality eka adui (bad welds, rust-prone etc) and use karala thiyena chemical eka (ammonium nitrate) cheap. Aluthin replace karanne redesigned inflators and chemical eka wenas (tetrazole) e inflators blast wenne naha airbag deployment ekakadi
    ow ne. ela