එය යහපාලනය නම් විය
යහපාලනය ගේන්නට දතකෑ වර්තමාන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා, පොදු අපේක්ෂකයාව සිටි සමයේ නිතර නිතර මිමිණූ මන්ත්‍රයක් වූයේ "ප්‍රජාතන්ත්‍රවාදයයි" "අපි මේ රටේ නැවත ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය කරන්න ඕනි" මේ එතුමාගේ මැතිවරණ වේදිකාවල නිතර නිතර ඇසුණු ශෝකාලාපයි,
අපේ උගත් බුද්ධිමත් ජනතාවගේ අහිංසක පැතුම සඵල කරමින්, මෛත්‍රීපාල සිරිසේන මහතා රටේ ජනාධිපති බවට පත්වෙයි,
ව්‍යවස්‍ථාදායකයේ බහුතරය හෝ බහුතර විස්වාසය නොමැතිව, ආතක් පාතක් නැතිව සිටි රනිල් වික්‍රමසිංහව රටේ අගමැතිවරයා බවට පත් කරන්නේ, එකළ පැවති සන්ධාන ආණ්ඩුව සහ අගමැතිවරයා බලයේ සිටින විටමය,
ඒකාලේ අලුත් පරපුරේ යැයි කියා ගන්නා එවුන්ට ගැහුවා කියපු එවුන් අද ආසන සංවිධායකලා කර ඇත්තේ ඒ අහිංසක ප්‍රජාතන්ත්‍රවාදී ජනාධිපතිමය,
මහමැතිවරණයේදි ජනතාව ප්‍රතික්ශේප කරපු පරාජිත අමන දේශපාලකයින්ව ඡන්දය අවසන් වූ පසුත් ජාතික ලැයිස්තුව වෙනස්කොට නැවත පාර්ලිමේන්තුවට කැන්ඳාගෙනා එන්නේ මෛත්‍රිපාල සිරිසේන නම් අව්‍යාජ මිනිසාය.
"මම දේශපාලනය කරන්නේ බල තණ්හාවට නෙමෙයි" මෙහෙම කියන්නේ අපේ සිරිසේන ජනාධිපතිමය, "දේශපාලනය යනු බල අරගලයක්" බව අපි නම් ඉගෙන ගත්තේ උසස්පෙළ පංතිවලදීය , ඉතින් බලයට ආසාවක් නැත්තන් ඔබ තුමා දේශපාලනය කරන්නේ මොන රෙද්දකටද කියා ඇසිය යුතුය,
උතුර, නැගෙනහිර ආදී සුළු ජනකොටස් බහුලව ජීවත් වන ප්‍රදේශ වල අද මාර්ග නීතිය පවා, හරියට ක්‍රියාත්මක නොවන බව මාධ්‍ය මගින් කියා සිටියදීත්, යහපාලනය ඒවාට සද්ද නැත්තේ , ආණ්ඩුව පවත්වාගෙන යාමට නම් සුළුජාතිකයන්ගේ උපකාරය අවශ්‍ය බැවිණි, මෙය බල තණ්හාව නොවේද???
කෙටියෙන්ම කියනවා නම් යහපාලනය බලයට ආවේ නැති ප්‍රශ්න ඇතිකර ඒවා අනුන්ගේ ගිණුමට දමාය, ආපේ උගත් බුද්ධිමත් ජනතාව සිටිනතුරු , මෙවන් ඔළමොට්ටලයන් රජ වෙන එක ස්ථීරය...