එය යහපාලනය නම් විය

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,626
    113
    colombo
    එය යහපාලනය නම් විය

    යහපාලනය ගේන්නට දතකෑ වර්තමාන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා, පොදු අපේක්ෂකයාව සිටි සමයේ නිතර නිතර මිමිණූ මන්ත්‍රයක් වූයේ "ප්‍රජාතන්ත්‍රවාදයයි" "අපි මේ රටේ නැවත ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය කරන්න ඕනි" මේ එතුමාගේ මැතිවරණ වේදිකාවල නිතර නිතර ඇසුණු ශෝකාලාපයි,
    අපේ උගත් බුද්ධිමත් ජනතාවගේ අහිංසක පැතුම සඵල කරමින්, මෛත්‍රීපාල සිරිසේන මහතා රටේ ජනාධිපති බවට පත්වෙයි,

    ව්‍යවස්‍ථාදායකයේ බහුතරය හෝ බහුතර විස්වාසය නොමැතිව, ආතක් පාතක් නැතිව සිටි රනිල් වික්‍රමසිංහව රටේ අගමැතිවරයා බවට පත් කරන්නේ, එකළ පැවති සන්ධාන ආණ්ඩුව සහ අගමැතිවරයා බලයේ සිටින විටමය,
    ඒකාලේ අලුත් පරපුරේ යැයි කියා ගන්නා එවුන්ට ගැහුවා කියපු එවුන් අද ආසන සංවිධායකලා කර ඇත්තේ ඒ අහිංසක ප්‍රජාතන්ත්‍රවාදී ජනාධිපතිමය,
    මහමැතිවරණයේදි ජනතාව ප්‍රතික්ශේප කරපු පරාජිත අමන දේශපාලකයින්ව ඡන්දය අවසන් වූ පසුත් ජාතික ලැයිස්තුව වෙනස්කොට නැවත පාර්ලිමේන්තුවට කැන්ඳාගෙනා එන්නේ මෛත්‍රිපාල සිරිසේන නම් අව්‍යාජ මිනිසාය.

    "මම දේශපාලනය කරන්නේ බල තණ්හාවට නෙමෙයි" මෙහෙම කියන්නේ අපේ සිරිසේන ජනාධිපතිමය, "දේශපාලනය යනු බල අරගලයක්" බව අපි නම් ඉගෙන ගත්තේ උසස්පෙළ පංතිවලදීය , ඉතින් බලයට ආසාවක් නැත්තන් ඔබ තුමා දේශපාලනය කරන්නේ මොන රෙද්දකටද කියා ඇසිය යුතුය,

    උතුර, නැගෙනහිර ආදී සුළු ජනකොටස් බහුලව ජීවත් වන ප්‍රදේශ වල අද මාර්ග නීතිය පවා, හරියට ක්‍රියාත්මක නොවන බව මාධ්‍ය මගින් කියා සිටියදීත්, යහපාලනය ඒවාට සද්ද නැත්තේ , ආණ්ඩුව පවත්වාගෙන යාමට නම් සුළුජාතිකයන්ගේ උපකාරය අවශ්‍ය බැවිණි, මෙය බල තණ්හාව නොවේද???

    කෙටියෙන්ම කියනවා නම් යහපාලනය බලයට ආවේ නැති ප්‍රශ්න ඇතිකර ඒවා අනුන්ගේ ගිණුමට දමාය, ආපේ උගත් බුද්ධිමත් ජනතාව සිටිනතුරු , මෙවන් ඔළමොට්ටලයන් රජ වෙන එක ස්ථීරය...
     
    • Like
    Reactions: vito

    thilinasb

    Well-known member
  • May 11, 2009
    4,992
    778
    113
    මහනුවර
    ඕව අද ඊයේ ලංකාව නුපුරුදු ජාති නෙමෙයි බන් ඉතිහාසේ බලපන් එක දේ අප්සට වෙන්නේ
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,626
    113
    colombo
    thilinasb:21905823 said:
    ඕව අද ඊයේ ලංකාව නුපුරුදු ජාති නෙමෙයි බන් ඉතිහාසේ බලපන් එක දේ අප්සට වෙන්නේ
    මුන් ඒත් හැදෙන්නෙ නෑ
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    තරු 7 ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යක් වන ශ්‍රී ලංකාවේ දිනෙන් දින ජනතාවගේ ජන්ද නමැති අයිතිය වසර 2කකට වැඩි කාලයක් උදුරා ගෙන ඇත.
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඔයිට වෙනස් ඩැල් එකක් මේ ඉතිහාසේ ලන්කාව පාලනය කරලා තියෙනවද බන්. උන් ඔක්කොම එකයි බන්. 2500ක මෙව්වා එකක් කිය කිය හිටියට ඒ 2500ටත් කලේ ඔකමනේ. එකෙක් මරල අනිකා රජවෙනවා. තාත්තා මරලා පුතා ගල් උඩ මාලිගා ගහනවා. දැන් ඒකත් ඒ කාලෙට සාපේක්ශව ජනතාව දුක් විදිනකොට ආතල් ගත්තු එකක් තමා. කොයි කාලෙත් හැම එකාම කලේ ඒක.
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,626
    113
    colombo
    Mewan_Rose:21905866 said:
    තරු 7 ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යක් වන ශ්‍රී ලංකාවේ දිනෙන් දින ජනතාවගේ ජන්ද නමැති අයිතිය වසර 2කකට වැඩි කාලයක් උදුරා ගෙන ඇත.


    ඒකනේ යහපාලනේ කියන්නෙ
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,626
    113
    colombo
    Google_Boy:21905881 said:
    ඔයිට වෙනස් ඩැල් එකක් මේ ඉතිහාසේ ලන්කාව පාලනය කරලා තියෙනවද බන්. උන් ඔක්කොම එකයි බන්. 2500ක මෙව්වා එකක් කිය කිය හිටියට ඒ 2500ටත් කලේ ඔකමනේ. එකෙක් මරල අනිකා රජවෙනවා. තාත්තා මරලා පුතා ගල් උඩ මාලිගා ගහනවා. දැන් ඒකත් ඒ කාලෙට සාපේක්ශව ජනතාව දුක් විදිනකොට ආතල් ගත්තු එකක් තමා. කොයි කාලෙත් හැම එකාම කලේ ඒක.

    රටටවත් දෙයක් කරනවා නම් දුක නෑ
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    යහපාලනය බලයට ආවේ නැති ප්‍රශ්න ඇතිකර ඒවා අනුන්ගේ ගිණුමට දමාය. අද ඒවා ඔවුනට පාරාවලල්ලක් වී ඇත.
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,626
    113
    colombo
    රඹා:21909777 said:
    ithin ban ubalata hodai ne me anduwen

    පෞද්ගලිකව මට නම් මොන දේවල් හම්බුනත් වැඩක් නෑ, රටට කෙළිනවා නම්
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,626
    113
    colombo
    jayanathek:21909848 said:
    යහපාලනය බලයට ආවේ නැති ප්‍රශ්න ඇතිකර ඒවා අනුන්ගේ ගිණුමට දමාය. අද ඒවා ඔවුනට පාරාවලල්ලක් වී ඇත.


    Yesyes